
(අංජුල මහික වීරරත්න)
අනුබුදු මිහිදු මාහිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් පරිදි “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දකිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොසොන් දින පනිවිඩයෙන් පවසයි.
ජනාධිපතිවරයා මෙසේද කියයි.
පොසොන් පොහොය ශ්‍රී ලංකේය අපට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි.
ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වුයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය.
සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් විය.
බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්ම වලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමටද එය හේතුවක් විය. එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි. පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි. විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුත්තකි; උගත යුතු හැසිරීමකි.
එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදටය. අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ. අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන්ය.
එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබේ.
අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි.
එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකිමු
prasanna Tuesday, 10 June 2025 10:39 AM
ජනතාව ඒක හොඳින් දැක්කා. එම නිසා තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔබතුමන්ලාගේ ඡන්ද පදනම මිලියන දෙකකින් පහතට වැටුණේ.
Krishna Tuesday, 10 June 2025 11:21 AM
පළමුව ඔබතුමා එය දකින්න..
Asanga Tuesday, 10 June 2025 12:06 PM
වෙන ආණ්ඩු තියෙද්දිත් ඔයාවගේ දකින්න බැරිවුණා නේද? දැක්කේම වැරැදි... ඇද්දෙම කකුලෙන්... ඒ කරලා දැන් පොසොන් සඳ උදා වුණාම දැන් බණ කියනවා.
Damith Wednesday, 11 June 2025 02:57 AM
අංගුලිමාලත් අන්තිමට බණ කිව්වනේ...!
Tharindu Wednesday, 11 June 2025 10:28 AM
ජොන් කාටුන එක මතක් වෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න...