මත්පැන් බී පාසල් සිසු සිසුවියන් 16 දෙනකු නිට්ටඹුවේ පාසලකට රැගෙන ගිය රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රියදුරු බීමතින් සිටින බවට ලද තොරතුරක් අනුව කොළඹ-නුවර පාරේ වරකාපොලදී වාහනය නවතා රියදුරු අත්අඩංගුවට ගත් බවත්, පොලිසියට රැගෙන ගොස් බැලුම් පුම්බන්නට දුන් විට එය තහවුරු වූ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට පක්ෂ කෙනෙක්ද දන්නේ නෑ. (ත)
ජිවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕනෑ. මාස 6 හිරේ දාන්න.ඉස්සෙල්ලම පොලිසියට රාජකාරි වෙලාවේ බීම තහනම් කරන්න ඕනෑ. මොකද මමත් ලංකාවට ගිය වෙලේ මගේ රියදුරු ටිකක් බිලා හිටියේ නුවරදී රාත්‍රී 12 විතර ඇල්ලුවා. මම රුපියල් 2000 ක් දීල ශේප් වුණා (නි)
බිමත් රියදුරන් පමණක් නොව බීමතින් රාජකාරිය කරන කාටත් බරපතල දඩුවම් පමුනුවනවා නම් රටටත් රටේ මහජනතවටත් සෙතක් වේවි (නි)
ලකුණු ක්‍රමය ලංකාවට හරියන්නේ නැහැ. ඒකට පොලිසිය යුරෝපයේ මට්ටමට සාධාරන වෙන්න තව කල්පයක් වත් යාවි. ලංකාවේ පොලිසියට මුලින්ම නිතිය කියා දෙන්න ඕනෑ. මම දැනුවත්ව ජිවිත කියක් නම් නැති වුණාද පොලිසිය නිසා. හැබැයි ලංකාවේ පොලිසියේ හැටිලට ඔය තරමින් හරි දෙයක් කරපු එකත් ලොකු දෙයක්. තව දෙයක් තියනවා . ලංකාවේ නිතිය අනුව බැලුම් ඒ අවස්ථාවේ පොලිසිය ළඟ තියෙන්න ඕනෑ. නැත්නම් වරදකරුට යන්න පුළුවන්. (නි)
සෑම පොලිස් නිලධාරියෙකුටම දොස් කීම වැරදියි. බොහෝ වෙලාවට සාධාරණ, අපක‍්‍ෂපාත නිලධාරීන්ට නිදහසේ සේවය කරන්න ඉඩ ලැබෙන්නෙ නැහැ වංක නිලධාරීන්ගේ බලපෑම නිසා. ඉතින් අපිවගේ අහිංසකයන්ට වෙන්නෙ උඩ ඉන්න දෙයියන්ට කියල හිත හදා ගන්න (නි)
10% විතර තමා මහත්තුරු ඉන්නේ. මේ මගේ විශ්වාසය. මම වැඩකට එක්තරා රටක එක පොලිසියකට ගියා, මහා දවල් නිසා මම හිටියේ හොඳටම බඩගින්නේ. මම කියන්න හදන නිලධාරී දෙන්නත් බඩගින්නේ. ඉතින් මනුස්සකමට කතා කළා කෑම ටිකක් කන්න. දෙන්නත් ආවා. කෑමත් ගෙන්න ගත්තා. දැන් දෙන්නට මධු පානෙත් ටිකක් ඕනෑ වෙලා. ඒකත් හරි කියමුකෝ. දෙන්න දැන් මටත් කතා කරනවා බොන්න. මම කිවුව මට එලවන්න තියෙනවා බැහැ කියලා. විශ්වාස කරන්න, මෙයාල කියනවා බය නැතුව බොන්න අපි ඉන්නවනේ අපි බලාගන්නම් කියලා. ඉතින් මම බිවුවා. මේ හැබැයි අපේ රටේ නෙමෙයි හොඳේ එකමත් එක රටක වුණ දෙයක් (නි)
කොහොමද මතට තිත? දැන් එහෙනම් දවල්ටත් බීලා එලවනවා. ඉස්සර නම් කට්ටිය රෑට බීලා එලෙව්වේ. දැන්නම් මට පෙනෙන්නේ ආසියාවේ ආශ්චර්යයට යන්න තියෙන්නේ පොඩ්ඩ දුරයි කියලා (නි)
මිනිහා බැලුම් පුම්බන්න කිව්වම හිතන්න ඇති අවුරුදු උත්සවේකට පොලොසියෙන් ආරාධනා කොලා කියලා. (නි)
ළමුන් යවන්නේ මොන වගේ රියදුරෙක් යටතේ ද යන්න මිනිපසුවත් සොයා බැලීම මව්පියන්ගේත් වගකීමක්. (ස)
කර්ණාකර මගේ ඉල්ලීම සලකා බලා සියලුම පොලිස් නිලධාරින්ටත් රෑකියාව ආරම්භ කිරීමට ප්‍රථම බැලුම් පිම්බිමේ අවස්තාවක් ලබාදෙන්න. පොලිසියේ වැඩිදෙනෙක් බීමතින් රැකියාව කරන්නේ. (නි)
ළමයි 16 දෙනාව ඉස්කෝලෙට බස්සලාම පොලිසියට එන්න කිව්වා නම් ඉවරයිනේ. අපරාදේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් පරක්කු වෙන්න ඇති. (නි)
චතුල , පොලිසියේ උදවිය බොන්නේ පිරිත් පැන් වාගේ සුරාපානය නිසා අවුලක් නැහැ. නමුත් රටේ සාමාන්‍යය ජනතාව පානය කරන්නේ මත්පැන් නිසා අවුලක් තියෙනවා. (නි)
පසුගිය කාලයේ රාවයක් තිබුණා ලකුණු ලබා දීලා කරන වැරදි වල බරපතලකම අනුව ලකුණු අඩුකරන්න. යුරෝපයේ බොහෝ රටවල මෙය භාවිතා වෙනවා. හරිම සාර්ථක ප්‍රතිපල ලබලා තියනවා. මේ නීති අපිත් අනුගමනය කරමු. මේ වගේ රටක සිදු වුණා නම් බරපතල දඬුවම්.මොකද ළමුන්ට මේ රටවල් හරිම ආදරේ. (නි)
ළමයි 16 දෙනාට ජීවත් වෙන්න වාසනාව තිබිලා. (ත)