IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සේරුනුවර සෙරප්පු සිද්ධිය ගුරු සංගමය හෙළා දකියි

සපත්තු දෙකක් ගැනීමට මුදල් නැති සෙරුනුවර පාසැල් දැරියකගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු බව කියන සිද්ධිය   හෙළා දකින බවත්, පාසල් සිසුනට දඬුවම් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය විටින් විට නිකුත් කර ඇති චක්‍රලේඛ ගැන සැලකිලිමත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මෙවැනි සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් හා ගනුදෙනු කිරීමේ දී ගුරුවරුන් කටයුතු කළ ආකාරය ගැනත්, විවිටන් විට නිකුත් වන නව චක්‍රලේඛ ගැනත් ගුරුවරුන් දැනුම්වත් කළ යුතු බවත්, ඊට නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශයට නැති බවත් කියන ස්ටාලින් මහතා යමක් සිදුවූ පසු ඊට ප්‍රතිකර්ම සොයානවා වෙනුවට ස්ථිර වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවත් පවසයි.

පාසල්වල කාලසටහන් නැති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කරනවා වෙනුවට නිසි සුදුසුකම් හා මනා පුහුණුවක් ඇති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කළ යුතු බව ද ඔහු කියයි.

 



අදහස් (0)

සේරුනුවර සෙරප්පු සිද්ධිය ගුරු සංගමය හෙළා දකියි

හංසිකා Monday, 28 April 2014 08:35 PM

ඒ කාපු කෑමට වෙන්න ඇති අරයගේ මොලේ වයර් එක මාරු (ස)

:       0       0

ගන්දර සයිමොන් Monday, 28 April 2014 02:52 PM

මම දැක්කා විදුහල්පතිතුමා මෙම සිද්ධිය සාධාරණ දෙයක් හැටියට කලින් පවසා තිබ්බා. දඬුවම් දෙන්න කලින් හේතුව සොයා බලන්න ඕනේ. හිතු මතේ දඬුවම් නොකර. (ස)

:       0       0

වික්‍රම බොස්ටන් Monday, 28 April 2014 02:55 PM

කුමාර සුද්දොන්ට කැම්පස් එකේ උගන්නවද ? ඇමරිකාවේ ළමයින්ට ගුරුවරු ලංකාවේ වගේ දඬුවම් කරනවද ? කුමන සියවසේද ලංකාවේ පාසල් ගියේ දඬුවම් වින්දේ ? ඇමරිකාව මොන පාටද ? අපිට ටිකක් කියන්න. (ස)

:       0       0

නලින් යහම්පත් Monday, 28 April 2014 11:34 PM

ඇමරිකාවේ කැම්පස් එකේ උගන්වන කුමාරට , පිරුණු කලේ දිය නොසෙලේ වගේම . ඇතුලත හිස් බෙරයක් වගේ දේවල් බොහොම ශබ්ද නගනවා .(දී)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Monday, 28 April 2014 11:28 PM

මම හිතන්නේ අර කුමාර සුදන්ට ඉංග්‍රීසි කියල දෙන කෙනෙක් ඇමරිකාවේ කැම්පස් එකේ . අපිට ආඩම්බරයක් කුමාර ඔබ වෙනි අය (දී)

:       0       0

ගිහාන් Monday, 28 April 2014 04:36 PM

අපි දන්නා තරමට ගුරුන්ගෙන් ගුටිකන්නේ ඉගෙනගන්න බැරි "අන්ඩපාලයෝ". එයාලට මෙහෙදිවත් ගුරු රැකියාවක් ලැබෙන්නේ නැති එකේ ඇමෙරිකාවේ ලැබෙයිද? (ස)

:       0       0

පැතුම් නිශ්ශංක Tuesday, 29 April 2014 01:58 AM

බන්දුල අයියා කාපු කනේ පාරට මොලේ හෙල්ලිලා තියනවා පොඩිකාලේ.අයියෝ පවු. හැබැයි පන්තිවල ගුටි කන්නේ විනය ගරුක ළමයි නෙවෙයි. (දී)

:       0       0

මධුභාෂිනී Monday, 28 April 2014 04:54 PM

කුමාර, උගතෙක් කිසි දිනක තමන්ගේ ලොකුකම කියාගන්නේ නැහැ. ඔබ ගුරුන්ගෙන් ගුටිකා සරසවියක ගුරුවරයෙක් වී සුදු හම ඇති අයට ඇමෙරිකාවේදී උගන්වන බව කියන්නේ අපට කිති කවමිනි. කමක් නැහැ. කරුණාකර මේ තීරුවෙන්ම මගේ නමටම ලියන්න, ඔබ සුද්දන්ට උගන්වන සරසවියේ නම සහ ඒ නගරයේ නම ඇතුළු විස්තරය. (නි)

:       0       0

ලංකාතිලක Tuesday, 29 April 2014 03:30 PM

පව් අනේ අර අර ඇමරිකාවේ කැම්පස් එකේ කුමාරව හොයා ගන්නත් නෙහෙ . (දී)

:       0       0

මංජුල අබුඩාබි සිට Monday, 28 April 2014 06:28 PM

සිසුවෙකුට දඬුවම් දෙන ආකාරය සහ දෙන අවස්ථා මොනවාද කියලා චක්‍රලේඛන මගින් කියලා දෙන්න ඕනෑ නැහැ. ගුරුකමට ආ එයා බබෙක් වෙන්න බැහැනේ. අනික විවාහක නම් දරුවෝ එහෙමත් ඇතිනේ. එතනදි තමන්ට හිතෙන්න ඕනෑ මේ ළමයටත් මගේ ළමයින්ට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා. සමහර ගුරුවරු (සමස්තයම නොවේ ) අහිංසක ළමයෙක්ගේ අඩුපාඩුවක් හෝ වැරැද්දක් දැක්කාම නිකන් වීරයෝ වෙන්න හදනවා. ළමයෙක්ගේ අසරණකම දකින්න චක්‍රලේඛන එනතුරු ඉන්න ඕනෑ නැහැ. එයා හරි කෙනෙක් නම් පුද්ගලිකව ඒ ළමයාට අඬගහලා ඒ ළමයා එහෙම එන්න හේතුව හොයලා බලලා පුලුවන් නම් යහමින් මුදල් හදල් තියෙන කීප දෙනෙක් එක්ක කතා කරලා යමක් කරන්න තිබුනානේ. එහෙම වුණා නම් අර පොලිස් නිලධාරි මහත්මයාට ලැබුණු ගෞරවය එතුමියට ලැබෙනවා නේද ඉබේම? (නි)

:       0       0

නෙත් Tuesday, 29 April 2014 08:17 AM

කුමාර ඔයාගේ පම්පෝරිය අපිට වැඩක් නැහැ ඔයා ස්කොලේ ගියාද? (ස)

:       0       0

නෙත් Tuesday, 29 April 2014 08:18 AM

වික්‍රම බොස්ටන් ඔයා හරි (ස)

:       0       0

විරාජ් ඒකනායක Monday, 28 April 2014 10:56 AM

‍මේ කියන විදිහට වැරැද්ද ළමයගේද? ආණ්ඩුවේද? (ස)

:       0       0

දම් Monday, 28 April 2014 11:22 AM

එතකොට ගුරු සංගම් ඉන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කරන්නද? (ස)

:       0       0

ලලිත් අපොන්සු Monday, 28 April 2014 12:13 PM

පුදුම වැඩේ. දැන් සෙරෙප්පු ප්‍රශ්නය සෑහෙන්න දුරදිග ගිහින් වගෙයි (නි)

:       0       0

රොෂාන් පෙරේරා Tuesday, 29 April 2014 09:22 AM

වෙන්නප්පුව ප්‍රදේශයේත් ජනප්‍රියම පාසලක 4 වසර ළමයෙකුගේ පසුගිය සතියේ ඔය වගේම අතක් පැලෙන කම්ම පාරවල් 18 ගහල තියෙනවා. එතනදී පොලියේ OIC මහත්තයා මැදිහත් වී ප්‍රශ්නය නිරාකරණය කරලා තියෙනවා.(ස)

:       0       0

කේ. සිරි Monday, 28 April 2014 11:33 AM

දණගස්සවන්න වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

ජනතාවගෙන් අයෙක් Monday, 28 April 2014 12:44 PM

ගුරු සංගමයේ අය මොනවද මේ කියවන්නේ? හැදියාවක් නැති, සාමාන්‍ය දැනීම අඩු ගුරුවරු ඉන්නවා නම් ඔවුන්ට උගන්වන වැඩ පිළිවෙලක් සුදානම් කළා නම් හරිනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 April 2014 06:45 PM

ගුරුවරුන්ගෙන් අපිත් ගුටි කෑව කන් අඩි රත් වෙන්න. (ත)

:       0       0

කුමාර Monday, 28 April 2014 12:06 PM

අපි ඉස්කෝලේ යන කාලේ ඔයිට වඩා දඩුවම් විඳලා තියෙනවා. ඒක නිසා තමයි ඇමරිකාවට ඇවිල්ලා මෙහෙ ඉන්න සුද්දොන්ට කැම්පස් එකේ උගන්නන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site