තම ඉදිරි පාලන කාලයේදී රට සියලූ දෙයින් පරිපූර්ණ සුරංගනා ලෝකයක් කිරීමට නොහැකි වුවත් යහපත් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිධූරයට පත්ව ගතවූ පළමු වසරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකෙන ප‍්‍රබුද්ධ සමාජයකට අඩිතාලම දැමුවා සේම ඉදිරි කාලයේ දී රටේ පිරිසිදු දේශපාලනයක් ඇතිකිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.
වැරදි කරන අයට දඬුවම්දීමට වඩා වැදගත් වන්නේ වැරදිවීමට හේතුවන දේ නැතිකිරීම බව කී ජනාධිපතිවරයා දේශපාලනය තුළ පිරිසිදුභාවය රැකීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ පක්‍ෂවල නායකයින්ට බවද පැවසීය.
‘මාර්තු 12 ව්‍යාපාරයේ’ පළමු සංවත්සර උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපති එසේ කීවේය.
‘‘මම පිරිසිදු දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමි’’ තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුසක් ඒ වෙනුවෙන් පිරිසි`දු දේශපාලනයකට තමන් කැපවන බවට ප‍්‍රතිඥාව ලබා දීමද සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවිදියට පෙනෙනවා රට සුඛිත මුදිත වෙන බව. පෙරේදා කිරිඇල්ල ඇමතිතුමා කිවුව රට අසාර්ථක රාජ්‍යක් කියල. ලගදීම රාජ්‍ය ආයතන ටිකත් විකිනේවි. තමුන් තමුන්ගේ හැකියාව ගැන දන්නවනේ. වාරි අැමති විදියට මොනවද රජරටට කළේ ? සෞඛ්‍ය ඇමති විදියට රජරට වකුගඩු ලෙඩුන්ට මොනවද කළේ ? එවැනි කෙනෙකුට රටක් කළහැකිද ? (බ)
බලපුළුවන්කාරකමින් හිතවත් කමින් ප්‍රශ්න විසඳන ක්‍රමය මුළුමනින්ම තුරන් කර පොඩි මිනිසාටත් කොන්ද කෙලින් තබාගෙන පොලිසියකට උසාවියකට රාජ්‍ය ආයතනයකට යන්න පුළුවන් විධියේ පරිසරයක් ඇතිවේවා. පොඩි මිනිසාගේ අයිතිවාසිකම් අකුරට සුරැකේවා. (බ)
දවසින් දවස වෙන දේවල් දැක්කම ඒක ඕනෑම ගොනෙකුට තේරෙනවා. (බ)
සුළු ජන කොටස් ඔබතුමාගේ ජයග්‍රහණය උදව් කළා නමුත් සිංහල බෞද්ධ ජනයා අමතක නොකරාවි නේද (බ)
අනේ මේ ඔහේගේ බයිලා දැන් මිනිස්සුන්ට තිත්තයි. පළාත් පාලන ඡන්දෙ කල් දාන්නේ ජනතාවගෙන් ඔහෙලට නියම උත්තරේ ලැබෙන බව දන්නා නිසා. (බ)
ඒ වුණාට බලයට එන්න දඟලනකොට කිව්වේ ඔහොම නෙමෙයිනේ. පසුගිය ආණ්ඩුවේ වංචා-දුෂණ-අපරාධ නතර කරලා මේ රට සුඛිත මුදිත කරනවා කියලනේ කිව්වේ. දැන් මොනවද මේ කියන්නේ. (නි)
ජනපතිතුමනි, අපිට වෙන මොකුත් එපා. කන බොන දේ වලින් සම්පුර්ණයෙන්ම බදු ඉවත්කර දෙන්න. අාහාර ප්‍රවාහනය කරන වාහන වලින් රේගු බදු මුළුමනින්ම ඉවත් කරන්න. (නි)
ගරු ජනාධිපතිතුමනි, ආහාරපාන මිල අඩුකිරීමේ ක්‍රමවේදයන් සොයා බැලීමට ජනතා අදහස්ද විමසන කමිටුවක් පත්කරන්න. කන බොන දේවලින් බදු අයකරන්න එපා. (නි)
රටේ බහුතරයක් මන්ත්‍රීලට බදු රහිතව වාහන පර්මිට් දෙනවට විරුද්ධයි. බොරුනම් අන්තර්ජාලයේ ජනමත විමසුමක් කරන්න. මේ මන්ත්‍රී පර්මිට් නිසා රජයට ලක්ෂ 45000 ක් පමණ පාඩුවෙනවා. මේක අහෝසි කළොත් බදු වැඩිකිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. (නි)
එංගලන්තෙ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ (බ)
ජනාධිපති තුමාගේ සහායට අපි ඉන්නවෝ.(හේ)
ඒ කතාව නම් හරි.(හේ)
අපිට කිසිම දෙයක් එපා මේ ලැබිලා තියෙන දේවල් හොඳටම ඇති (බ)
හැබැයි මහින්ද රටට කරපු සේවයට අලගු තියන්නවත් ඔබට බැහැ. ඔහුට හොරා යයි බොරු අවලාද නගමින් බොරුවක් සමාජ ගත කරන්න හැදුවත් ඇත්ත හැමතිස්සෙම පෙනෙනවා.(බ)
කාලෙන් කාලයට ශබ්දකෝෂය විතරයි වෙනස්. කෙරුවාවල් එකයි. තව අවුරුදු 20 කින් ජනතාවට ගෙල හිරකරගෙන මැරෙන්න තමා සිද්ධවෙන්නේ (නි)
ජනපතිතුමාණනි ඔය උපකාරක පන්ති ඔක්කොම ඉරිදට සහ පෝය දාට තහනම් කරන්න ඔක්කෝම ළමයින්ට දහම් පාසල් අනිවාර්ය කරන්න පෝයටද දහම්මට ළමයින්ව අනිවාර්ය කරන්න එතකොට යහපත් සමාජයක් ඉදිරියට හදන්න පුළුවන් හොඳ රටක් හදන්න පුළුවන්, (බ)
වැරදි කරුවන්ට උපරිම දඬුවම් ලබා දීම වැරදි නොවීමට හේතුවන ප්‍රධානම කරුණය. පක්ෂයක ආරක්ෂාව වෙනුවෙන් එය වැදගත් නොවීම නීතියක් ගරු කරන ජනතාවගේ කැමැත්ත නොවීමට ඉඩ ඇත . පිරිසිඳු දේශපාලනය නීතිගරුක ජනතාවගේ අභිලාශය වෙන අතර එය ඉදිරියට ගෙනයන කවර නායකයකුට හෝ අපි සුබ පතමු. (බ)
එතකොට මේ ශ්‍රී ලංකාව අයහපත් රටක් ව තියෙන බවද මේ කියන්නේ. මේක ලෝකය ඇති රටවල් වලින් හොදම රට බව අමතක කරන්න එපා. (බ)
රූපසිංහ මහතාණෙනි, අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා යැයි සිතමු. අපිට ඇති විසඳුම වෙනුවෙන් නැවත ඉඟුරු හෝ මිරිස් ගනිමුද? ඒ වගේම මහින්ද - සෞදි මහතාට අනුව ක්‍රි.ව. 1948 සිට මේ වෙනතුරුම අපි කර ඇත්තේ මාරුවෙන් මාරුවට මුට්ටි ඇල්ලීම නොවෙයිද? (නි)
එක,එක දවසට නොයෙක් විලාසිතා වලින් මිනිස්සු අන්දනවා. මේක මහා විකාරයක් වෙලා.අපිට මේවා අබිං වගේ වෙලා. හැමපැත්තෙන්ම අහිංසක ජනතාව මුල වෙලා. මිනිස්සු පව්. ඔන්න පිටිත් ගණන් ගිහින්. ඔබතුමා ඕවා දන්නේ නැති නිසා මතක් කළේ.....(බ)
එතුමා කියන දේ ඇත්ත. අපි ඉදිරියට යායුත්තේ පියවරෙන් පියවරයි. (නි)
හොඳ රටක් කොහොම වුනත්, රට දෙකට කඩයි කියල නම් පේනවා. (බ)
කතාව අහලම හොඳටම ඇතිවෙලා මෛත්‍රී මහත්තයාගේ. ගොවියා,ශිෂ්‍යයා, වෘත්තිකයා, කම්කරුවා , හාමුදුරුවරු ඔක්කොම මහපාරේ. බදු උපරිමයට. පාතාලය මිනීමැරුම් හැම තැනම. සාමාන්‍ය මිනිහ හොඳටම හෙම්බත්වෙලා. දැන් ඕනේ වැඩ. කාලය ගෙවිලා යන්නේ බොහොම ඉක්මනින්. (බ)
දහම් පළාත් පාලන ඡන්දේ තිබ්බත් ඔච්චරම තමයි. මහින්ද පිලට ඡන්දේ දෙන්න තරම් අය ලංකාවේ නැහැ (බ)
රටටම ඇත්ත කීවාට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඉල්ලන්නේ ලේසි දෙයක් "දුම්වැටි භාවිතාවත් නතර කරලා දෙන්නකෝ." (බ)
රටේ හොද වෙන දේවල් වලින් පේනවා (බ)
ඔබ තුමා තවත් රටක ජනාධිපති කමක් දරනවද? කොහේද අර ප්‍රජාතන්ත්‍රාදය ස්ථාපිත කළා කිව්වෙ? තමන්ගෙ පක්ෂය ඇතුළෙවත් ප්‍රජාතන්ත්‍රාදය නෑ නේද? ඡන්දෙට දින 2කට පෙර ඔක්කොම වෙනස් කළේ ඒකාධිපති ක්‍රයට නෙමෙයිද? පිටරටින් එන අයට ඕව කියල ලකුණු දාගත්තට මේ රටේ අයට ඔය බයිල කියල අයිත් රවටන්න බෑ. (අ)
එක්තරා නායකයෙක් හෙලිකොප්ටරයේ යද්දී එය පහත්කරලා රුපියල් 100 කොළ දානවලු. එයත් එක්ක හිටපු කෙනෙක් ඇහුවලු ඇයි එහෙම කරන්නේ කියල. එතකොට කියුවලු "අයිසේ බලනවකො ඒ මිනිස්සු සතුටු වෙන හැටි" කියල. එතකොට අනිකා කියුවලු "සර් පනින්නකෝ උඩ ඉදල" කියල. ඒ ඇයි කියල අහපුහාම කියුවලු " එදාට මුළු රටම සතුටුවෙයි" කියලා. හොද රටක් ඇති කරන්නත් ලේසියෙන් කළ හැකි දේවල් තියනවා. (බ)
ඔබට ජයෙන් ජය ජනපති තුමනි .(බ)
බලයට එන සෑම නායකයකුම අතීතයේ සිට කිව්වේ ඔය කතාවම තමා , නමුත් මේ දිනවල රටේ සිදුවන දේවල් දුටුවම ඇසුවාම මේ කියනා දේවල් අතීතයේ අයගේ බයිලාම තමා කියා සිතෙනවා , දුප්පත් ජනතාව මොනවා නැති වුනත් බලා පොරොත්තු වන්නේ ණය නොවී කාලා ඇඳලා , ලෙඩක් දුකක් වුන විට රෝහලක නොමිලේ ප්‍රතිකාර ගන්නට , ඒ ටිකවත් ලබා දුනහොත් මහත් පිනක් ඔබ තුමාට ජනාධිපති තුමනි (බ)
දේශපාලනය පිරිසිදු කරන ගමන් රජයේ ආයතනත් පිරිසිදු වෙන්න ඕන, දේශපාලකයෙක් උසාවිය මගින් වැරදි කරුවෙක් වුනොත් ඔහුට කිසිම දිනක ඡන්දය ඉල්ලන්න නොදීමට නීති පැනවිය යුතු වේ , ඡන්දය ඉල්ලන්න අර ඉස්සර පොලිසියට බඳවා ගත්ත ක්‍රමයට පක්ෂ නායකයෝ කටයුතු කළ යුතුයි, පක්ෂ වලින් ඡන්දෙට වියදම් කරන මුදල් ගැන සීමාවක් පැනවිය යුතු වේ, ඡන්ද කොමිසමට මේ ගැන හොයා බලන්න බලය තිබිය යුතුයි, යමෙක් වැරදි කරලා ඇත්නම් දඬුවම් දෙන්න නීති පැනවිය යුතුයි (බ)
අන්වර් හිල්වුණු තැනට මුට්ටි ඇල්ලීම නවත්ත ගන්න. (බ)
මහින්දගේ රජය තිබුණු කාලේ බඩුමිලට වඩා අද බදු මිලේ ඇති වෙනස කවුරුත් දන්නවා. රටේ අවුරුදු 35 ක යුද්ධයක් තිබිලත් මහින්දගේ කාලයේ බදු මිල වැඩියි තැන තැන මිනී මැරීම් සිදුවෙනවා ඒ නිසා රටට යහ පාලනයක් අවශ්‍යය කියල රටේ ජනතාව ජන්දෙන් පත් කර ගත්තු ආණ්ඩුව දිහා බැලුවාම දැන් සිදු වෙන්නෙත් පෙරට වඩා නොවූ විරූ දෙයක් යයි කියා කිසිවෙකුට නොකියා බැරිය. කතාව එසේ නම් එ්කත් හරියට ඉගුරු දීල මිරිස් ගත්ත හා සමානය. (බ)
රට හොද රටක් කරනවා කිව්වේ කාටද අපිටද, නැත්තම් උතුරටද (බ)
කියන්න දෙයක් නෑ. මොකුත් කරන්න බැරී බව රටටම පේනවා (බ)
අන්වර් දැන්වත් මහින්ද එක්ක හැප්පෙන එක නවත්තල මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික කතා කරමු. ගිය ආණ්ඩුව ඇන ගත්තේ හැම එකටම කොටි ගාවගෙන. මේ ආණ්ඩුවට මහින්ද. අනෙක මිනිස්සු තමයි අන්තිමට කව්ද ගෙනෙන්නේ කියල තීරණය කරන්නේ. (බ)
හොඳ රට ඇතිවෙන්නේ 2075 වර්ෂයේ වෙන්න ඇති. ඔය ජාතියේ ඒවා නම් අපිටත් කියන්න පුළුවන්. (බ)
අන්වර් ඔයාල හරක් මස් කෑවට අපි හරක් මස් කන්නේ නෑ (බ)
ඔබතුමාගේ කතා අපිට තිත්තවෙලා ඉන්නෙ. කවදද වැඩ පටන් ගන්නෙ (බ)
මෙතුමලා ඉතින් යන යන තැන හිනාවෙලා කතා පවත්වනවා. අපි ඉතින් හිනාවෙලා අදහසක් දමනවා. වෙන ඉතින් මොනවා කරන්නද? (නි)
හොඳ රටක් කිරීමට හිතන එක නම් හොද වැඩක්, නමුත් පාතාලේ හිස ඔසවල, මන්ත්‍රී නෝනලා පිරිමි උස්සන් යනවා, ඇමතිලා කොල්ලෝ යටකරගෙන වාහන පදිනවා. ගැබිණි මව් වරු වැරදිලා වෙඩි කනවා. ජනාධිපති කාර්යාලයේ වාහන මිනිස්සු යටකරගෙන යනවා, දෙමළ අය උතුර ඉල්ලනවා, පාන්, පිටි, ලුණු, මේ හැම දෙයක්ම ගණන් යනවා, ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ. මැති ඇමති ගොල්ලෝ නම් අපේ සල්ලි වලින් සිංගප්පුරු බෙහෙත් ගන්නවා. තව ටික කලකින් ලංකාව අපායක් වෙන බව නම් ෂුවර් (බ)
ඉදල හිටලා ඔබ තුමත් පොඩි විහිළුවක් එහෙම දානවා නේද? (බ)
නායකයෙක් වුණාම කෙලින් කතකරන්න ඕන රටට අයහපතක් කරන්න එපා, එකෙක් කියල තව එකෙක් කරන්න එපා, (බ)
හොඳ රටක් ඇති කරන්න නේන්නම් මන්ත්‍රීලාගේ පඩි වැඩි කරන්නෙත්! (නි)
කටින් බතල කොළ හිටවලා නම් වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ! (නි)
ජනතාව පිට වැට් බදු ඇතුළු තව බදු පනවා ඒ ලබා ගන්නා මුදල් වලින් මැති ඇමති ඇතුළු ජනාධිපතිවරයා තම වැටුප් හෝ වෙනයම් දීමනාවල් වැඩි කර ගන්නේ නම් එවැනි ක්‍රියා සාපරාධී ක්‍රියා ලෙස ජනතාව හෙලා දැක ඉට විරෝධය පළ කොට ආණ්ඩුව පන්නා දැමීම ඉබේම සිදු වන්නා සේම කළයුතු දෙයකි. (බ)