සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන ඕනෑම අයකුට ඕස්ට්‍රේලියා මහද්වීපයට ඇතුළුවීම වැළැක්වීමට එරට රජය සැරැසෙයි.
සරණාගතයන් කෙරෙහි තද ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ නිවේදනයක් ඉරිදා (30) නිකුත් කළ ඕස්ට්‍රේලියා රජය මීළඟ පාර්ලිමේන්තු සැසියේ දී අදාළ යෝජනාව ගෙන ඒමට නියමිතය.
මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියා රටවල සිට නීතිවිරෝධී ලෙස පැමිණෙන සරණාගතයන් ඔවුන්ගේ මව්බිම්වලට ආපසු හරවා යවන බවත් ඔවුන්ට දිවි ඇති තෙක් සංචාරකයින් ලෙස, ව්‍යාපාරික කටයුතුවලට හෝ විවාහ සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරන බවත් ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියාවෙන් හෝ වෙනත් රටකින් නීත්‍යානුකුලව එන ‘සරණාගතයින්‘ හරවා යවන්නේ නැහැ . වසරකට ඔස්ට්‍රේලියාවට ලබාගන්නා සරණාගතයින් ප්‍රමාණය පෙර නොවූ විරූ ලෙස ඉහල දමා තියනවා . මෙහිදී ආපසු හරවා යවනවා කියන්නේ නීති විරෝධී මාර්ග වලින් මෙහි පැමිණ සරණාගත භාවය ඉල්ලා සිටින අනවසර සංක්‍රමනිකයන් (බ)
ප්‍රියන්ත, නොදන්නා දේවල් ගැන කතාකරන්න එපා. මෙම රටවලින් සරණාගතයන්ට නිවීහැනහිල්ලේ ජීවත්වෙන්න ඉඩ දුන්නහම සමහරු කරන්නේ විවිධ නීතිවිරෝධී ක්‍රියා
ඉන්න අයත් එලවා දමනවානම් හොඳයි නේද? විශේෂයෙන් ලංකාවේ අය (බ)
නැහැ , දැන් දැන් සමෘද්ධිමත් ශ්‍රීලංකාවට ඔස්ට්‍රේලියාවෙන් සරණාගතයින් එනවා , එහෙ ඉන්න බැහැය කියල !. (බ)
මේ සමහරු ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ලංකාව ගැන ටොම් පච කියලා ගන්න තියන පහසුකම් ඔක්කොම ගන්නවා. ඊට පස්සේ රස්සාවක් වත් කරන්නේ නැතිව බාර් ගානේ බිබී ඇවිදිනවා. අනෙක් මිනිස්සු පණ යනකන් වැඩ කරලා මේගොල්ලන්ව නඩත්තු කරන්න බදු ගෙවනවා. ඉතින් දැන්වත් මෙහෙම දෙයක් වෙන එක බොහොම හොඳයි. (බ)
මෙක්‍රමය ඉදිරියට යුරෝපෙත් ඇතිවෙන්න පුළුවන් , දේශපාලන සරණාගතයෝ මේ රටවලට ලොකු ඇනයක් වෙලා තිබෙන්නේ (බ)
මෙයාල ගිය උඩ.බලහත් කාරයෙන් රට අලාගෙන දැන් කයිය ගහනවා. හරියට ඕස්ට්‍රේලියාවේ අය්ති කාරයෝ වගේ. (බ)
දැනට ඔයවිදියට ආ අය කරනදේ නිසා තමයි පටි තද කරන්න වුනේ. (බ)
හොඳ අදහසක් ලංකාවෙන් අාපු සරණාගතයන් වහාම එළවන්න ඕන.\ (හේ)
ඉතාමත් හොද තීරණයක්. ශ්‍රී ලංකාවත් නිදහස ලබුනුදා සිට මේ පිළිවෙත අනුගම්නනය කළා නම අද මේ රටේ උද්ගතවී ඇති තත්වය මේ තරම් උග්‍ර නොවන්නට ඉඩ තිබුන.(බ)
සිල්වා, මේ ලෝකෙට උපන් දරුවා මේ ලෝකේ කොහේ ජිවත් වුනත් කමක් නෑ,,ඇත්තටම ඇනේ වෙලා තියෙන්නේ මේ ලෝකේ ඔය වගේ නුගත් කුහකයෝ බිහිවෙලා තියෙන එකයි, අභ්‍යවකාශේට යන්න මිලියන ගන්න වියදම් කරද්දී මනුෂ්‍යාගේ පැවෙත්ම වෙනුවෙන් සතයක් දෙන්න බැරී ඔයාල වගේ අය ඉන්න කල් මේ ලෝකේ සුන්දර වෙයිද? (බ)