ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත අත්තනගල්ල අධිකරණය භාරයේ තබන්නැයි කාවින්දා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
වීරගුලදී කුඩා පිරිමි දරුවකු පැහැර ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේදී නියෝජ්‍ය ඇමැති ගිය වාරයේ අධිකරණයට නොපැමිණියේය.
හදිසියේ ජපානයට යෑමට වු නිසා එසේ වී යැයි ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
අද ඔහු අධිකරණයට පැමිණ ගමන් බලපත්‍රය භාර දුන්නේය.
රට යෑමට අවශ්‍ය වෙතොත් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබා ගන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණ ජපානයේ ගියේ හදිසියේ නොවන බව හොදටම පැහැදිලි වෙනවා .මොහු මෙම ගමනට බිරිද ,දියණිය සමග ගිහින් තියෙන්නේ. මොහු ලග ඉන්න දනන්ජය දිසානායකගේ ෆෙසේබුක් වෙබ් අඩවියෙන් වැඩි විස්ටර බලාගන්න පුළුවන්.හොදට සැලසුම් කරලා ගිය සංචාරයක් බව පැහැදිලි වෙනවා .මොවුන් හදන්නේ අදිකරණය නොමග යවන්න බව පැහැදිලි වෙනවා (දී)
මේ වගේ උන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි? (නි)
අධිකරණයට ගරු කරන්න
පව් අසරණ සරණට ඡන්ද දීපු කට්ටියට බූවල්ලෙන් තමන්ටම ගහගන්න හිතෙනවා ඇති දැන් (නි)
අයි ගමන් බලපත්‍රය විතරක්? උසාවියට අපහාස කළාට දඬුවම් නැද්ද ? (නි)
කීයක් හරි දීල මොකුත් කරගන්න බැරිවෙයිද?(නදී)
අනේ මන්දා
අපිට තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න (දී)
සරණ අද ඔබ අසරණයි. මොකද කළකම් පලදේ. අහිංසක ජිවිත සෙල්ලමකට ගන්න එපා (නි)
එතකොට උසාවියෙන් ගමන් බලපත්‍රය අරන් තියෙන්නේ ආරක්ෂාවටද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නීතියක් තියෙනවානේ ඊට අනුව වැඩ කරන්න (දී)
ඔහු එසේ කර ඇතිනම් වැරදි තමයි (දී)
ඉතින් ඒක සරණටම දුන්නා නම් ඉවරනේ. රට යන්නෙ නැතුව ගුවන් බලපත්‍රයක් මොකටද? සුබ අනාගතයක්.... (නි)
නියම තීන්දුවක්. පුලුවන් නනම් තව දැඩි කරන්න අනිත් අයටත් (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රට යන්න අවශ්‍ය වුනොත් බලපත්‍රය දෙනවද? හැබැයි ඉතාලි යන්න ඉල්ලුවොත් නම් දෙන්න එපා. (නි)
හැම ඇමති කෙනෙක්ගේම ගමන් බලපත් අධිකරණ බාරයේ තබාගැනීම වඩාත් උචිත කාලයක් දැන් උදාවීගෙන එනවා. මින් ඉදිරියටත් තව වැඩිවේවි (නි)
මේවන් වැඩ තුලින් තමයි නීතියේ තියෙන විනිවිද බව පෙන්නේ (දී)
අධිකරණයට ගරු කරන්න
අයියෝ සල්ලි
මේ කියන්න ඇත්තනම් මෙතුමා කරලා තියෙන්නේ බර පතල වරදක්(දී)