මැතිවරණ සමයේ සිය බිරියගේ නම සහිත නීති විරෝධී ප්‍රචාරක පුවරු සවි කිරීමට එරෙහි වීයැයි එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට ඇප දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඔහු යළි සිකුරාදා (04) තෙක් රිමාන්ඩ් කළේය.

බන්ධනාගාරය අධිකරණයට දැන්වූයේ ඔහු රාගම රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට පැවසුවේ බන්ධනාගාර රෝහල තිබිය දී ඔහු රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබිය යුතු හේතුව ලබන හතර වැනි දා ට උසාවියට දන්වන ලෙසයි.