IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුරතලාට නරක්වූ කෑම දුන් සිද්ධියකට තල්ලු කළ මව රෝහලේදි මරුට

(ගයාන් සූරිය ආරච්චි) 

නිවසේ සුනඛයාට දැමූ ආහාර නරක් වීම හේතුවෙන් මව සමඟ ඇති වූ ආරවුලකදී  පුතා විසින් මව තල්ලු කිරීමෙන් පසු ඇද වැටි තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) මියගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි දීප මාලා කුමාරි විජේසිංහ (57) නැමැති කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා (24) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

නිවසේ ඇති කරන සුනඛයාට  ලබාදුන් ආහාර නරක් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව සහ පුතා අතර ඉකුත් (20) දින ආරවුලක් ඇති වී තිබූ අතර එහිදී පුතා විසින් මව තල්ලු කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී  පෙරේදා (23) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටී ඇතිවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

 



අදහස් (5)

සුරතලාට නරක්වූ කෑම දුන් සිද්ධියකට තල්ලු කළ මව රෝහලේදි මරුට

fairoos Tuesday, 24 December 2024 01:40 PM

අම්මට වඩා සුරතල් සතුන් වටිනවා .කාලකන්නි

:       1       52

රත්‍තරන් අම්මා Tuesday, 24 December 2024 04:07 PM

කාන්තාවකට ලැබිය හැකි උපරිම වේදනාවන් ලබා මෙලොවට බිහිකර දුක් මහන්සියෙන් මගේ පුතා කියමින් තමන්ගේම ඇහැවගේ රැකගත් අම්මාට වඩා කොලුවාට අම්මාට වඩා සුරතලා ලොකුවෙලා තියෙනවා. විවාහයක් හෙම කරගෙන හිටියානම් කොහොමවේද කියලා හිතාගන්න බැහැ. පියා මැරූ අජාසත්තගේ බිරිදට දරුවෙක් ලැබුනාට පස්සෙ පියාගෙ වගකීම පෙන්වාදෙන්න මව හිටියා වුණත් මූට හොද නරක කියාදෙන්න කෙනෙක් නොහිටීවි.

:       3       34

lankasri Tuesday, 24 December 2024 09:21 PM

අවීචි මහා නරකාදියේ කල්පාන්තරයක් පැහෙන්න තරම් ඔය ලස්සනට වැඩ සිද්ද කරගෙන තියෙන්නේ...

:       0       0

sam Wednesday, 25 December 2024 05:59 AM

මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න... !

:       0       0

ගුනපාල Wednesday, 25 December 2024 07:54 AM

හිරකරු මානව අයිතීන් සංගමයේ අය ටික හමගහන්න ඕනෑ... මේ වගේ කාලකන්නි වෙනුවෙන් කතා කරනවාට..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site