දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.
ආශ්‍රමයේ හිමිවරු පිඬුසිඟා වැඩම කළහ. සත්බුදු වන්දනා වැඩසටහනක්, මව්වරුන් 250කට දානයක් ද දුන්හ. වෛද්‍ය සායනයක් ද පැවැත්විණි. අවසන් දිනයේ භික්ෂූන් වහන්සේ 100ක් නමකට දානයක් පිරිනැමිණි. ගිහියන් 3000කට ආහාර පාන සංග්‍රහයක්ද පැවැත්විණි.






































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පින්කමක්. ඒත් සිරිධම්ම හිමියෝ මල් වැල් මැදින් මල් අතුරා ඒවා මැදින් ගමන් කරනකොට අපිට හිතෙන්නේ හිල්ටන් හෝටලයේ මඟුල් ගෙදරක් වගේ කියලයි. ඔක්කොම හොඳයි. ඒ කොටස තමයි ටිකක් අවුලකට තියෙන්නේ (නි)
ලෝකෝත්තර මාර්ගයේ යන අය උපන්දින සැමරීම මම නම් අනුමත කරන්නේ නැහැ. "උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති" කියලනෙ කියන්නෙ. (නි)
ඉතාම සතුටුයි (නි)
අපේ මෝඩ මිනිසුන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව (නි)
ලංකාවේ මිනිස්සු ලස්සනක් දකින්න අකමැති පිරිසක් බව දැන දැන උන්නාන්සේ ලස්සනට වැඩ සිටියි. සමහරුන් මිනිසුන් රවටා මිලියන ගණන් ගරාගෙන බැංකු පොත් වල හංගාගෙන සිටිද්දී සමන්තභද්‍රයන් තමන්ට ලැබෙන්නක් ගෙන සියලු මුදල් වියදම්කොට මිනිසුන්ගේ නෙත් පාදවන්න කටයුතු කරයි. එදා භාරතයේද ගෞතමයන් වහන්සේට වැඩියෙන්ම විරුද්ධවුයේ ජෛන නිඝන්ටයන්ය. ලස්සනට තවකෙක් හිනාවෙනවා දකින්න අකමැති කුහකයන් වැඩිවශයෙන් වාසය කරන අද වැනි සමාජ මඩ වළක පිපුන පියුම සමන්තභද්‍ර හිමිය. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අල්පේච්චතාවය කියන්නේ මේකද ?(හේ)
මේ සැරේ කේක් එක කපන්න අර නෝනා නැහැනේ.(හේ)
කව්රු කොහොම කිව්වත් නිවන් මග දේශනා කරන මිහිපිට සිටින එකම මුනිවරයාණන් වහන්සේ ඔබයි. මාගේ නමස්කාරය වේවා.! (ර)
ලොකු පින්කමක් (නි)
කලින් දන්නවා නම් මමත් සහභාගි වෙනවා (නි)
ආගමක් දහමක් යොදාගෙන කරන මේ වගේ වැඩ දැක්කහම තවත් මොනවද කියන්න ඉතුරුවෙලා තියෙන්නේ? (නි)
මේ වැඩවලට සම්බන්ධවෙන අය ගැන අපිට දුකයි (නි)
තුන් කාලයෙහිම වැඩසිටින ආර්ය මහා සග රුවන උදෙසා පුදන දානයේ ආනිසංස මෙතෙකි කියා කිව නොහැකිය..දැකබලා අනුමෝදම් වෙමි (හේ)
මොනවා වුණත් ඔය සිවුරු කරේ තියාගෙන බුදුන්ගේ දහම දේශපාලනීකරණය කරන චිවරධාරින් ඉන්න සමාජයක මෙවැනි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සැමගේම සිතේ යම් ධනාත්මක සිතුවිල්ලක් ඇති වෙනවා. මම මේ හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා. සිත නිවන සුළුයි. සාදු...සාදු.....සාදු.!!! (නි)
මේවට මොකුත් කියලා මොකටද පවු පුරවා ගන්නේ? සියළු දේ අනිත්‍යයි (නි)
රහත් වෙලා කිව්වා නේද? (ර)
සුබ උපන් දිනයක්! (නි)
බෞද්ධයෝ වශයෙන් මෙවැනි මාධ්‍ය සංදර්ශන නගරයට හොඳයි. (නි)
ඇයි අපි මේ සල්ලි වලින් නැති බැරි මිනිසුන්ට උදව් කරන්නේ නැත්තේ .දේශපාලකයෝත් එකයි ඔක්කොම එකයි (හේ)
අපේ රටේ මොනතරම් අගහිඟකම් තිබෙන දුෂ්කර පන්සල් තිබෙනවද?මේ වියදම් කරන මුදලින් ආර්ථික අපහසුතාවයන් තිබෙන පන්සල් වලට ආධාර කරනවා නම් මොනතරම් ශාසනික සේවයක් වේවිද? (නි)
මේ වගෙ ලස්සන පින්කමකට බනින්න තරම් කුහක වෙන්න එපා. මේ පින ඔබත් අනුමෝදන් කරගන්න. (නි)
පිංකම ඉතා අලංකාරයි. කියන අයට කියන්න ඕනෑතරම් අදහස් තියනවා. දානමය පින්කමක් කරනවා නම් අලංකාරව කරන්න ඕනෑ. ලෝබ මුලික සිත පහළ කරගෙන කරන්න බැහැ. බුදුන් වනසේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාව දෙකම දේශනා කළා. උන් වහන්සේ මෙතන වැරැද්දක් කරලා නැහැ. මත්වතුර බීලා පාටි දාලා ඩෙගා නටලා නැහැ. කෙනෙක් කියනවා නම් ඔය සල්ලි වලින් දුප්පත් මිනිසුන්ට සහ පන්සල් වලට ආධාර කළා නම් හොඳයි කියලා, එය වැරදි අදහසකි. එහෙනම් පිළිම දාගැබ් හදපු ගඩොල් සිමෙන්ති වලින් ගෙවල් කීයක් හදන්න තිබුනාද? (නි)
මේකේ කමෙන්ට් කරලා තියෙන ගොඩක් අය ලිං මැඬියෝ වගේ කිසි දෙයක් නොදැනයි කමෙන්ට් කරලා තියෙන්නේ.මේ හාමුදුරුවෝ ස්ටේජ් උඩ නැගලා කුණුහරුප කිය කියා ඉන්නේ නැතිව කරන තරමක් කරන්නේ සමාජ සේවයම තමා.දුප්පත් ගම්මානවල මිනිස්සුන්ට උදව් කිරීම,පාසල් ලමයින්ට පාසල් උපකරණ බෙදාදීම,පිරිවෙන්වලට උදව් උපකාර කිරීම ,රෝගීන්ට අවශ්‍ය වෛද්‍යාධාර ආදිය ලබාදීම වගේ ගොඩක් ලොකු සමාජ සේවයක් උන්වහන්සේ කරනවා.(බ)
බුදු හාමුදුරුවන්ට පුජා කරන මල් පාගන්නේ මොක්කුද යකෝ? අපිනම් පුජා කරපු මලක් පෑගෙන්න දාන්නේවත් නෑ (බ)
බුදු හාමුදුරුවන්ට ජේතවනාරාමේ හදන්න කහවනු අතුරන කොට බුදු හාමුදුරුවෝ ඇයිද දන්නේ නෑ කිව්වේ නැත්තේ, "ඕවා වැඩක් නෑ, මම ගල් ගුහාවක වාසය කරන්නම්, ඔය සල්ලි දුප්පත් මිනිස්සුන්ට බෙදමු" කියලා.. ලංකාවේ මිනිස්සුනට ඕන එහෙම නේ...(බ)
මෙන්න සිංහල බෞද්ධ සංස්කෘතියේ අභීත සලකුණ.. හෝව් හෝව් මට වැරදුන .. මළකුණ .. (බ)
සංජීව රත්නායක, ඔබතුමාට හිතෙන්නෙ නැද්ද, එක් අයෙකුගේ උපන්දිය වෙනුවෙන් මේ වියදම් කරන මේතරම් සුවිශාල මුදල් ලංකාවේ දුප්පත් පන්සල් වලට බෙදලා දුන්නාම මීට වඩා කුසල කර්මයක් මීට වඩා ශාශන අභිවෘදියක් සිදුවන බව??(කෞ)
සාදු සාදු සාදු ...! මම සතුටු සිතින් අනුමෝදන් වෙමි. (නි)
සාදු! සාදු! බක පණ්ඩිතයන් බයිලා කියද්දී උතුම් දානය පිළිබඳව අපි සිත පහදවා ගනිමු. මේක මේ හාමුදුරුවන්ගේ පින. එහෙම පිනක් නැති මිනිස්සු මේ ගැන සිතා රැස් කරති (බ)
ඔබවහන්සේට සුබ උපන් දිකයක්! (නි)
මගේ කිසිදු කැමැත්තක් නැත... (ර)
කොහොමත් අන්ත දෙකම සමාජයේ තියෙනවනේ. එකක් තියෙන්න බෑනේ. ඉතින් හොඳ හෝ නරක තියෙනවා. (ර)
තෙරුවන් සරණයි.(හේ)
මේ හාමුදුරුවන්ට නම් කියක් තියනවද මම අහපු විදිහට අරහත් වුනාට පස්සේ නම වෙනස් කරලා තිබුන (බ)
සුබ උපන් දිනයක් වේවා.(හේ)
මේ දරණ වියදමින් දුප්පත් ජනතාව වෙනුවෙන් දෙයක් කරා නම් නේද ලොකුම පින.(හේ)
මට සිතෙන්නේ ලෝකයේ තිබෙන ධනවත්ම පන්සල මේක කියලයි (නි)
මම එක ටී වී වැඩසටහනක් බැලුවා. ලංකාවේ විශාල පිරිසක් මුලික පහසුකම් නැතුව ඉන්නවා. එහෙම තියෙද්දී මේ මිනිස්සු මොනාද මේ කරන්නේ. (ර)
බුදුන්ගේ දහම ලෝබ, ද්වේශ, මෝහ නසන ශීල, සමාධි, ප්‍රඥා වඩවන උතුම් දහමක්. නැවත ඉපදීම දුරුකිරීමම ඒකායන අරමුණ. එහෙත් මොනවද මේ වෙන්නේ? මේවා දකිද්දීත් අපිට නම් උපේක්ෂාව ඇතිවෙනවා. අනේ අපේ උතුම් දහම! (නි)
ලස්සනට දානයක් දුන්නහම ඒක අගය කරන්න (නි)
ඇතැම් අයට මේ ලෝකේ දුප්පත් මිනිසුන් සිටිනවා කියලා මතක් වෙන්නෙ මේ වගේ මනාව සැකසූ මහා දාන දෙන අවස්ථා දකිනකොටද කියලත් වෙලාවකට හිතෙනවා. හාමුදුරුවො හොඳ දෙයක් කළත් බනින තත්වයට වැටෙන්න එපා. දැන් ඔය අඩුපාඩු විතරක් දකින අය පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාලා දුප්පත් මිනිසුන් කීදෙනෙකුට පසුගිය මාස 3 දි උදව් කරලා තියෙනවද කියලා (නි)
කවුරුන් හෝ වේවා තුන්සිත පහදවාගෙන කරනු ලබන පුණ්‍ය ක්‍රියා ඉතා උතුම්ය. මමද මේ උතුම් පුණ්‍යකර්මය සැදැහැ සිතින් අනුමෝදන් වෙමි. (නි)
රහත් වෙලා කියලා තමන්ම කියනවානේ (නි)
සුබ උපන් දිනයක් (නි)