එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් ඇතුළු නව නායකත්ව මණ්ඩලය පිළිගන්නා භික්ෂූන් වහන්සේලා සමඟ විවාදයකට සූදානම් යැයි එක්සත් භික්ෂු පෙරමුණේ සාමාජික උලපනේ සුමංගල හිමියෝ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.
එක්සත් භික්ෂු පෙරමුණේ මතභේද පැවැතියත් තවමත් එය දෙකඩ වී නැතැයි කී උලපනේ සුමංගල හිමියෝ තමන් කිසිදු විටෙක සජිත් පේ‍්‍රමදාස මහතාට කඬේනොයන බවද කීහ.
පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලය පිළිගත්තත් තමන් වහන්සේ ඇතුලුව සිය පෙරමුණ නියෝජනය කරන භික්ෂූන් විශාල පිරිසක් එය නොපිළිගන්නේ යැයි ද සුමංගල හිමියෝ පැවැසූහ.
නව නායකත්ව මණ්ඩලයත නිකරම අංගවිකල දරුවෙක් යැයි ද උන්වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලන් හරි රනිල් හොඳ බුද්ධිමත් අප්ක්ෂපාතී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියල ඔප්පු කරලා තියෙනවා .රනිල්ගේ යට ඉඳගෙන රනිල්ව මෙතරම් විවේචනය කරන අයට රනිල් වෙනසක් කරලා නෑ. නමුත් ලියවෙලා තිබෙන කිසිම ලියවිල්ලක් කඩකරන්න බෑ. ඒකට දඬුවම් දෙනවා . රනිල්ගේ තියෙන වැරැද්ද තමයි ජනතාවට බොරුකියා නොරැවටීම. (නදී)
නායකත්ව මන්ඩල ඇවිල්ලා පැලැස්තර විසඳුම්. එහි ආකර්ශනීය නායකත්වයක් නැහැ. (නදී)
හමුදුරුවරුනේ දේශපාලනේ දේශපාලුවන්ට දීලා ඔබ වහන්සේලා ඉවත් වෙන්ට ඕකෙන්.(නදී)
රනිල් නියම නායකයෙක් නොවෙන්න පුළුවන් හැබයි රනිල් නිසා තම ඔය තරමට හරි ඔය පක්ෂේ තියන්නේ .කරු පක්ෂය විනාශ කල 16 දෙනෙක් එක්ක ආණ්ඩුවට කඩේ ගිහින් සජිත් කිසිම දවසක පක්ෂය ගොඩනගන්න බැලුවේ නෑ.නායකත්වය එනකල් බලන ඉන්නවා හරිනම් රනිල් කලයුත්තේ කරු හා සජිත් පක්ෂයෙන් එළවීමයි. කරු කියන්න මිනිසු පිළිගන්න මිනිහෙක් නෙවි පුලුවන්නම් ඡන්දයකින් දිස්ත්‍රික්කය පළවෙනිය වෙන්න කියන්න (අ)
සජිත් ප්‍රේමදාස මහතා පොදු ජනතාව වෙනුවෙන් හම්බන්තොටටත් ,සකල ලංකාදීපයටත් කරන මෙහවර ඒ.ජා.ප කිසිම නායකයෙක් මෑත යුගයේ කරලා නැහැ. ඒ මණ්ඩල ,මේ මණ්ඩල වලින් බලය නොදුන්නත් ජනතා බල මණ්ඩලය සජිත්ට බව කවදා නමුත් තේරෙයි. ඔන්න කිව්වා.(නදී)
ගාමිණී හම්බන්තොට ගැන නොදැන බොරු කියන්න එපා පළාත් සභා ඡන්දය ඉවර උනාම තේරේවි(දිල්)
හබන් කුකුලන්ට ජය මංගලම් කියන්ඩ වෙන්නේ.(නදී)
අපි රනිල්ට
වෙන නායකයෙක් එනවා නං අපිත් කැමතියි. (අ)
විලන් කැනඩාව, කරු කොළොඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ හැට දහසක් අරගෙන නගරාධිපති වුනේ නැද්ද ? කරු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලක්ෂ දෙක හමාරක් අරගෙන පාර්ලිමේන්තුවටත් පත් වුන බව අමතකද?(නදී)
අනේ, අපේ හාමුදුරුවනේ බලමණ්ඩල ගැන නෙමෙයි ධර්මය පිලිබදව බුද්ධිමත් සංවාදයක් කරනවා නම් ශ්‍රද්ධාව බුද්ධිය දියුණු වෙන්න කොතරම් අගේද. (නදී)