මීළඟ නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවෙන් බිහිවන බව කියමින් ජාත්‍යන්තරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුබාසිංශන එකතු කළද අපේ රටේ ජනතාව ඒ පිළිබඳ හොඳ මනසකින් නොදැකීම ගැන තමන් කනගාටු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
සන්ධාන නව මහලේකම් ලෙස පළමුවරට මාධ්‍ය අමතමින් එසේ පැවසූ අමරවීර මහතා සන්ධානයේ නැති සන්ධානය සමග තරග කරන නොකරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර ඒ පිරිසද සන්ධානයට යොමු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරි මැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකම් මඩේ හිටවපු ඉනි වගේ. (ර)
තමන් දේශපාලනයට රැගෙන ආ ගුරුවරයාට ද්‍රෝහී වූ මූසිල චරිත අපි හොඳින් හඳුනනවා (නි)
දැන්වත් පරදේශයන්ට ආවඩන්නේ නැතුව ඉඳිමු. (නි)
රාජපක්ෂ මැතිතුමා විවේක ගන්න පටන් ගත්ත දවසට, ඔය කට්ටිය පහුගිය දේවල් අමතක කරලා එකතුවෙන මට විශ්වාසයි එ්කනේ දේශපාලනේ තියෙන ලක්ෂණය (බ)
මහත්මා ගාන්ධි කියන්නේ ලෝකයම පිළිගත් ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)
නායකයන්ට අපහාස කරන්න එපා (ම)
ඔබතුමාලට දැන් ඉතින් මීටවැඩිය යමක් කියන්න බැහැනේ (නි)
මෙහෙම කතා කිරීමේ කලාව දන්නේ දේශපාලනඥයන් විතරමයි මගේ හිතේ. ඒ පැත්තටත් නැහැ, මේ පැත්තටත් නැහැ, බනින්නෙත් නැහැ, නොබනින්නෙත් නැහැ, හොඳ කියනවද නොහොඳ කියනවද කියලා අපට හිතා ගන්නත් බැහැ. හරි අපුරුයි.(හේ)
බොහොම හොඳයි (නි)
අනේ අපිට නම් නෙල්සන්ලා, ගාන්ධිලා වැඩක් නැහැ. අපිට ඕනෑ මහින්ද රාජපක්ෂ වගේ කොන්ද පණ ඇති කෙනෙක් (නි)
ජාත්‍යන්තරයට එහෙම පේනවා ඇති.. අපි මොනව කරන්නද ඉතින් එ්කට..(බ)
නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි බිහිවුණේ ඔවුන්ගේ රටවල් බේරාගන්න. මෙහෙ එහෙමද? (නි)
ඔය වගේ වැඩට ගියාම ඔහොම කියන්න වෙනවා (බ)
රටේ වෙන දේවල් දන්නේ රටේ මිනිස්සු ජාත්‍යන්තරය දන්නේ අපේ අවස්ථාවාදියෝ ජාත්‍යන්තරයට කියන දේවල් අනික ජාත්‍යන්තරයට ඕනේ එයාලට ඕනේ විදිහට නගුට වනන අය. පාර්ලිමන්ට් එකෙන් 99% හොරු එ්ත් පරීක්ෂණ කරන්නේ විපක්ෂේ ඉන්න අයගේ ඒවා විතරයි සපොර්ට් කරන කට්ටියට ගෙන පරීක්ෂණ නොකරන එක නරක පුර්වාදර්ශයක්. හොරකමට උඩගෙඩි දීමක්. යහපාලනය කියන්නේ ඒවගේ දෙයක්. (බ)
තම රටට ජාතියට සේවයක් කළ ලෝක නායකයින්ට අපහාස කරන්න එපා. (ම)
හැම දේශපාලඥයෙක්ම ඔහොම තමයි. දේශපාලනයේ රැඳෙන්න ඔහොම වෙන්නම ඕනෑ. (නි)
මෙතුමා කොහොමත් මෛත්‍රී පිලේ කෙනක් , පහුගිය කලේ රාජපක්ෂ පවුලෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලි මෙතුමාට ටිකට් එක දුන්නේ නොදී බැරිම නිසා , මෙතුමාට හොඳ චන්ද පදනමක් හම්බන්තොට දිස්ත්‍රිකයේ තිබෙනවා , මෙතුමා වැඩිපුර මෛත්‍රී වාදියෙක් කියල පෙන්වන්නේ නැහැ මොකද එහෙම උනොත් හම්බන්තොට චන්ද කැඩෙන්න ඉඩ තිබෙනවා , (කෞ)
හරියට අවුරුදු උත්සවේදී ඇස් දෙක වහගෙන අලියට ඇස් තියන්න යනවා වගේ. ඒ වුණාට ඇස් ඇරලා බලනකොට වැඩේ කෙරිලා ඉවරයි. (නි)
උපාලි කියන කතාව හරි (නි)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (ම)
අහලා තියෙනවද කියමනක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා.(හේ)
ජාත්‍යන්තරය කියා හිතාගෙන ඉන්නේ කවුද? ඇමරිකාවටද? (නි)
2009 යුද්දේ අපේ ක්‍රමයට නොකළානම් කොටි මරන වරෙන්තුව අදටත් වලංගුයි නේද (බ)
තම තමාගේ ජීවන පැවැත්ම වෙනුවෙන් තම තමාගේ පක්ෂ දිනවන්න තිබෙන උනන්දුව මිස රට හදන්න මේ කිසිම කෙනෙකුට ඕනෑකමක් නැහැ කියලා හොඳටම පෙනෙනවා අපිට (නි)
ඒකා බද්ධ විපක්ෂේ අයවත් ගන්නවද?(හේ)