ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සෙනසුරාදා සිට අද උදෑසන දක්වා ලක්ෂ අටකට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි නල්ලතන්නි පොලිසිය කියයි.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය මරේ වතුයායේ ද, රථගාල්වල ද, නල්ලතන්නියේ සිට මස් කෙළිය දක්වාත්, මාවුස්සාකැලේ හංදියේ සිට නෝර්ටන්බ්‍රිත් මාර්ගයේත් කිලෝමීටර පහළොවක් පමණ දුරට නවත්වා ඇතැයි පොලිසිය පවසයි.

මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකයෙන් නල්ලතන්නියට ඇතුළු වී ඇති වාහන පිටව යන තුරු වෙනත් වාහන ඇතුළු නොකිරීම නිසා මාවුස්සාකැලේ මාර්ග බාධකයේ සිට කිලෝමීටර දහයක් පමණ දුර නල්ලතන්නියට පයින් යෑමට සිදුවී ඇතැයි වන්දනාකරුවෝ පවසති.

වාහන තදබදය අවම කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇත.

DSC00171 (Copy) DSC00175 (Copy) DSC00191 (Copy) DSC00203 (Copy) DSC00206 (Copy) DSC00209 (Copy) DSC00213 (Copy) DSC00218 (Copy) DSC00225 (Copy) DSC00230 (Copy)