අනුරාධපුර පැනෝරාමා රාත‍්‍රි සමාජ ශාලාවේ අයිතිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කර එම සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තවත් පිරිසකට බරපතල තුවාල සිදු කර දේපල හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙක් නොවැම්බර් මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උමේෂ් ශානක කලංසුරිය මහතා නියෝග කළේය.
වසන්ත සොයිසා කරාටේ ශූරයෙකි.
ඉතිරි සැකකරුවෝ දෙදෙනෙක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරිමට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට අධිකරණයේ අවසරය දුන්නේය.
අනුරාධපුර උදය මාවත බී.එම්.චාරුක මධුෂාන් සහ අනුරාධපුර ජයසිරිපුර පාරින්ද මේනක ගුණතිලක රඳවා ගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත් අනුරාධපුර, දහයියාගම කේ.දිල්රුක් චරිත පෙරේරා, අනුරාධපුර, කුඩාපාලාඩිකුලමේ ජේ.එම්.ඩී.මධුසංඛ කරුණාරත්න, අනුරාධපුර, මිහිදුපුර එම්. කුෂාන් චරිත පෙරේරා, අනුරාධපුර පුබුදු මාවතේ එස්.කේ.ඩබ්.චමින්ද පුෂ්ප කුමාර සිල්වා, අනුරාධපුර, වදාකඩ, ශ‍්‍රාවස්තිපුර එම්.ජී.ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ගල්වඩුවාගම ආර්.එම්.විරාජ් චතුරංග යන සැකරුවන් අතරින් වැඩි දෙනකු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක සැකකරුවෝය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයවීමි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එචි.එමි.යසරත්න මහතා සදහන් කලේ පසුගිය 24 දා රාත‍්‍රියේ විස්සකට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් මැර කණ්ඩායමක් අනුරාධපුර කඩ 50, මුදිතා මාවතේ පැනොරාමා රාත‍්‍රි සමාජ ශාලාවට කඩාවැදි එහි දේපළවලට බරපතල ලෙස හානි සිදු කර ඇතැයිද කියති.
මෙම පහර දීමෙන් සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තවත් කිහිප දෙනකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද කියා සිටි උප පොලිස් පරික්ෂක යසරත්න මහතා සිද්ධියෙන් පැය 24 ක් යන්නට මත්තෙන් සැකකරුවන් අට දෙනකු අත් අඩංගුවට ගැනිමට අනුරාධපුර පොලිසියට හැකිවිනැයිද කීය. මෙම අපරාධය සිදු කිරීමට සැකකරුවන් යොදා ගත් බවට සැක කෙරෙන පොරෝ තලයක්, යකඩ බටයක්, ලී පොලූ කිහිපයක්, ටිපර් රථයක්, මෝටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවද අධිකරණයට සැළ කළ යසරත්න මහතා මෙම සංවිධානාත්මක අපරාධයේ ප‍්‍රධාන සැකකරුද සැලසුම්කරුද බවට සැක කෙරෙන යුධ හමුදා විශේෂ බලකායෙන් පැන ගිය සෙබළකු ඇතුළු තවත් සැකකරුවන් 15 දෙනකුට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇතැයිද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රකාශයක් සටහන් කර ගැනීමට වැඩි දෙයක් කිසිම අපරාධයක හෝ හොරකමක චූදිතයෙකුට කරන්නේ නැහැ. නීතියත් පොලිසියත් දෙකම එකයි. ඉස්සර නම් ආයුධ පෙන්නන්නවත් එක්ක ගියා. දැන් එ්කත් නැහැ.මිනිස්සු අපරාධ කරන්න බය නැහැ. අරක්කු ටිකක් බොන්න දීල අන්න අරූව මරපන් කිව්වම මරන්න පැකිලෙන්නේ නැත්තේ මේ නීතියේ තියෙන නිවට කම නිසා නොවෙයිද? (බ)
මම දන්නා විදියට අනුරපුර තිබුන එකම බලපත්‍ර නැති රාත්‍රී සමාජ ශාලාව මේය. පස්සේ තමා මෙයාලට බලපත්‍ර දුන්නේ දේශපාලකයෝ. එයාලට කතිරේ ගැහුවේ ඔහේ අයම තමා. මේක පූජා භූමියක්. දිට්ට ධම්ම වේදනීය කර්මයක් වගේ. නිවන් සැප ලැබේවා. (බ)
කෙසේ වුනත් මේ අය පොලු අරන් ආවේ අම්මා තාත්තා ගේ බුදලේ වගේ උපරිම දඩුවම් දිය යුතුයි (බ)
මේ වගේ අය නිසා අන්තිමේදී අනාථ වෙන්නේ අහිංසක බිරිඳ සහ දරුවන්. මේවා කරන්න කලින් නිකමට මෙයාලා ගැන හිතුවද? දැන් මෙයාලට මොකද වෙන්නේ? මොනතරම් දුක් ගොඩක්ද? (නි)
ශ්‍රී මහා බෝසමිඳුන් රෝපණයෙන් පුජනීයත්වයට පත්වූ, ගොවිතැනින් ධාර්මික දිවිපෙවෙත් ගතකරන අහිංසක ජනයා සිටින අනුරපුරයට නයිට් ක්ලබ් සංස්කෘතියක් රැගෙන එනවාට අපි නම් අකමැතියි (නි)
දැන් මුහුණු වහගෙන යන්නේ සමාජයට මුහුණදෙන්න ලැජ්ජාවට වෙන්න ඇති (නි)
මොවුන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
අනෙක් අයටත් පාඩමක් වෙන්න මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)