දිවයිනේ සියලූ පාසල්වලට සමානව භෞතික හා මානව සම්පත් ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීම වත්මන් රජයේ අරමුණ යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රටක් ලෙස පෙරට යාමේ දී අන්තවාදය අවුස්සන නායකයින් නිසා අර්බුදයට ලක්වූ හා භේද අමතක කර සංවර්ධනය ළඟා කරගත් රටවලින් ආදර්ශ ගෙන කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ දී අද පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වි‚.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් ඊට එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! එහෙනම් ලොකු ලොකු ඉස්කෝල වලත් කැකිරි බෙදාවී. ගමටත් අහම්බෙන් හරි කිරි ටිකක් ලැබේවි. අනේ වාසනාවන්! ඒත් ඉතින් කුලී වැඩ කරනා සමහර තාත්තලාගේත්, අම්මලාගේත් දවසක කුලියක් නැතිකරගෙන තමා වවුචරය ගන්න යන්න වෙලා තියෙන්නේ. එදාට අපි බඩගින්නේ. (නි)
ගරු ඇමතිතුමනි, සබරගමු පළාත් සභා පාසල් ගුරුවරුන්ට පළාත් ලේකම්ලාගෙන්, කලාප අධ්‍යක්ෂකවරුන්ගෙන් සිදුවන අසාධාරණ සොයා බලන්න මැදිහත් වන්න. (නි)
අනේ මහත්තයෝ, ඔබතුමාගේ මේ අදහස ඉෂ්ට වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි පුළුවන් නම් ඔය විශාඛා, රෝයල්, වගේ පාසලක ඉන්න එක ගුරුවරයෙක් හරි ගම්බද පාසලකට පුළුවන් නම් මාරුකරන්න බලන්න. එහෙම කළොත් නම් ගමේ පාසලත් ඒ මට්ටමට ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. (නි)
ළඟම පාසල හොඳම පාසල නම් සංකල්පය ඉදිරියට ගෙනියන්න. ඔබතුමාගේ කාලය තුළ එම අදහසෙන් 51%ක් ඉටු කළොත් හැම පාසලකම ඔබේ පිළිරුවක් හැදෙයි. (නි)
අලුත් චක්‍ර ලේකයක් තියෙනවා ගුරු තුලනය ගැන. නියමයි. එක උදාහරණයක් දෙන්නම්. උසස් පෙළ කලා විෂය ධාරාව තිබෙන පන්තියකට ගුරුවරු 2 යි අනුමත. අපේ පැත්තේ පාසලක මේ එක පන්තියේ විෂයන් 12ක් උගන්වනවා. (නි)
මුණසිංහ කියන විදියට විෂයන් 12ක් ගුරුවරු දෙදෙනෙක් උගන්වන්නේ කොහොමද? (නි)
මේවා කතා විතරයි. මේ අයවැයේලු අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වෙන්කළේ. ඒ වුණාට මේ අවුරුද්දෙත් දෙමවුපියන්ගේ සල්ලි වලින් තමයි පන්ති හා ඩෙස්ක් පුටු වල පාට ගෑවේ (නි)
පහසුකම් අඩු පාසල් වැඩියෙන් දියුණු කිරීමෙන් ළමයි ඇතුළත්වීම වැඩිවෙනවා. එතකොට පහසුකම් තිබෙන පාසල් වල පහසුකම් ඉබේටම වැඩිවෙනවා. (නි)
ඔය කරන්න බේරී පොරොන්දු දෙන්නේ නැතුව හැම පාසලකම තිබිය යුතු අවම අත්‍යවශ්‍ය පහසුකම් ටික දෙන්න, අඩුගානේ නම වෙනස් කරලා හරි මහින්ද්යෝදය විද්‍යාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගන්න.(ර)
ඔය සුරංගනා කතා කියලා මිනිස්සු රවට්ටපු කාලේ දැන් පහුවෙලා. යවන්න බලන්න ලියුමක් ඔය හැම ගමේ පාසලටම මොනවද ඔබට උවමනා කියලා. උත්තර ටික බැලුවොත් ඔබතුමා උඩ වීසිවෙයි. (නි)
දැන් කතා ඇති (නි)