රටක් ලෙස පෙරට යාමට නම් ජාතික සංහිඳියාව පිළිබද ගැටළුවට ස්ථීර විසඳුමක් දිය යුතු බවත්, එහි දී රටේ සියලූ ජන වර්ගයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපතිනි හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
මෙම ක්‍රියාදාමයේ දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අවශ්‍ය සංශෝධන සහිතව පදනම් කර ගත හැකි බව ඇය සඳහන් කළාය.
හිටපු ජනපතිනිය මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආරම්භ කර ඇති ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කමිටු ශාලා ‘ඊ‘ හිදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙම කාර්යාලය මගින් ජාතික සමගිය හා සංහිඳයාව ඇති කිරීම වෙනුවෙන් සැලැස්මක් සකස් කරන බවත් එහි දී තම පාලන සමයේ ඉදිරිපත් කර තිබූ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාලියේ සිට, උගත් පාඩම් පිළිබඳ ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, උදලාගම වාර්තාව, විද්වත් කමිටු යෝජනා ආදියත් සැලකිල්ලට ගන්නා බව ද ඇය කීවාය.
මෙම වැඩපිළිවෙල යටතේ රටේ අනාගතය වන දරුවන්ගේ සිත්වල සංහිඳියාව පිළිබඳ හැගීම් වර්ධනය කිරීමේ වැඩමුළු මාලාවක්, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය, ත්‍රෛභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇති කිරීම, සිංහල අලූත් අවුරුදු, තෛපොංගල්, දීපවාලි, රාමසාන් ආදී ආගමික හා සංස්කෘතික උත්සව දෙක බැගින් තෝරාගෙන සියලූ දරුවන්ගේ සහභාගීන්වයෙන් පාසල්වල සැමරුම් උත්සව පැවැත්වීම, පාසල් පෙළ පොත්වල ඇති ජාතික සංහි`දියාවට හානි වන ආකාරයේ දේවල් ඉවත්කිරීම, සාමය හා සංහිඳියාව පිළිබඳව වන විෂයක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම, යුද්ධය නිසා මානසික පීඩාවන් ඇති වූ අයට මානසික සහනය ලබාදීම ආදී කටයුතු ක්‍රියාත්මක කරන බවද ඇය කීවාය.
ශ්‍රී ලංකාවට එරෙහිව තිබූ ජාත්‍යන්තර ගැටලූවට දේශීය විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙල ද මේ වන විට ආයතන 4ක් යටතේ සිදු කෙරෙන බව කී හිටපු ජනපතිනිය එයට ජාත්‍යන්තරය ද එකඟ වී ඇතැයි ප්‍රකාශ කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ඔබ තුමියට ලොකු සාධාරණයක් කරානේ ,ඒ දවස් වලම .ඇහැකුත් නැතිකරලම .හොයල බලන්නකෝ ,එයාල කවදාවත් කියල තියෙනවද කියල සිංහලයින්ට උතුරේ ඉන්න පුළුවන් කියල. එයාලටම කියල කියව ගන්නකො ඔයවගේම කතාවක් (බ)
සිහලුනි නැගිටිවු, ජාතිය බේරාගනිවු! ජාතිය වනසන විෂබීජය හඳුනාගෙන කටයුතු නොකළොත් ජාතියේ විනාශය අතළඟයි (නි)
මෙතුමිය රටේ පාලනයට අතගහනවා කියන එක ගැන නම් අපිට කතාකරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ (නි)
මගේ මුල්ම ඡන්දය මෙයාට දැම්ම එක ගැන මම දැන් දුක්වෙනවා (නි)
ඉතින් ඔයා රට පාලනය කළ කාළේ ඕක කරන්න තිබුනනේ..අපි ගැන කතා කරන්න තමා කවුරුත් නැත්තේ.(හේ)
මෙදා පාර "රතු නෙලුමෙන්" පටන් ගන්නද දන් නෑ හදන්නේ? (ම)
මේ ඔක්කොම ඕනෑ සිංහලයන්ට. දෙමළ අයට ඕනෑ වෙනම රටක්. ඒක වෙනස්වෙලා නැහැ. මහින්ද නොහිටින්න අපි තවම කොටි බෝම්බ වලට මුහුණදෙනවා. (නි)
මොකද දැන් වෙච්ච අසාධාරණය? (නි)
කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකාව කියන්නේ විවිධ ජාතීන් ඇති රටක්. ඉතින්, ඒ රට දියුණු කරන්නත් හැමෝගෙම සහයෝගය අත්‍යාවශ්‍යයි. වගේම සහයෝගයත්, සන්හිදියාවත් අත්‍යාවශ්‍යයි. පටු ජාතිවාදීන්ට මනුස්සකමේ අගය තේරෙන්නේ නැහැ. මැතිනියනි, ඔබ කිව්වා වගේ ජාතිවාදීන් හැම රටකම දේශප්‍රේමීන් යයි කියාගෙන ජනතාවගේ හිත්වලට කාලෙන් කාලෙට විෂබීජ දාගෙන බඩගෝස්තරවාදීව තමන්ගේ ගැන හොයාගන්නවා.ඔවුන්ගේ පැවැත්මන් තියෙන්නේ ජාතිවාදය වැපිරීමෙන් විතරයි. ඔහොම යං. ඔබට ජයශ්‍රී. (ස)
අසාධාරණයට එරෙහිව පෙළගැසෙන්න ජනතාවනි! (නි)
මින් පස්සේ එස්.මහින්ද හිමියන්ගේ දේශමාමක කවි ,නන්ද මාලිනීගේ ගීත, සුනිල් ශාන්තගේ ලංකා ලංකා වගේ ගී,හෙළජාතික අබිමානේ වගේ ගී අහල ඉවරයි.මෙයාගේ පවුලේ අය කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් ලෝකෙට පරකාසේ.අපේ දේශය කාසි කබල් දේශපාලුවන්ගෙන් රැකගනු මැන දෙවින්න්දුනේ.එනපොට හොඳ නැහැ. (බ)
ඊළමේ දෝංකාරය ? (බ)
මෙයා තමයි හොදම ජනපති (ම)
ඔබ හරි ජනපතිනියනි (බ)
මෙයාගේ එකම බලාපොරොත්තුව හිටපු ජනපති මහින්ද ගේ කීර්තිනාමය හා යුද්දය අවසන් කර ගෙනා සාමය ජාත්‍යන්තරයේ සහයෝගයෙන් දෙකේ කොලේට දැමීමයි (බ)
ශ්‍රීලාල් කියන කතාව තමයි මටත් කියන්න තියෙන්නේ (නි)
සියළු ජන වර්ගයන්ට මේ රටේ එක්ව විසීමේ හැකියාව තිබෙනනේ... (නි)
මොකද මේ කට්ටිය කුලප්පු වෙල? සංහිඳියාව ඇති කරනවයි කිව්වහම. වචනෙ තේරුම් ගොඩක් අයට තේරිල නැද්ද කොහෙද? (අ)
බටකොල ආච්චිගෙ මොලේ කොලොප්පං වැඩිවෙලා... අනේ මේ ඉසකුඩිච්චියක් දාගෙන පැත්තකකට වලො ඉන්නවද පිස්සු නටන්නේ නැතුව'(රේ)
ඔබ තුමිය ඔය වගේ කතා කරලා අර වැදගත් සිරිමාවෝ මැතිනියට බන්නවන්න එපා. එතුමිය රටට වැදගත් දේවල් කරපු මාතාවක්, ඔයාගේ කතා බලල මිනිස්සු බනින්නේ ඒ මවට අපරාදෙනේ මැතිනිය බැනුන් අහන්නේ.(රේ)
ලැජ්ජාව කියන එක පොඩ්ඩක්වත් තිබේනම් දැන්වත් පැත්තකටවෙලා ඉන්නවා නෝනා. ඔහෙලා වගේ අය තමයි අපේ රට නැති කලේ (රේ)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
සිංහල අපිව රැකගන්න එක කාගේත් යුතුකමක් (නි)
කරුණාකරලා ගරු සිරිමාවෝ මැතිනිය ගැන කතා කරන්න එපා. එතුමිය තරම් හොද නායිකාවක් අපට ලැබෙන්නේ නැහැ. (ස)
දැන් කතා ඇති හොඳටම (නි)
මැඩම් ඉන්න කාලේ ඇමතිවරු පිස්සු නැටුවේ නැහැනේ. මීයට පිම්බා වගේ හිටියේ. කුඩු එතනෝල් නැහැ. පවුලේ අයට තානාත්තර දුන්නේ නැහැ. (නි)
අපිත් ආසයි සාමයෙන් ඉන්න. ඒත් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න පුලුවන්ද? (නි)
එහෙම කරන්න පුලුවන් නම් අපිත් කැමතියි (නි)
දේශය දෙකඩ නොකරනු! (නි)
මම දකින්න අප්‍රියම කරන චරිතයක්. මොකද මෙයාගේ පාලන කාලය තුළ පෞද්ගලිකවම මම අත්දුටු හේතුන් නිසා. සිංහල අපිට සාමයෙන් ඉන්න ඕනෑ වුණාට, දෙමළ මිනිසුන්ට ඕනෑ තමන්ගේම රටක්. ඔබ මතක තියාගන්න චන්ද්‍රිකා මැතිනියනි, ජනවර්ග පදනම මත සීමාමායිම් නිර්මාණය කර තිබෙන පළාත් සබා තිබෙනතුරු, ඔය බෙදී වෙන්වීයාමේ ඊළාම් සිහිනය දිගටම තියේවි (නි)
ජයවේවා මැතිණියනි! (නි)
අපි බලමු මේ මොනවද කරන්න සූදානම් වෙන්නේ කියලා (නි)
මැඩම් සමඟ අපි ඉන්නවා (නි)
නිශාන්ත මහතා හැර, අනිත් සියලු දෙනාටම මම කියන්නේ. ඔබල සෑමදෙනාම, සිංහල කියා අමතකකර, මොහොතක් සාධාරණව ඔබ දමිළ වැසියෙක් හැටියට හිතා බලන්න. (නි)
මේ හැම කතාවකම අවසානය මොකක්ද කියලා අපි දන්නවා (නි)
ඉතිහාසය පුරාම අපේ රට අඩුවෙන්ම සංවර්ධනය වුණේ 94 සිට 2005 දක්වා කාලෙදි. ඒ කෙරුවාවල් කියන්න ගියොත් අපේ ලේ නරක් වෙනවා. (නි)
සිංහලයාට නිජ බිම වශයෙන් ඇති එකම රට ශ්‍රී ලංකාවයි. නිජබිමේම සිංහලයා අසරණ වන එකම රටත් මෙයම වේවි. බලපෙරේත දේශපාලකයන් එය නොදන්නවා වුණාට සාමාන්‍ය මිනිසුන් ලෙස විදෙස් වල ,විශේෂයෙන් මැදපෙරදිග රැකියාව කරන අය දන්නවා. කළයුත්තේ පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මතවන නීති තුළින් මේ රටේ සියලුම වැසියන්ට ජීවත්වීමට සැළැස්වීමයි. (නි)
රවී බණ්ඩාර, ඔබ හරියටම හරි. (නි)
අැයි තාමත් අනිත් ජාතීන්ට වෛර. ඊර්ෂ්‍යා කරන්නේ. ඕක දැන්වත් නවත්තන්න. ඔබලාගේ නුගත් කම මොනවා කරන්නද (බ)
ජනක,හොදයි අපි එහෙම හිතුව කියමුකෝ.අපිගැන එහෙම හිතන්න මේ ලෝකේ කොතැනම හරි කෙනෙක් ඉන්නවද?. ලෝකය එක වහලක් යටට ගත්තොත් අපි මොනතරම් කුඩා ජාතියක්ද දෙමළ ජාතිය කෙතරම් විශාල ද කියල ඔයාට පෙනෙයි. අනේ මන්ද අපි මහා ජාතිය වෙලා එයාලා සුළු ජාතිය වුණේ කොහොමද කියල.(ම)
ලංකාවේ සිංහල මිනිස්සු අතර ඔය ජාතිවාදී අදහස් නැහැ . නැත්නම් කොහමද කොළඹ ඔචචර දෙමළ මුස්ලිම් මිනිස්සු ජිවත් වෙන්නේ ? මෙයා හදන්නේ නැති ප්‍රශ්න ගැන කතා කරලා මෙයාගේ නම ජනප්‍රිය කරගන්න (රේ).
දැන් සංහිඳියාව ගැන කතා කරන්න මෙයා මොනවද රටට කළේ ? සුරිය කන්දේ වලවල් හාරලා පලවෙනි පාර ගොඩ ගියා අනුකම්පා ඡන්ද වලින් දෙවැනි පාර ගොඩ ගියා. . අවූරුදු 12 ට රට අගලක්වත් ඉස්සරහට ගියේ නෑ. යුද්ධය වවාගෙන කෑව. (බ)
සිංහලයාට කියලා රටක් නැහැ, මෙයාලා තවත් බයිලා කියනවා (බ)
මෙයාව දැක්කම මගේ ඇග හිතල වෙලා ගියා ලියන්න අාපු දෙයත් අමතක වුණා. මෙයාගේ අදහස් විතරයි මේ රටට දැන් අඩු. රටේ කරුමේ. (බ)