බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් බෞද්ධ භික්ෂූන් හා අවට වැසියන් සමග ඇතිකැර ගත් බව කියන ආරවුල් සම්බන්ධයෙන් ඒ හිමියන් ද ඇතුළු සංඝරත්නය දොරගුළුලාගෙන පැය දෙක හමාරක් පුරා සාකච්ඡා කරද්දී නොසන්සුන් වූ පිරිස් අවට රැස්වී සිටියහ. යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. තමන් අතින් වරදක් සිදුවූයේ නම් කනගාටුව පළකරන බව සිරිධම්ම හිමි පසුව පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. කිසිවකුත් විවේචනය නොකැර ථෙරවාදී භික්ෂුවක ලෙස කටයුතු කරන බව ද සඳහන් කෙළේය. ඞී.බී. ජයතිලක මහතාගේ වලව්ව මිලට ගෙන සිරිධම්ම හිමියනට එහි භාවනා මධ්‍යස්ථානයකට ඉඩදුන් බවත් සංඝරත්නය විවේචනය කරමින, බුදු දහම ද අබිභවා යමින්, අවට වැසියනට කරදර සිදුවන අයුරින් මතුවට වැඩ නොකිරීමට ඒ හිමියන් එකඟවූ බව දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ කීහ. ඉදිරියේ දී එසේ කියා නොකළහොත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ද ඒ හිමියෝ කීහ.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරිධම්ම හිමිගෙන් පොරොන්දුවක්