
වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොඳම නිළිය ලෙස ශ්‍රී ලංකාවේ බොරදිය පොකුණ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ කෞශල්‍යා ප්‍රනාන්දුද, වසරේ හොඳම නළුවා ලෙස ඇෆ්ගනිස්තානයේ AN APPLE FROM PARADISEහි රංගනයෙන් දායක වූ රාජ්බ් ග්රුස්සායිනොව්ද සම්මාන හිමිකරගනිමින් 2015 සාර්ක් චිත්‍රපට උලෙළ ඊයේ (06දා) නිමාවට පත්විය.
කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා සහ සාර්ක් රටවල මෙරට තනාපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චාමර සම්පත් /ඡායා ඉසුරු පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෞශල්‍යාට මගේ හෘදයාංගම සුබ පැතුම්! ඔබ ශ්‍රී ලාංකීය සිනමාවට සිටින දක්ෂතම නිළියක් බවට හැමවිටම මගේ පිළිගැනීමක් තිබුනා. (නි)