(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මිතුරන් දෙදෙනකු සමඟ සරුංගල් යැවීමට  ගොස් සිටියදී අක්කර පහකින් යුත් පල්දෝරු පද්ධතියකට වැටී දියේ ගීලීමෙන් වූ අසාත්මිකතාවකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ තරුණයකු මියගොස් ඇති බව මත්තේගොඩ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ බණ්ඩාරනායක පුර   පදිංචි මිරිස්සගේ චලන්ග සාවින්ද නමැති (22) හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි .

මත්තේගොඩ  නිවාස සංකීර්ණයේ නිවාස 1200 මළ අප ජලය බැහැර කෙරෙන අක්කර පහකින් පමණ යුත් එළිමහන් පල්දෝරු පද්ධතිය මැද ඉදිකර ඇති අඩි දෙකකින් පමණ පළලින් යුත් කලු ගල් බැමි මත හිදිමින්  මෙම තරුණයා  තවත් මිතුරන් දෙදෙනකු සමඟ සරුන්ගල් අරිමින් සිට තිබේ.

එම අවස්ථාවේ  අනෙක් තරුණයන් දෙදෙනා  කලු ගල් බැම්මෙහි ඉදිරියේ හිදිමින් සරුංගලය ඉහලට යවා ඇති අතර මොහු පිටුපස  නූල් පන්දුව අතැතිව හිදිමින් නූල්  ලබා දෙමින් සහාය වීමේදී  ඔහු රැදිසිටි කලුගල් බැම්මෙන් ලෙස්සා ප්ල්දෝරු පද්ධතියට වැටී ගිලී අනතුරට ලක්ව තිබූණි.

පසුව එක් තරුණයෙකුගේ පාදයේ ආධාරයෙන් ඔහුව ගොඩට ගැනීමට උත්සාහ දරද්දී අනෙක් තරුණයා ක්ෂණිකව  ඥාතීන් එම ස්ථානයට ගෙන්වාගෙන ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.