බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් බෞද්ධ භික්ෂූන් හා අවට වැසියන් සමග ඇතිකැර ගත් බව කියන ආරවුල් සම්බන්ධයෙන් ඒ හිමියන් ද ඇතුළු සංඝරත්නය දොරගුළුලාගෙන පැය දෙක හමාරක් පුරා සාකච්ඡා කරද්දී නොසන්සුන් වූ පිරිස් අවට රැස්වී සිටියහ. යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. තමන් අතින් වරදක් සිදුවූයේ නම් කනගාටුව පළකරන බව සිරිධම්ම හිමි පසුව පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. කිසිවකුත් විවේචනය නොකැර ථෙරවාදී භික්ෂුවක ලෙස කටයුතු කරන බව ද සඳහන් කෙළේය. ඞී.බී. ජයතිලක මහතාගේ වලව්ව මිලට ගෙන සිරිධම්ම හිමියනට එහි භාවනා මධ්‍යස්ථානයකට ඉඩදුන් බවත් සංඝරත්නය විවේචනය කරමින, බුදු දහම ද අබිභවා යමින්, අවට වැසියනට කරදර සිදුවන අයුරින් මතුවට වැඩ නොකිරීමට ඒ හිමියන් එකඟවූ බව දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ කීහ. ඉදිරියේ දී එසේ කියා නොකළහොත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ද ඒ හිමියෝ කීහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd