2005 - 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කැර තිබු නඩු දෙකක් සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති හා හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.
එම චෝදනා වලට වරද පිළිගැනීමට තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.
චෝදනා කියැවීමට නඩුව ජනවාරි 5 වැනි දා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ වරද පිළිගන්න එක උසස් මිනිස් ගුණයක්. ඒ වගේම මේ දේපොළ මහන්සියෙන් හරි හම්බ කරගත්තේ කොහොමද කියලත් එලි කළොත් එක ඉතා ඉහල දෙයක් වෙනවා. (අ)
අති විශාල මගඩි, රාජ්‍ය දේපල හොරකම් කල, මහජන මුදල් පිල්ලි ගැහුවා යයි චෝදනා වලට මුහුණ පා සිටින, හිටපු රජයේ සියලුම ලොක්කෝ, සොක්කෝ, බක්කෝ මේ විදියට වැරදි පිළිගෙන ඒ වත්කම් ආපසු රජයට භාර දෙනවා නම්, ශ්‍රී ලංකාව කොතරම් දියුණු රටක් වෙනවා නොවේද ? (අ)
මෙන්න එක්කෙනෙක් වරද පිලි අරගෙන.අර උඩදාගෙන අදහස් දාන සමහරු ඇයි මේ අදහස් දාන්නේ නැත්තේ.(අ)
තීරණය හොදයි මොකද අන්තිමට නඩුව අවසානයේ තීරනය ද එයම නිසා (අ)
ඊළඟට කරන්න තියෙන්නේ තව එකම එක දෙයක් විතරයි . සිරිසේන ශ්‍රීලනිප කණ්ඩායමකට එකතු වුනා නම් වැඩෙත් ගොඩ මොනවා හරි ටිකක් යහමින් හම්බ කර ගන්නත් පුළුවන් විදියේ තනතුරක් ලබාගන්නත් පුළුවන් වේවි. (බ)
සරණ පුරු පුරු ගානවා (බ)
දැන් තවත් හොඳට ගිණුම් ටික බලන්න මොකද බැර වෙච්චදේ දැන් හර වෙලා ඇති. (බ)
අපේ අප්පච්චි හිටියා නම් සරණලා තවම කරදරයක් නැතුව ඉන්නවා (නි)
වරද පිළිගැනීම උතුම් ගුණයක් (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කොච්චර කිවුවත් මේ අය හදන්න බැහැනේ (නි)
නම නම් ධාර්මිකව තියලා තියනවා මේ මිනිසුන්ට. පෙරළි පෙරළි හොරාකන්න පුළුවන්. ඒ නම් කියාගන්න බැහැ අපිට දිව උලුක් වෙනවා. (නි)
ඕකට දඬුවම රුපියල් 1000.00 වගේ වෙයිද?
වරද පිලිගත්තම ඇද්ද? හෙලි නොකල වත්කම් මොනවද ඒවා උපයාගත් ආකාරය කියන්න බැහැයි කියනනේ අයථා ලෙස උපයාගෙන කියන එකනේද? ඒකට දඩුවම මොකක්ද? (අ)