ගව ඝාතනය පමණක් නොව සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කියයි.
ගව ඝාතනය තුරන් කිරීමට තමා විරුද්ධ බවට අන්තර්ජාලයෙන් ප්‍රචාරයක් ගෙන යතියි ද,එය මඩ ප්‍රචාරයක්යැයි ද ඇමැති පවසයි.
‘මගේ ගෙදරටවත් ගව මස් ගන්නේ නෑ. අපි කිසිවකුවත් ගව මස් කන්නේ නෑ. ගවයන් මැරීම තහනම් කරන්නැයි කියමින් දිවි තොරගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සමග මගේ කිට්ටු සබඳතාවක් තිබුණා.‘
ඒ හිමියන්ගේ ආදාහනයේදී කතා කළ ඇමැතිවරයාට සංවිධානය වූ පිරිසක් හූ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුද්ගලයා දෙකොන පටලවාගෙන. ගව ඝාතනය සහ සියලු සතුන් යන විදිහට පටලවා මෙය සිදු නොකෙරන මගකට අදින්න බලනවා. හරකා බල්ලා කුඹුරු වැඩට ගන්නේ නැති බව නොදන්නා අයටත් ඇමතිකම් ලැබිලා.(නදී)
අපි කුකුල් මස් කන නිසා කුකුල්ලු මරනවට විරුද්ධ නැහැ. අපි මාළු කන නිසා මාළු මරනවට විරුද්ධ නැහැ.බුදුහාමුදුරෝවෝ දේසනා කරලා තියෙන්නේ සියලු සතුන්ට කරුණාව දක්වන්නටයි.(ස)
බුදුහාමුදුරුවෝ සියලු සතුන්ට කරුණාව දක්වන්ඩ කිව්වට මස් කෑම තහනම් කලේ නෑ. මොකද ඒක ප්‍රයෝගික නැති නිසා. දේවදත්ත හාමුදුරුවන් ගෙනාපු නිර්මාංශ ප්‍රතිපදාවට උන්වහන්සේ විරුද්ධ උනා. ඒ බුදු දහම වඩාත් ප්‍රයෝගික නිසා. කාරනා තුනක් සම්පුර්ණ කරනවානම් මස් අනුභවය පාපයක් නොවන අතර අනුභව නොකළ යුතු මස් වර්ග 10 ඍජුව තහනම් කලා. නමුත් ප්‍රාණ ඝාතය කිසිසේත් අනුමත කලේ නැත. හරක් මස් ප්‍රශ්නය හුදු ආගමික ප්‍රශ්නයක් නොවේ , එය අපේ ජන සංස්කෘතිය සමග බැන්දී පවතින සතෙකුගේ කළගුණ සැලකීම පිළිබඳ ප්‍රශ්නයක්. මෙය කිසිම ආගමකට එරෙහි සංස්කෘතික බලහත්කාරකමක් ද නොවේ. මන්ද නබිතුමාගේ දේශනා වල හරක්මස් කන්න කියා විශේෂයෙන් දේශනා කර නොතිබීමයි. කාන්තාරයේ ජීවත් වූ ඔටුවන් මරාගෙන කෑම නබිතුමා අනුමත කලේ කාන්තාර තුල මතුවන අහාර ගැටළු නිසා. නමුත් ලංකාව කාන්තාරයක් නොවේ. අප රට තුල අල බතල මේ ඕනෑ දෙයක් වවාගෙන කෑමට හැකියාව ඇත. එසේනම් හරකුන් මරා කෑමට නබිතුමා දේශනා කලේද ? එය කිසිසේත් විය නොහැකිය. මෙම යථාර්තය සියලු අවිහින්සාවාදීන් තේරුම් ගත යුතුය. මිහිපිට සියලු මිනිසුන් කිසිදා නිර්මාංශ භක්ෂිකයන් නොවන්නේය. එනිසා කුකුලන්, මාළුන් , ඉස්සන් ගැන කියමින් කරන නන් දෙඩවිලි නවතා මෙම ප්‍රශ්නයේ යථාර්තය අවබෝධකරගතයුතුය. මෙය හුදු හින්දු ආගමික බලපෑමකට යටවීමක් ද නොවේ. මෙය අපේ කෘෂි ආර්ථිකය ජීවන රටාව හා බැඳුනු සත්වයෙකු කෙරෙහි දක්වන අනුකම්පාවක් ම වේ. හරක් මස් වෙනුවට කුකුල් මස් අනුභව කිරීම කුහක කමක් නොවේ. (නදී)
ඔය ඔක්කොම කතා තව සතියයි....(ස)
ලංකා එහෙනම් ඇයි මාළුවන්ට, උරන්ට සත්ව කරුණාව දක්වන්නේ නැත්තේ.(ස)
සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියට ඩෙංගු මදුරුවා ඇතුලත් වෙයිද?(නදී)
මගේ හඬින් ඔබ සැම දෙන පිබිදෙන්නේ..... මගෙ බිත්තර කා සැමෝම පන ගහ ගන්නේ..... බිත්තර දෙන අම්මා යයි මට නොකියන්නේ..... රෝස්, ඩෙවිල් රස නිසාද මා හම ගහ කන්නේ.....(ස)
අබිලින්, ඔයාගේ කතාව ලොකු වුනාට අර්ථයක් නැහැ. ඒ කියන්නේ හරක් මස් කන්න හොඳ නැහැ. මාලු බිත්තර කුකුල් මස් මරලා කෑවට කමක් නැහැ. (නි)
අපි පළමුව මිනිස් ඝාතන සහ ගව ඝාතනය නතර කරමු. ඇමතිතුමනි, මේ සඳහා පාර්ලිමේන්තුව තුල පනතක්ද, ඊට පසුව ජනමත විචාරනයක් තබන්න. (නි)
සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව කිව්වට ඔන්න ගොයම් මැස්සට හෙම ඔය නවීන අදහස් දෙන්න එපා. (නි)
අබිලින් හරක් වෙනුවට කුකුලෝ කෑවා නම් ඉක්මනින්ම කුකුලෝ වද වෙලා යයි. මොකද එක හරකෙක් ගේ මස් සිය දෙනෙකුට ඇති වුනත් එක කුකුලෙක් රෝස් කලොත් එක්කෙනෙකුටයි කන්න පුළුවන්. හරි හරි අපිට කුකුළු මස් ආනයනය කරන්න පුළුවනිනේ, නේද? (නි)
මම සියට සියක් විරුද්ධයි. මාළුවාගේ ඉදලා ගව ගාතනය දක්වා බුදුදහම අනුව පව් වල ලොකු පොඩි එකක් නැහැ. කූඹියගේ ඉදලා අලියා දක්වා එකම විපාකේ ලැබෙන්නේ.මොනවා වුනත් ඔය සත්ව ගාතනය අද ඊයේ පටන්ගත්ත එකක් නෙමෙයි. ඒක නිසා කලබල වෙලා කරන්න බැහැ. මොකද එහෙම කරන්න තිබුනා පැය 24න් ලංකාවේ සියලුම ජනගහනය බෞද්ධයන් පමණක් වුණා නම්. අනික මට තව එකක් ඉල්ලන්න ඕනෑ, සත්තුන්ට ඉස්සරවෙලා මේ මනුස්ස ඝාතන හා මංකොල්ල කෑම ගැනත් හිතලා බලන්න (නි)
ජනතා බලය බලවත් බව හැම පාලකයෙක්ම හිතා ගන්න. මතකනේ ගඩාපිට වුණ දේ? (නි)
කුඩු මුදලාලිලා , ස්ත්‍රී දූෂකයෝ, මිනිමරුවෝ නවත්තන්න විරුද්ධ වෙන්නෙ නැද්ද? (නි)
මේ වගේ පිස්සු විකාර දොඩවන, හැඟීම වලට විතරක් වහල් වෙච්ච මිනිස්සු ඉන්නකන් මේ රට ගොඩ ගැනීම විහිළුවක්. (ස)
පුළුවන් නම් පනතක් සම්මත කරලා පෙන්නන්නකො අපිට. (නි)
අර හාමුදුරුවන්ගේ ආදාහනයේදී හු කියපු හින්දද (අ)
ඕවට සම්මුති හරියන්නේ නැහැ. ඌරන්ටත් ගැලවෙන්න බැරිවෙන විදිහට වෙනස් කරලා ශරියා නීතිය ගේන්න වෙනවා. සතුන්ට හිංසා කිරීමත් දුක් ගෙනදෙන ආකාරයට මරණයට පත්කිරීමත් තහනම් කළ යුතුයි. එය නීතියට අනුව සිදුවෙනවාදැයි නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුයි. කොළඹ කොටුවේ දුම්රියපොළ අසළ තිබෙන කුකුල් මස් කඩ ඉදිරිපිට බස් නැවතුම් පොළේ කිසිදු හඬක් නොනගා ගිහි පැවිදි අය බලාසිටිනවා කුකුලන් ප්‍රවාහනය කරන වැරදි ආකාරයත් මැරීමට ඔවුන් රැගෙන යන ආකාරයත් දකිමින්. දඩයම් කිරීම සහ මසුන් මැරීම සඳහාත් නීති සැකසිය යුතුයි. විසිතුරු මසුන් හා සුරතල් සතුන් විකිණීම හා තබාගැනීමත් ඊට ඇතුලත්. දෙවියන්ගේ නීතිය කාටත් පොදුයි. (නි)
අපි එතුමාව යාලට යවමු ද? (නි)
මොහාන්, නුඹ මුසල්මානුවෙක්ද? (නි)
සත්තු ගැන අපි බලා ගන්නම්. මිනිස්සුන්ට වෙලා තියන දේවල් ගැන ඔබතුමාලා බලාගත්තොත් නේද හොද? (නි)
කතාවෙන් වැඩක් නෑ ක්‍රියාවෙන් පෙන්නන්න ඕනෑ. (නි)
අපේ පාර්ලිමේන්තුවේ බහුතරයකට රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැහැ. (නි)
දැන් ඉතින් අපි මනුෂ්‍යයන්ට නියම විදියට සලකන නිසා මීළඟ අදියර හැටියට සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියක් ගෙන ඒම ගැන පුදුමයක් නැහැ. (නි)
සම්මුතිය ගන්න කවුරුත් විරුද්ධ නම් ඔය කුමි නසක පවා ඉහින අප වතුර බිල ජිවට් වමු (අ)
ඔව් තර්කානුකුලව ඒකේ වරදක් නැහැ. බහුතරයෝ සිංහල බුද්ධාගමේ අය. පලවෙනි සිල් පදය, පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.. දෙවියනි, බහුතරය හින්දු දමිල ජාතිකයෝ. ඔවුන්ගේ ශුද්ධ වස්තුවක් ගවයා. සුළුම බහුතරය මුස්ලිම් සහ ලංසි ( බර්ගර් ) ඔව්න්ගේ කෑමට සුළු ප්‍රමාණයක් දෙන්න ගවයන්. සිංහල බෞද්ධයන් සහ හින්දු දමිළයන් ගව මස් කන එක නතර කලොත් මේ එක නීතියක්වත් බල සේනාවක්වත් අවශ්‍ය නැත. මෙය අදහසක් පමණි. මමත් සිංහල බෞද්ධ කෙනෙක් , එහෙත් ගව මස් බුදින්න ගිජුකමක් දක්වමි (නි)
මොහාන්, ඔබ මොකක්ද කිවුවේ කියලා මට තේරුනේ නැහැ (නි)
මොහාන් හරියට හරි (නි)
ඔබතුමා හරි. මමත් ගවමස් ජීවිතේටම කාලත් නැහැ.කන්නෙත් නැහැ. මම නිර්මාංශයි. එසේ වුනත් ගව ඝාතනය නතර කරන්න නම් ගව පාලනය, වාණිජ මට්ටමේ කිරි නිෂ්පාදනය මේ සියල්ල නතර කරන්න වෙනවා.ගවයෝ විතරක් නෙමෙයි එළුවෝ කුකුලෝ මාළු?මේ ජීවිත නෙමෙයිද?අනික ගවමස් ආහාරයට ගන්නා ජන කොටසේ අයිතිවාසිකම්? (නි)
ඔය සත්වයින් ගොඩට මිනිසුන්ද ඇතුලත් කරන්න.(ස)
සියලු සතුන් කිව්වට මීයෝ, මකුණෝ, ගරුඩෝ එහෙම ඇතුලත් කරන්න එපා සම්මුතියට. එච්චර දුරට අහිංසක වෙන්න අමාරුයි. (ස)