මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වත්මන් රජය බලයට පත්වන විට විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් තුනෙන් එකක්ම සිටියේ මෑන් පවර් සේවකයින් බව කී අමාත්‍යවරයා ඔවුන්ගෙන් 2500ක් තමා අමාත්‍යධූරය භාරගෙන මාස දෙකක් තුළ ස්ථිර සේවයට ඇතුළත් කර ගත් බව ද පැවසීය.
අවශ්‍යතාවය අනුව හදිසි මිලදී ගැනීම් ලෙස විදුලිය මෙගා වොට් 50ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ සහ ආර්ථික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි ද සියඹලාපිටිය මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික වැඩ කරන ජනතාවගෙන් විශාලම සහෝදර පිරිසක් රැකියාවේ ස්ථිර නැත කොන්ත්‍රාත් අනියම් තාවකාලික ලෙස වැඩ කරනවා සෑම වැඩ බිමකම පුරප්පාඩු තියනවා සියලුම පුරප්පාඩු ස්ථිර කරන්න. (ර)
බොහෝ කලක් රස්සාව ස්ථීර කරගන්න දුක්වින්ද කොල්ලන්ට ලොකු සැනසීමක් වේවි. එස් එල් ටී ලොක්කෝ සැප වින්දා මේ කොල්ලො ටික දුක් වින්දා. (බ)
දේශපාලකයන්ගෙන් අපිට හැමදාමත් අහන්න ලැබෙන හුරුපුරුදු ප්‍රකාශන මෙව්වා.පත්වීම් ලබාදිලම මේ දේ පලකලානම් තමයි වටින්නේ. එවිට ඔබතුමාට ජනතාවගෙන් එල්ලවෙන්න තියෙන ඡන්ද ගුන්ඩුවෙන් ගැලවෙන්න පුළුවන් වේවි. (බ)
මෙම සේවකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)