ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ දී අද ඡන්දය ප්‍රකාශ කළේය.
පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසුවේ ෆොන්සේකා මහතාට මැතිවරණ දෙපාර්තමේන්තුවේන් නිල ඡන්ද පත්‍රිකා ලැබුණු බවයි.
ඒ අනුව ෆොන්සේකා මහතා අද ඡන්දය ප්‍රකාශ කළ බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් නොවූ බවත් කැටගොඩ මහතා කීවේය.
වසර දෙකක් සිර ගත වී සිටි ෆොන්සේකා මහතා ජනපති සමාව ලැබ නිදහස් වීමෙන් පසු ප්‍රථම වතාවට ඡන්දය භාවිත කළේ මෙම ඡන්දයේදීය.
බොහෝ දෙනකු පැවසුවේ දෙවසරක් සිරගත වී සිටි නිසා ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ රට හදන්න හෝ රට කන්න අලුත් කෙනෙක් ඕනේ. ඒකට සරත් පොන්සේකා මහතා සුදුසුයි.(නදී)
එක්කෝ රටේ ඉතුරු ටිකත් කලා දමන්න නැතිනම් රට හදන්න රට බාරදෙන්න හොඳම පුද්ගලයා තමා සරත් ෆොන්සේකා.(නදී)
එතුමාගේ ඡන්දය කාටද දන්නෙ නැහැ. (නි)
සමාවෙන් නිදහස් කලේ නැහැ,මස 29 දඩුවමෙන් පස්සේ නිදහස් වුනා.නොදන්නා අය මොනවා කිව්වත් ඇත්ත ජය ගන්නවා ඉක්මනින්. (අ)
ඊළඟ ජනපති වී අප රට බේරගන්න වාසනාව ලැබෙවා (අ)
කවදා හෝ ඇත්ත ජය ගන්නවා (අ)
හීනෙන් තම ඊළඟ ජනාධිපති වෙන්නේ(අ)
අන්න නියම නිදහස් ජන මත විචාරය. නීතිය උනත් ජන මතයට යටත්.! ඊලග ට ජෙනරාල්ට ඡන්දෙ ඉල්ලන්න නිත්‍ය නීතිමය අවස්ථාවක්. ජයවේව.!.(අ)
ඔස්ට්‍රේලියාවේ වගේ මහත්මා දේශපාලනයක් ලංකාවේ ඇතිකරන්න එතුමාට පුලුවන් වුනොත් තමා හොඳ. ඒත් දැන්ම ඒක කියන්න කල් වැඩි යි. තව ටිකක් බලමු.(නදී)
සන්තෝෂයි ඒ ළඟ ජනාඩිපති වෙලා දෙපැත්ත පනින කාලකන්නි දේසපාලුවෝ පන්නලා කැබිනෙට් එක 10 - 12 ටඅඩු කරලා බදු ටිකක් අඩු කරලා සියලු බදු මුදල් විනිවිද භාවයෙන් රටේ සංවර්ධනයට යොදවනවානම් ඊටත් වඩා සන්තෝෂයි (අ)
මෙයා ජනාධිපති වූනොත් මුදල් ඇමති කවුද , දේශපාලනය ගැන හිතන්නත් කලින් නේද බෑනාට ටෙන්ඩර් දුන්නේ? (අ)
මෙයා ජානාධිපති වුවහොත් අර හැන්ගිලා ඉන්න ධනුන තිලකරත්න මුදල් ඇමති වනවා සිකුරුයි (අ)
පුදුම හීන ලෝක වලනේ කට්ටිය ඉන්නේ..හරි හරි අපි බලමුකෝ මේ මහත්තය ජනාධිපති උනාම ඔය ස්වර්ග රාජ්ජය පහල වේවිද කියල.....ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් කවුද මෙයාව ජනාධිපති කරන්නේ කියන එකය්..(අ)
සමහරුන්ට පොන්සේකා මහතා වීරයෙක් සමහරුන්ට හොරෙක් . සමහරුන්ට සල්ලාලයෙක් . කෙසේ උවත් පොන්සේකා මහතාගේ කතාවල් අනුව සහ වැඩ පිළිවෙල අනුව ඔහු මේ රටේ ජනාදිපති නොවන බව සිකුරුයි . ඔහුට දේශපාලනය ගෙන තව බොහෝ කලක් ඉගෙන ගත යුතුව ඇත . පළමුව දේශපාලනය යනු කුමක්ද වටහා ගත යුතුය . පළි ගැනිමේ චේතනා සහ අපහස කිරීම් නැති කර ගත යුතුය (අ)
තියෙන දේ රැක ගන්න හැකි දේශපාලන පරිචියක් නැතුව වැඩක් නැ (අ)
එතකොට කිලින් හිටපු අය මොනවා දැන ගෙනද ජනාධිපති උනේ? (අ)
ජනාධිපති කෙනෙක් අවුරුදු විස්සක්වත් දේසපාලන බිමේ කට්ට කාල තැලිලා පොඩිවෙලා තෙම්පරාදු වෙලා තියෙන්න ඕන. එහෙම නැතුව ඔය මොකකින් හරි ටිකක් ජනප්‍රිය උන පලියට ජනාධිපති වෙන්න බැහැ. අර කව්ද වගේ ටෙලි නට්ට්යයකින් හරි ක්‍රීඩාවකින් හරි ජනප්‍රිය වෙලා මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් පුළුවන්, අවුරුදු 15ක් 20 ක් කට්ට කනකොට නාකි වෙලා ඉවරයි.සැපක් ගන්න කාලයක් නැහැ. ඒ නිසා තියන තත්වය ආරක්ෂා කරගෙන දෙය්යනේ කියලා හිටියොත් හොඳයි කියලයි මේ මට හිතෙන්නේ. (අ)
පිටිගල ,මමත් ඔයා හිතනදේ අනුමතකරනවා . එය දිහා බලනකොට .......අනේ මන්ද .? (දී)
නොදන්නා නිසා අහන්නේ ඔහුට චන්දෙ දෙන්න බැරිද (දී)
කවුරු මොනව කිව්වත් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා රටේ නිදහස දුන් විරුවෙක්. ඒත් එයා ඒ ගෞරවය රැකගන්ඩ දන්නැති අයෙක්. මොකද හමුදාව පාලනයයි රට පාලනය කිරීමයි කියන දෙකේ වෙනස තේරුම් ගන්ඩ එයා දන්නේ නැහැ.(නදී)
විශ්‍රාම ගිහින් රජෙක් වගේ ඉන්න පුළුවන්කම තිබුන පුද්ගලයෙක්. දේශපාලනෙයි හමුදා රාජකාරියයි ගොඩක් වෙනස් දෙයක්.(නදී)