සිංහලේ නමින් ඇතිවී ඇති නව ප්‍රබෝදය දේශපාලනී කරණය වීමට ඉඩ නොතබන බව සිංහලේ ජාතික සමුළුවේ සභාපති යක්කලමුල්ලේ පවර හිමියෝ අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන බුදු වදන පෙරදැරිකරගෙන සියලු සත්වයෝ සුවපත්වේවා යන වදන අනුව කටයුතු කරන බවත්, අනිත් ජාතීන්ට ඇඟිල්ල දිගුකරීමට පෙර තමන්ගේ අඩුපාඩු මහගරවාගත යුතු බවත් ඒ හිමියෝ කීහ.

කිසිම දේශපාලනඥයකු මෙම වැඩසටහනට සම්බන්ධ කර නොගන්නා බවද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස කීහ.

දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ද රටේ සිටිය යුතු යැයි ඔවුහු සඳහන් කළහ.