කළුගලින් නිම කැර පිත්තල ආවරණවයකින් ආරක්ෂා කැර ඇති දොළොස්මහේ පහන නල්ලතන්නියේ සිට කොටස් වශයෙන් සිරිපා මළුවට රැගෙන යෑම අද ඇරැඹිණි.
පහනේ බර කිලෝ 8613 කි. මීදුම නිසා මෙහෙයුම ගමන් වාර තුනකට පමණක් සීමා විය.
දින දෙකකදී කිලෝ හයදාහක් මහ මළුවට රැගෙන ගිය බව එම් අයි 17 හෙලිකොප්ටර් නියමුවෝ කියති.
රැගෙන යායුතු මුලු කිලෝ ප්‍රමාණය විසිදහසකි.ප්‍රධාන ගුවන් නියමු වින් කමාන්ඩර් එම් කේ එස් කේ මහීපාල පැවසුයේ මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවට රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ලබන පස් වැනිදා දක්වා උදේ හයත් සවස හයත් අතර සිරිපා මළුවට නොයන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී සුමන සමන් දෙවියන් මතු බුදු වේවා! (නදී)
තෙරුවන් සරණයි ලෝක වාසි සැමටම (දී)
මිට පෙර මම දැකලා නැහැ මේ වගේ දෙයක් (දී)
හත්වලාමේ ටිකිරි බණ්ඩා කිව්වමනේ මගේ ඔලුවටත් අවේ.
සාධු...සාධු...සාධු...සාධු... (දී)
"ලබන පස් වැනිදා දක්වා උදේ හයත් සවස හයත් අතර සිරිපා මළුවට නොයන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති".
නිහාල්. කොළඹ රාත්‍රී තරග තියද්දි ඉවසල හිටියේ කාගේ සතුට වෙනුවෙන්ද ?. ඒ වගේ ඉවසලා ඉන්න පුරුදු වෙන්න. (දී)
හොද වැඩක් කරනඑක හොදයි. එත් උඩින් තියන අදහස් වල තියන (මෙහි බර .සුන්දරත්වය නැති නොකර. භූ විද්‍යා සහ පතල් කැනීම් අධිකාරියේ හෝ දෙපාර්තමේන්තුවේ අනුමැතියක් තිබේද? සංචාරක මධ්‍යස්ථානයක් .ඉදිරියේදී ගුවනින්ම කරුණාකරන්න එයිද සල්ලි හොයන ව්‍යාපාරයක් )මෙවැනි අදහස් වල ගැබුරක් ඇත. කිවත්වගෙ මෙ මාර්ගයේන්ම ගුවිනින්ම කරුණාකරන්න එන සල්ලි හොයන ව්‍යාපාරයක් කරගනිදෝ කියා මට සිතෙ එයට සුමන සමන් දෙවියන් වහන්සේත් බහුතර ඡනතාව කැමති නොවනු ඇත (දී)
සැමට සමන් දෙවි කරුනාවයි. (නදී)
උතුම් ක්‍රියාවක් ! (නදී)
මතු බුදු වන දෙවි කෙනෙක් සමන් දෙවියන් (දී)
මංගල මහතා, සුමන සමන් දෙවියන් සෝවාන් පලයට පත් දෙවි කෙනෙක්. එම නිසා සෝවාන් පලයට පත් වුනු කෙනෙකුට බුදුවෙන්නට හැකියාවක් නැහැ. තව වැඩිම උනොත් බව හතකින් අනිවාර්යයෙන්ම නිවන් ලබනවා. මෙයයි බුද්ධ දේශනාව. (නදී)
පරණ පහණට මොකක්ද වෙන්නේ. ගුවන් හමුදාවට එක හෙලිකොප්ටරයද තියෙන්නේ මේ වැඩේට. හතර දිග් භාගයෙන් කරුණා කරන , සිරිපා වන්දනාකරුවන් අසීරු තත්වයට පත් කිරීම පව් සිද්ධ වෙන වැඩක් වන්දනා සමයේ. (නදී)
ඇත්තටම හොද දෙයක්. (ත)
කඳු මුදුනක් නිසා මේ ගැන ඉංජිනේරු උපදෙස් ගැනීම ඉතා වැදගත්. ටොන් 20ක් කියන්නේ ලොකු භාරයක්. මේ පින්බර කුසලයට දායක වන සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි.!(නදී)
සමන් දෙවි කරුනාවයි.(නදී)
ලක්වැසි සියලු දෙනාට සුමන සමන් දෙවි රැකවරණ ලැබේවා! මෙම කාර්ය අති සාර්ථක වේවා! (නදී)
මෙය ඉතා යහපත් සිතින් දකිමු නේද? සමනල සෙවනේ ඉපදුන අපට ශ්‍රීපාදය කියන්නෙ අපේ හදවත වගේ. එක සිරිපා වාරයකදී දෙතුන් වතාවක් වත් සිරිපා වදින අපට. වසර 20.ක විතර කිසිම දියුනුවක් නොදැකපු අපට මේ තුන්වසරක සිට වෙනස්වීම සතුටු දායකයි. එනම් පෙර පාලකයන්ට අමතකව ගිය රජ මාවතෙන් සමන්දේව ප්‍රතිමාව රැගත් පෙරහරද ගමන් ඇරඹී ඇත. එයට රත්නපුර ගිලීමලේ, පලාබද්දල ජනතාවගේ ප්‍රනාමයද පුදකරන්නෙමු. (නදී)
හොද දෙයක්.අපේ දේ අපි රකගමු.සමන් දෙවියන්ගේ පිහිට මගේ මව් බිමට ලැබෙවා.(අ)
ඒ.එස්.ඩී ඔය කතාව මටත් හිතුනා. මොකද ශ්‍රී පාදස්ථානය තියෙන්නේ කදු මුදුනක්. එහෙම තැනක යමක් කරනකොට භක්තියට වඩා බුද්ධියටත් තැන දෙන්න ඕන. කිලෝ විසිදාහක් උහුලාගෙන ඉන්න එම ස්ථානය සුදුසුයි කියල භූ විද්‍යා සහ පතල් කැනීම් අධිකාරියේ හෝ දෙපාර්තමේන්තුවේ අනුමැතියක් තිබේද? අනික ශ්‍රී පාදස්ථානය කියන්නේ සංචාරක මධ්‍යස්ථානයක් නොවන නිසා එහි තිබු පෞරාණික ගතිය ඒ ලෙසම පවත්වා ගත යුතුයි කියල මම හිතන්නේ.(නදී)
ඔච්චර බර කඳු මුදුනේ තැම්පත් කරන එක නම් එච්චර සුදුසු නෑ.(නදී)
සාදු සාදු සාදු සැමට සමන් දෙවිදු පිහිට ලැබේවා. මටත් බය සිරිපා මළුවට ඔය තරන් බර ඔරොත්තු දේවිද කියලා.(නදී)
ආගමික ස්ථාන දියුණු කරන එක ගැන සතුටුයි. නමුත් මම "රොෂාන් 2014-01-04 06:16:33" අදහසට 100% එකඟයි. මේ පින්තුර දකින කොට මටත් ටිකක් දුක හිතුනා.(නදී)
ඉතිහාසගත වියයුතු පුන්‍යකර්මයක් ,ගුවන් නියමුවා ප්‍රමුක සියලු කාර්යන්හි වෙහෙසෙන සියලුමදෙනාට සුමනසමන් දෙවි පිහිටයි (දී)
ඇත්තටම හොද වැඩක්. සමන් දෙවි පිහිට ආරක්ෂාව සැමට ලැබේවා. අන් ආගම් වලට ඇගිලි දිගු නොකොට අපේ බුදු දහම රැක ගනිමු සැම කල්හි.(නදී)
ලංකාවේ අයට නම් මේවා විශ්වකර්ම වගේ තමයි.(නදී)
ලොකු වැඩක් කරන්න වගේ යන්නේ. පුරාවිද්‍යා කට්ටිය කෝකටත් ශ්‍රීපාදස්ථානය ගැන විමසිල්ලෙන් ඉන්ඩ නරකක් සිදු නොවුනොත් හොද වැඩක්.(නදී)
බුදුසරණයි! (නදී)
පාරම්පරික අදහස් තමා ගොඩක් තියෙනවා නේද? (අ)
ශ්‍රී පතුල ආරක්ෂා කරන්න වෙයි වගේ.(නදී)
මේ වැඩේ ඉතාමත් පින් සිද්ද වෙන වැඩක්. තෙරුවන් සරණයි (දී)
සොබාවික සෞන්දර්යයෙන් හා ඓතිහාසික වටිනාකමක් තිබු ස්ථානය කොන්ක්‍රීට් පුරයක් කිරීම ගැන දුක නැතිද ? (නදී)
රටක් දියුණු වෙනකොට අපේ ආගමික සිද්ධස්ථානත් දියුණු වෙනවා. ඒවා බලල සතුටු වෙන්නයි තිබෙන්නේ. එවිට එම ආශිර්වාදය අපටත් ලබන්න පුළුවන් වේවි. මෙම තොරතුරු ලබා දුන් ලංකාදීපයටත් බොහොම පින්.(නදී)
ඇත්තටම නියම වැඩක්. කවූරු කෝම කිව්වත් සමන් දෙයියන්ගේ ඇල්ම බැල්ම හැමදාම ශ්‍රී පාදයට තියෙනවා. සාධූ සාධූ !(නදී)
ඇත්තටම සත් ක්‍රියාවක් මේක.(නදී)
රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)
හොද වැඩක්. අනාගත පරපුරට මෙන්ම මතු පරපුරට වටිනා වැඩක්. ශ්‍රී පදයේ ඇති සුන්දරත්වය නැති නොකර මේ වගේ වැඩක් කරන එක හොද වැඩක්. (ත)
හොඳයි (ත)
බුදු සරණ වේවා (දී)
ඉහල කොටසට අනවශ්‍ය ලෙස ඇතිවන බර පහල බැවුම් වල ස්කන්ධ හායන සඳහා හේතු විය හැකියි.තුලනය ගැන සොයා බැලීම ඉතා වැදගත්. (ත)
ඇත්තටම හොඳ වැඩක් (අ)
මේ වගේ අපේ පෞරාණික ස්ථාන අපි රැක ගන්න ඕනේ .(දී)
මෙවැනි දේවල් සිදු කලයුතුයි සමන් දෙවි පිහිටයි සියලු දෙනාට (අ)
දුෂ්කර උනත් හොද වැඩක් .(දී)
අපේ රට ගැන අපිට හරි ආඩම්බරයක් එය නැරඹීමට නැතිවීම ගැන මට හරි දුකය (අ)
මේකත් දැන් සල්ලි හොයන ව්‍යාපාරයක් වෙලා දැන් එකට යනෙකත් එපාවෙනවා (දී)
අදිවේගේ හදනකොට රුපියල් කෝටි 2620 (ලක්ස 100x 2620=රුපියල් ලක්ස 2,62,000)කොමිස් ගහපු හැටි ලස්සන හෙළිදරව්වක් අන්තර්ජාලයේ විස්තර සහිතවම පෙන්වල දීල තිබෙනවා. සිරීපාදෙටත් ඒ ටික වෙයිද? (නදී)
විශිෂ්ට ක්‍රියාදාමයක් ! සියලු දෙනාටම දළදා පිහිට බලෙන් සියලු කාර්යන් ඉටු කර ගැනීමට හැකිවේවා! (නදී)
සිරිපාදේ පහනක් නොතිබුනා නම් මේ වැඩේ හොදයි. ඒත් පරණ එක අයින් කරලා අලුත් එක ලොකුවට හදලා වැඩක් නෑ. වටිනා කම පරණ දේ රැක ගෙන අනාගතයට එය දායාද කිරිමයි.(නදී)
ගිය සතියේ මගේ පවුලේකට්ටිය කතරගම වන්දනාවේ ගිහින් පුදුම වෙනවා වැසිකිලිය ආදායම් මාර්ගයක් කරගෙන කියලා. රුපියල් 20 ක මුදලක් ගෙවලා තමයි අපිරිසිදු වැසිකිලියටත් අද යන්න සිද්ද වෙලා තියෙන්නේ. ශ්‍රී පාදයටත් වෙන්නේ ඔය කියන නස්පැත්තියම තමයි. ඉවසලා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.(නදී)
මට හිතෙන්නේ ඉදිරියේදී අපිට කකුල් දෙකට තෙල් ගාගෙන කදු නගින්න සිද්ද වෙන එකක් නැහැ වගේ. ගුවනින්ම දහස් ගානක් දීල සිරිපාදයටම යන්න පහසුකම් සලසාවි වගේ. අනේ වාසනාවන්.(නදී)
"ප්‍රධාන ගුවන් නියමු වින් කමාන්ඩර් එම් කේ එස් කේ මහීපාල පැවසුයේ මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවට රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙය බවයි".හැම දෙයක්ම ලංකාවේ කරන්නේ ප්‍රථම වතාවට තමයි. ගුවන් තොටුපොළවල්,වරායවල්.(නදී)
ඉතිහාසගත වන යහපත් කටයුත්තක්.(නදී)
හොද වැඩක් සාදු සාදු සමන් දෙවිදු කරුණාවයි. (නදී)
සිරිපා මලුවට මෙච්චර බර පටවන එක සුදුසුද මන්දා (දී)
අලුත් දේවල් වලට වඩා වැඩි වටිනාකමක් තියෙන්නේ පැරණි දේවල් තමයි (දී)
හැබෑටම මෙය සත් භාවයෙන් කරන වැඩක් නම් නියමයි! සමන් දෙවියන් පිහිටයි. මට පොඩි බයක් තියෙන්නේ ඉදිරියේදී ගුවිනින්ම කරුණාකරන්න එයිද කියලයි.(නදී)
හොඳ කටයුත්තක් කරන්නේ පින් සිද්ද වෙනවා (දී)
සියලු දෙනාටම දෙවි පිහිටයි (දී)
අපිත් එනවා වැඳ පුදා ගන්න සුමන සමන් දෙවි පිහිටයි (දී)
මිනිස්සුන්ට වදින්න පුදන්න මෙවන් දේවල් නිර්මාණය කරන එක නම් ලොකු පිනක් (දී)
හොඳයි.(නදී)
වසර මිලියන ගණනක් තිස්සේ ඔය පර්වතය ඔය ආකාරයෙන් පැවතුනේ පරිසරය ට මිනිසාගෙන් විශාල හානියක් නොවුන නිසයි. බුදු සිරි පතුලත් සමග අහිංසක බොදු බැති මත්හු අනාදිමත් කාලයක සිට වන්දනා මානකර ගෞරව දැක්වුවා(දිල්)
සාදු සාදු සාදු ! තෙරුවන් සරණ ලැබේවා! (නදී)
පින් සිද්ද වෙන වැඩක් වගේම පුදුම වැඩක් අපි මිට කලින් දැකලා නැහැ (දී)
පරණ පහණට මොකක්ද වෙන්නේ?රත්තරන් නම් දෙවියන්ගේම පිහිටයි ඉතින්.(නදී)