
(මොහොමඩ් ආසික්)
වටිනා දේව පිළිම, ජංගම දුරකථන, යතුරු පැදි ඇතුළු දේපල රැසක් සොරකම් කළ බව කියන දේවාලයක කපුවෙකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අරඹේපොල ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ බජාජ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලින් පසුව අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පසුගිය ජූනි මස 18 වනදා රාත්‍රි යේ අලවතුගොඩ අරඹේපොල ප්‍රදේශයේ මාර්ගවයක් අයිනේ නවතා තිබූ මෙම යතුරු පැදිය සොරකම් කර ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය පරීක්ෂණ පවත්වද්දී එම යතුරු පැදිය වත්තේගම පිටියේගෙදර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පසුගිය 21 වනදා වත්තේගම පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ.
පොලීසිය , සීසීටීවී දර්ශන මගින් හඳුනා ගෙන තිබූ සැකකරු සම්බන්ධයෙන් යතුරුපැදිය හමුවූ ස්ථානයට ගොස් කළ විමර්ශණයේදී එවැනි පුද්ගලයෙකු ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන බව අනාවරණය කර ගෙන සූක්ෂම ලෙස ශාන්ති කර්මයක් කරන මුවාවෙන් ගෙන්වා ගෙන සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කළ වැඩි දුර විමර්ශණයේදී ඔහු මෙයට පෙර බකමූණ කළුගඟ පාරේ පිහිටි වෙළඳ සැළක තිබූ ජංගම දුරකථනයක් , මාතලේ අළුවිහාරේ ප්‍රදේශයේ නිවසක තිබූ ජංගම දුරකථයක් මෙන්ම ලග්ගල ප්‍රදේශයේ පත්තිනි දේවාලයක තිබූ වටිනා පත්තිනි දේව පිළිම දෙකක්ද සොරකම් කර තිබියදී පොලීසිය මගින් සොයා ගෙන තිබේ.
මෙයට අමතරව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී නිධානයකින් ගත් බව කියන නිල් මැණික් ගලක් බෝතලයක බහා සැකකරුගේ නිවසේ බිත්තියකට තබා කපරාරු කර තිබියදීද පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd