පසුගිය 14 වැනිදා පිටකෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයට බලෙන් ඇතුළු වී කළබල කළ බොදු බළ සේනා සංඝරත්නය ඇතුළු පිරිසකට පහර දුන්නැයි විරෝධය පළ කිරීම සදහා අදත් සිරිකොත ඉදිරිපිට මහපාරේ බොදු බළ සේනා උද්ඝෝෂණයක් පැවැත්වේ.
දෙසීයක පමණ පිරිසක් රැස්ව සිටින බවත් ත්‍රිරෝද රියක සවි කළ ශබ්ධ විකාශන යන්ත්‍රයකින් බොදු බළ සේනා හිමිවරුන් රැස්වීම අමතන බවත් අසල්වැසියෝ කියති.
සිරිකොත විරෝධි පෝස්ටර් සිරිකොත යකඩ වැටේ එල්ළා ඇත. මේ රැස්වීම ආරම්භයට පෙර සිරිකොත මහ හඩින් පිරිත් දේශනයක් විකාශය කළේය.
එහි හඩ පසුව අඩු කැරිණි.පොලිස් ආරක්ෂාව තර කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන තැනකට වදින්නම් අහිංසක ජනතාවට පාඩුවේ ඉන්න දෙන්න..එදා වෙලා හොයා ගන්නේ බොහොම අමාරුවෙන්... (ස)
මෙයාලටත් කඳුළු ගෑස් ගහල එලෙව්ව නම් හරි නින්දවූර් වල වගේ. (ස)
අප පිරිහෙන්නේ අපේම වරදින් මිස වෙන ජාතියක් හෝ ආගමක් නිසා නොවේ. බුදුන් කී පරදී පිරිහීමේ දොරටු හදුනා ඒවා වසා දැමීමට කටයුතු කරමු.වෛරය ද ප්‍රධාන පිරිහීමේ දොරටුවකි. මේ හැසිරෙන්නේ වෛරයෙන් නොවේද.ඔබ කෙනකුට රැව්වොත් ඔහුද රවනු ඇත. සිනහ වොවුත් ඔහුද සිනහ වෙනු ඇත. (ස)
හාමුදුරුවනේ, කැසිනෝ ආවට කමක් නැද්ද? (නි)
අපි ආඩම්බර වෙන්න ඕන රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඊළඟ මැතිවරණයේදී 3 වෙනි බලවේගය බවට පත්වෙන එක ගැන. (ස)
අර කැසිනෝ කාරයා එන කොට ඔය හාමුදුරුවරු හිටියේ කොහෙද?ශාසනේ තියෙන ටිකත් විනාශ කරන්න එපා අපෙ හාමුදුරුවනේ...පින් අත් වෙයි. (ස)
බුදු දහමේ තියෙනවා තාදී ගුණය ඒ කියන්නේ නොසැලෙන ගුණය.රනිල් මහතාට ඒක නම් පිහිටලා තියෙනවා, මොනවා වුනත්.ඒ කියන්නේ එතුමා සැබැ බෞද්ධයෙක් කවුරු කොහොම කීවත්. (ස)
රනා කියන විදියට අපි හැමෝම එකතුවෙලා රනිල් මහත්තයත් එක්ක හිනා වෙමු. එතකොට අනිත් උන්දැලටත් හොඳට හිනා වෙවී චිරාත් කාලයක් යහතින් ඉන්න පුළුවන් වෙයි. බුදුසරණයි..! (ස)
රුවන්සිරි මහතා ගේ අදහස මසුරන් වටිනවා. ඔය ටික අපේ අයට තේරෙන්නේ නෑනේ. (ස)
ගුනේ, මම ලියන්න හිතපු දේ ඔබ ඒ විදිහටම ලියලා. අපේ මිනිසුන්ගේ හැගීම් කුහක දේශපාලනයෙන් වැසිලා තියන්නේ.මගේ රටට දළදා හිමි පිහිටයි.. (නි)
රුවන්සිරි මහත්තයෝ, රනිල්ගේ තාදී ගුණය නිසා මුළු රටක් දුක් විදිනවා. කරන්න පුළුවන් කෙනෙකුට දීල ගියා නම් අපිට බල ගන්න තිබ්බා රනිල්ගේ බලයට ආශා නොකරන ගුණය. (ස)
මේ අය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවනම් හොඳයි. ප්‍රතිපල නරක විය හැකිය ඉදිරියට. මේ යන විධිය එතරම් ගුණ නෑ ඇඟට (ස)
බන්දුල පෙරේරා කියන්නේ කොහේ විරෝධතා කලත් රතුපස්වල වගේ වෙඩි තියන්න ඕනේ කියා.නමුත් මෙයාලට මේ කියන කිසිම නීතියක් නැහැ නේද? (ස)
මේකට චැනල් 4 අවත නැතත් මේ සමුළුව පවත්වපු වෙලාවේ මේ අය එක වර්ජනය කරලා හමුදාව පවා දෙන්නට ප්‍රදර්ශනයක් කරා . හමුදාව යුද්දය අවසන් දින වල අහිංසක ජනය මැරුවා මානුසික අයිතීන් කැඩුවා කියා . සමුළුවට ආ විදේශිකයන්ට පෙන්නීමට . මේකට මුල් අයගෙන් . අපි ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් සමවා යදින්න කියා (අ)
ගැටුම්වලට යද්දී සිවුරු ඉවත්කර යායුතුයි. නැවත පන්සලට පැමිණ සිවුර පොරවා ගැනීමෙන් සිල්වත් සංඝයා වහන්සේලාට නිගාවීමක් සිදු නොවේ (නදී)
ලංකාවේ ආගම් දේශපාලනේ කෝලම් මඩුවක් වෙලා. (ස)
බොදුබලයේ දඩබ්බරකම් ඉදිරියේ සාමය රැකීය යුතු ශ්‍රී ලංකා පොලීසියේ නිහඩතාවයනම් අනුමත කල නොහැක. මහජනතාවට එක නීතියකුත්, බොදුබලයට තව නීතියකුත්? හැබයි පුතෝ, කවදාහරි ආණ්ඩුව පෙරලුන දවසට... ඔය සේරටම දෙවියන්ගේම පිහිටයි! එදාට ඉතින් කියන්න තියෙන්නේ, ඇටි කෙහෙල් කැවොත්.............(දිල්)
මම ලංකාවෙන් වෙන රටකට ආව.අවුරුදු16 රටට වැඩ කරලා.දැන්නම් ගන්නම දෙයක් නැ වගේ .අනේ මගේ රට.මගේ දරුවන්ට මොන දෙයක් වෙලා ද කියල තමා බය.වෙන ආගම්වල අය බැරි අයට උදවු කරනවා . අපේ අය පිස්සුනටනවා.මෙහෙමෙ ගියොත් මොනවා වෙයිද? (දිල්)
ඇයි කවුරුත් යථාර්තය නොදකින්නේ? මේ හිමිවරු සිරිකොත වැටලුවේ ඇයි? කොටි සල්ලි ගිලිමින් රට පාවාදෙන එන්ජී තක්කඩි ටික සිරිකොතේ රැස්වෙලා, චැනල් ෆෝ නාලිකාවේ කොටි පිල්ලි ටික ගෙන්වාගෙන, මානුසික මෙහෙයුමේදී අපගේ දේශය නිදහස් කරගත් විරුවන්ට විරුද්ධව, මානව හිමිකම් ගැන දොඩමින්, යුද අපරාධ සේ හදපු ජයාරූප ප්‍රදර්ශනයක් පැවැත් වීමට විරුද්ධවයි. ඉතින් මේ හිමිවරු ද මෙතන වැරදි ? එහෙනම් මේ හිමිවරුන්ට විරුද්ධව කතා කරන අය මේ රටේ පුරවැසියන්ද ? නැත. මොවුන් සියල්ල රටට ජාතියට ද්‍රෝහියන් හෝ පරදේසක් කාරයන් නොවේද ? (ස)
අර රතුපස්වල ප්‍රශ්නෙදි මේ සේනාව මොනවාද කලේ. (ස)
ඔය එක්කම ජාතියෙන් සමාව ගන්න චැනල් 4 එක සිරිකොතට ගෙනාපු එකට (නි)
මේ අය මොන දේ කළත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? යුධ සමයේ අපේ රණවිරුවන් ඝාතනය කළ අයත් ඉන්නේ කොයි පැත්තේ ද කියා සොයා බලන්නේ නම් මැනවි. (නි)
එජාපය මේ කරපු දෙය සිංහල දේශයට ආදරය කරන කවුරුවත් අනුමත කරන්නේ නැහැ. විදේශිකයන් සිරිකොතට ගෙන්වා ජාතිය පාවා දෙන්නට කරපු දෙයට, මම මෙයින් පසු එජාපයට ඡන්දයක් නොදෙමි. දන්නා අයවත් දීමෙන් වළක්වමි (නි)
දැන් තමා හරියටම කාරණය අවබෝධ වුනේ. චැනල් 4 කණ්ඩායමට ලංකාවට ඇතුල් වෙන්න විසා නිකුත් කලේ, සමුළුවට කෑම උයන්න අවශ්‍ය වෙන පොල් ටික ගාලදීලා යන්නනේ, ඒ වැඩේ පැත්තක තියල සිරිකොතේ තියන ගස් වල පොල් කඩන්න ගිය එක වැරදි තමයි. ඉතින් ඒ හොරකමට අරගොල්ලෝ විරුද්ධ උන එක වරදක්ද?(දිල්)
රූපිකා ඔයා හරියටම හරි. (ස)
මම මේ බොදුබල සේනාව අනුමත නොකරත්, මේ වෙලේ මෙය අනුමත කරමි. හේතුව එජාපය අපේ ලංකාව සහ හමුදාව දිනාගත් යුද්ධය පවා දීමට චැනල් ෆෝ එකේ මක්රේව ගෙන්වා හමුදාව යුද්ධය කාලයේදී කල අපරාධ කියමින්, මානුෂික අයිතීන් කඩනවා කියමින් ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන එකට මේ බොදු බල සේනාව ආවේ. එජාපය මුළු රටෙන්ම සමාව ගත යුතුයි මගේ හැඟිම. (ස)
එදා මේ රට විසලාවක් කල කොටි මිනිමරුවන්ට කොටියා /ත්‍රස්තවාදියා කියන්න බයවුණා යූඑන්පී නායකයන් අද මහා සඟරුවනට පහර දෙන්න කොන්ද තියෙනවා. ඒක තමා යූඑන්පී යට මෙහෙම වුනේ.මේ යන විදියට ගියොත් යූඑන්පී එක තුන්වෙනි බලවේගය වෙන එක වලක්වන්න නොහැක.එසේ නොවීමට නම් පක්ෂ සම්මේලනයක් පවත්වා රණවිරුවන්ට, සංඝයා වහන්සේට නිගා කල සිංහල ජාතියට නිගා කරන එන්ජීඕ නඩය පලවා හැරිය යුතුය. මක් ද සිරිලංකාව තවම බහුතර සිංහල බෞද්ධයන්ගේ රටක් නිසා. (ස)
සිරිකොතේ සිදු වු දෙය කුමක්ද කියා නිවැරදිව දන්නේ නැත. එහෙත් චැනල් 4 කණ්ඩායමට පැමිණිමට අවසර දුන්නේ සිරිකොතේ උදවිය නොවෙයි. සිරිකොත ඇතුලේ අපේ මියගිය විරුවන්ගේ හෝ විරෝධාර හමුදාවන්ගේ විජයග්‍රහණයට කැළලක් කිරිමට තැත් කළේ නම් එය කිසිම ශ්‍රි ලාංකිකයෙක් අනුමත නොකරනු ඇත. එහෙත් බොදු බල සේනාව නමින් හැදින්වෙන සංවිධානයේ හිතුවක්කාර ක්‍රියාකාරකම් ඕනෑවටත් වඩා වැඩිවි ඇත. ඔවුන්ට නීතියේ බලය කවුරුද දුන්නේ එක් එක් තැන් වැටලීමට? හැබෑ බෞද්ධයා මෙසේද? කිසිම ජාතිකට ආගමකට ඔවුන්ගේ සංස්කෘතියන්ට විරැද්ධව යන්නේද? මෙයාලාගේ කථා කෝ කැසිනෝ වලට? බුදු හමුදුරුවන්ගේ දර්ශනයට අනුව බුද්ධ පුත්‍රයෙක් නුසුදුසු අයුරෙන් හැසිරිරෙන් ඒ සම්බන්ධව මහා නාහිමිවරු නිශ්ශබ්ද ඇයි? (නි)
සංඝයා වහන්සේලාට නිගා කරන්නන් හට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි? (නි)
සේනාවෙ පිස්සුව දැන් හොඳටම තද වෙලා වගේ. (ස)
මෙන්න තව ගින්නක්... (ස)