සෙරුනුවර පාසැල් දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු ගුරුවරිය ගැන වාර්ථාවක් සපයන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති විමලවීර දිසානායක මහතා සේරුනුවර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට නියෝග කළේය.
සපත්තු දෙකක් නොමැතිකම නිසා ඇය සෙරෙප්පුවලින් සැරසී ගිය මුත් ගුරුවරිය දඩුවම් කළ බව වාර්ථා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කුලවමියගේ පින්තුරයක් හොයල දාන්නකෝ. ඒ මේ අතට පෙරල පෙරලා බල බලා ඉන්න. (ස)
ගුරු අභ්‍යස විද්‍යාලවලදි ගුරුවරුන්ට ඉගැන්වීම උගන්වනවට අමතරව මනුස්සකමත් කියල දෙනවනම් හොඳයි. (ස)
මෙවන් ගුරුවරුනට දැඩිසේ දඩුවම් දියුතුයි. (දී)
දරුවන්ට ආදරය නැති මෙවැනි ගුරුවරුන් පාසල් වලින් පන්නා දමන්න ඕනි. (ස)
හදවතට එකගව මෙය කරනවා නම් ඉතා හොඳයි. (ස)
අන්න දඩුවම් දෙන්න ඕනෑ ගුරුවරියෝ.... (නි)
අපේ ස්ටාලින් මහත්තයා මේ ගැන මොකද කියන්නේ? (නි)
මේ ලෝකේ ඉන්න දුෂ්ටතම කාන්තාවන් ලෙස මම දකින්නේ ගුරුවරියෝ සහ රෝහල් වල සාත්තු සේවිකාවන්ය (නි)
අපේ ඒ කාලේ ගුරුවරු කොහෝමද ඔවුන් දෙවිවරු (අ)
මේ ගුරුවරියට පිස්සුද මන්දා. (ස)
මෙන්න දනගැස්සවියයුතුම ගුරුවරියක් (අ)
ඔය වෙන මොකුත් නොවෙයි, අපේම රටේ සමහර ලොකු ලොක්කෝ දුන් ආදර්ශ (නි)
දඩුවම් දෙන්න ඕනේ ගුරුවරියට විතරක් නෙමෙයි මේක හරි කියපු ප්‍රින්සිපල්ටත්.මොකද එක එක ඉස්කෝලවල එක එක නීති,(දිල්)
තමන් විසින් තමන්ම ගස් බැඳ ගන්නා අය ඉන්න රටේ මේවා අහන්න ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (ස)
ඇත්තෙන්ම නිසි දඩුවමක් දෙන්න. අපේ කාලේ ගුරුවරු අපට දෙමාපියන් වගේ සැලකුවේ. තාමත් සිහියට නැගෙනවා. (ස)
ජානකී කියන කතාව නම් ඇත්ත. රෝහල් වල ඉන්න හෙදියන් සහ සනීපාරක්ෂක සේවිකාවන් ළඟ නම් කිසිම කරුණාවක් නැහැ. එ්ත් හැමෝම නෙමෙයි. කාරුණික සුළු පිරිසක් ඉන්නවා (නි)
ගුරුවරියන් සියල්ලම නරක නැහැ. හොඳ ගුරු මෑණිවරුනුත් ඉන්නවා. මෙහෙම වෙන්නේ "මැඩම්"ලා වෙන්නට යන කට්ටිය අතිනුයි. මෙයාලට මැඩම් කියන්ට පුරුදු කෙරුවේ කවුද දන්නෙ නැහැ (නි)
ජානකී හරියටම හරි. නෝනා ගුරුවරියක් වෙලා නැන්දම්මා සාත්තු සේවිකාවක් වුණා නම් කොහොමට තියෙයිද? (නි)
පාසලෙන් සපත්තු දමාගෙන එන්න කියල එලවපු නිසා අම්මගෙන් සපත්තු ඉල්ලා නොලැබුණ තැන එක දැරියක් දිවි නසාගත්තා නේද?? (ස)
මේ වගේ ගුරුවරු ඕනෑතරම් අපි ඉගෙනගන්න පාසල් වලත් ඉන්නවා. ළමයින්ගේ හැඟීම් ගැන කිසිම අවබෝධයක් නැහැ (නි)
ඒක තමා වෙන්න ඕනෑ.වැරැද්ද සොයා නිසි දඩුවම් ලබා දීම.(නි)
වරක් මේ වගේ සිද්ධියක් වෙනිසුලාවේ වුණා අවස්ථාවක. ඒ ගැන ආරංචි වුණ ජනාධිපතිතුමා, ජනතාව අමතන වෙලාවක කිව්වලු එතුමා පාසල් යන කාලේ එහෙම වුණා නම් අද එහෙම නමක් තියෙන ජනාධිපති කෙනෙක් නැහැ කියලා. මොකද එතුමා පාසල් ගිහින් තියෙන්නෙත් සෙරෙප්පු දාගෙනලු.(නි)
මෙම ගුරුවරිය යලිත් වරක් පාසල් යැවිය යුතු බවට යෝජනා කරමි. (ස)
ඔය ගුරුවරුන්ට සෙරෙප්පුවෙන් ගහලා පන්නන්න ඕනි (අ)
ජානකි,ඔයාගේ අදහස මේ ලෝකයේ නොවේ, ලංකාවේ ඉන්න ලෙස වෙනස් විය යුතුයි.දියුණු රටවල ඉන්න ඔය දෙගොල්ලන්ම ඉතාම කරුණාවන්ත ලෙස ඔවුන්ගේ සේවය ලබා දෙන බව අත්දැකීමෙන් මම දන්නවා (නි)
මමනම් කියන්නේ මේකේ වරද ඒ ළමයාගේ (අ)
විජේ නැන්දම්මගෙනුයි, නෝනාගෙනුයි ඔලුව බේරාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් වගේ. (ස)
හැම ආයතනයකම ඔය වගේ අය දෙතුන් දෙනෙක් ඉන්නවා. මුළු ආයතනයේම නම කන්නේ ඒ දෙතුන්දෙනා තමයි. (ස)
අල්විස් මහතගේ අදහස හරියටම හරි. මෙවන් ක්‍රියා සිදු වන්නේ මැඩම්ලා වෙන්න හදන ගුරුවරියන්ගේ අතිනුයි. මෙයාලව මැඩම්ල කරන්නේ දරුවන්ගේ මව්වරු විසිනුයි. මවුවරු තමයි මෙයාලට මැඩම් කියා ආමන්ත්‍රණය කරන්නේ. ඉස්සර හිටපු ගුරු මෑණිවරු මෙවන් මොහොතක ඔවුන්ගේ අතේ මුදලින් ඒ දරුවාගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්න උත්සහා කරනවා. අද එහෙම අය දකින්න නැහැ. (ස)
අසරණ ළමයට සාධාරණයක් ඉටුවේවා. (ස)
පව් අහිංසක දරුවා. මිනිස්සුන්ගේ දුප්පත්කම අදුනන්නේ නැති මිනිස්සු. (ස)