සරු දෙය සරු ලෙස ම නිසරුව නිසරු විලස ම දැන කරන හික්මු ම දනෝ හිමි කැරැ ගනිති සරු දම සඳැස් ගය- තිලක නවරත්න ( සංජය පිරිවැජියන් වෙනුවෙනි) 01. යමක වග්ගෝ 12. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තෙ සාරං අධිගච්ඡුන්ති සම්මාසංකප්පගෝචරා 08.නිදාන කතාව නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි උපතිස්ස ද කෝලිත ද යන දෙ දරුවන් රජගහ නුවරට නුදුරු දෙටු බමුණු ගම්හි ඉපැදුණා.සැපවත් ව වැඩුණා. කිත් සිරුරින් තර වුණා. සිප් සතරින් අග පැමිණියා. රජගහ නුවර වසක් වසක් පාසා පැවැත්වෙන ලොකු කෙළි නළුවක් යෙදුණා. ඒ බැලීම සඳහා උපතිස්සත් කෝලිතත් ගියේ විනෝදය පිණිස යි.ගියේ සිය පිරිවර ද සමඟ යි. කෙළි නළු දැක්මෙන් දෙ යහළුවන් පිනා ගියේ නෑ.විගඩම්හි නිස්සාර බව දුටුවා. කලකිරුණා. එ කල සංජය නම් පිරිවැජියකු සිටියා. සංජය පිරිවැජියා ගෙන් නිවට දහම උගැන්මට වූ පිරිස ද මහත්. පිරිවැජියන් අතර නමගත් සංජය හමුවට උපතිස්ස ද කෝලිත ද ගියා. නිවට වත් සමාදම් වුණා. සංජය දත් දහම නො අඩුව උගත්තා. ඒ දහමින් මොක් මඟක් දකිනු බැරි බව ඔවුනට වැටහුණා. මොක් මඟසොයනු ව මඟට බැස්සා.දුටුවා ඉතා සංවර ඉඳුරන් ඇති පැවිද්දකු මඟ වඩිනවා. ඒ තමයි අස්සජි හාමුදුරුවෝ. උන් වහන්සේ කෙරේපැහැදී දහම් පදයකට කන් දුන්නා. කන වැකි සැණින් සෝවාන් මඟ පල ද අත් කළා. ඒ තමයි සැරියුත් හාමුදුරුවන් වහන්සේ. සැරියුත් හිමියන් සිය මිතුරන් වූ කෝලිත සොයා ගියා.කෝලිතයනට තමන් උගත් දහම දෙසුවා. කෝලිතයන් ද මඟ පල (සෝවාන්) ලැබුවා. ඒ කෝලිත තමා මුගලන් හාමුදුරුවන් වහන්සේ. ඉතින් මේ දෙ නම මැ සංජය පිරිවැජියන් හමුවට ගියා. තමන් ලත් දහම් ලාබය සැළ කර බුදුරදුන් හමුවට යෑමෙහි යෝජනාව කළා. සංජය තිගැස්සුණා.‘බුදුන් කරා යන්නෝ පණ්ඩිතයෝ මා කරා එන්නෝ මෝඩයෝ’ යි කීවා.බුදුරදුන් හමු ව පැවිදි ව සැරියුත් මුගලන් නමින් අගසවු තනතුරු ද ලදුයේ මේ උපතිස්ස-කෝලිත දෙපල යි. සංජය සොවින් තැවුණා. පිරිහුණා. ඔවුන් නිමිත්තෙනි බුදුරදුන් වදහළේ ‘නිසරුව සරු යි සරුව නිසරුයි යන වැරදි අදහස් ඇතියන් සරු දැය නො ලබන වග’.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සුළු පිරිසක් හැර බහුතරය බුදුරදුන් වදාල ධර්මය ගැන තැකීමක් නොකර මුදල් පසුපස හඹා යයි
බොහොම හොදයි. (ත)
බෞද්ධයන්ගේ අරමුණ විය යුත්තේ සෝවාන් ඵලයට පත්වීමයි. එවිට සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් පෙනෙනු ඇත. (නි)
අද කාලයට ගොඩක් වටිනා ලිපි පෙලක් (ස)
සරු දෙය සරු ලෙස නොදකින හා නිසරු දේ සරු ලෙස දකින සමාජයක් බිහි වී තිබීම කනගාටුවට කරුණක් (ස)
මේ වගේ දේවල් මතක් කර දෙන එක ගොඩක් වැදගත් (ස)
හොද ලිපියක්.(නදී)
බෙහොම හොද වැඩක්. (නි)
අද වර්තමාන සමාජ තත්ත්වය අනුව මෙවැනි ලිපි කියවන බොහෝ දෙනා සිටීම ද සතුටුදායක ය. තෙරුවන් සරණයි.(නදී)