ඡන්ද සමයේ සිය බිරියගේ නීති විරෝධී දැන්වීම්වලට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂික තරුණයකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන බදාදා (09) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියෝග කළේය.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබන නිසා අදත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර අධිකාරිය දැනුම් දුන්නේය.
පරීක්ෂණ පවත්වා හැකි ඉක්මනින් සැකකරුගේ රෝගී තත්ත්වය ගැන අධිකරණයට වාර්තා කරන බව රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරාධා එදිරිසිංහ මහත්මිය අධිකරණයට දන්වා තිබිණි.
ඇප දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බැවින් ගුණවර්ධන යළි රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් එකෙක් හරි මට්ටුවුනා. (අ)
අබ සරණයි. (අ)
අසරණ සරණට දැන් ඉතින් බුදු සරණ තමයි!! (අ)
පාර දෙපස රඹුටන් විකුණන දුප්පත් අහිංසක ගැහැණුන්ගෙන් පවා මෙයා කප්පම් ගත්තාලු. ඔහේ හිටියාවේ කුඩුවටම වෙලා. (අ)