දකුණු කොරියාවේ රැකියාව කර පැමිණි අයකුගේ පානදුර මොරොන්තුඩුවේ දී මංගල උත්සවය පැවැති දිනයේ රාත්‍රීයේ සොරකු මනාලයාගේ පියාගේ කාමරයට ඇතුළුවී පවුම් 21 ක් ඇතුළු රන් භාණ්ඩ මගුල් ගෙදරට ආ අයගෙන් ලැබුණු ලියුම් කවරද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

රුපියල් ලක්ෂ 25ක පමණ රන් අභරණ සොරාගෙන ගොස් ඇති බවද කියති.