වාහන මිල දී ගැනීමේ දී 90%ක් දක්වා කල් බදු පහසුකම අද (29) සිට පාරිභෝගිකයන්ට හිම වන බව මුදල් අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිල දැනුම් දීම රජයේ සහ පෞද්ගලික වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කිරීමට නියමිත ය.
100%ක් කල්බදු පහසුකම් ලබා දීම 2015 සැප්තැම්බර් මස 15 දා සිට අත්හිටැවිණි.
එදින නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව වාහනයක් මිල දී ගැනීම සඳහා එතෙක් තිබූ 100% කල්බදු පහසුකම් ලබා ගැනීමේ හැකියාව 70% දක්වා පහළ දැමිණි.
එහෙත් එමගින් මෙරට වෙළෙඳපොළට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කළ බව අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා ලංකාවේ වාහන කියන්නේ අගය වැඩි වෙන භාණ්ඩයක් කියලා. මේක නරක තත්වයක්. මේ නිසා මිනිස්සු හම්බ කරන මුදල් නව කර්මාන්තවල ආයෝජනය කරනවා වෙනුවට වාහන වලට ආයෝජනය කරනවා. මේකෙන් රටේ ඵලදායි ආයෝජන නවතිනවා. ජපානයේ මිලට වඩා 10% ක් පමණ බද්දක් රජය අය කරනවානම් වාහන මිල අඩුවී, එය රටේ නව කර්මාන්ත ආරම්භ වීමට හොද රුකුලක් වේවි. (ර)
ඔය ලොකු ලොකු තීරණ ගන්න අය කවදාවත් බස් එකක ගිහින් මිනිස්සු විදින දුක විදලවත් දැකලවත් නෑ. දුම්රියක, බස් රියක යන්න බෑ ඇගේ ඇටකටු පොඩිවෙනවා. දුමිරියේ විදුලි පංකා තිබුනට කැරකෙන්නෙ නෑ මිනිසුස් දාඩියෙන් නෑවිලා. ඉතිං පුළුවන් හැම මිනිහම තමන්ගෙ කියලා වාහන කට්ටක් ගන්න දගලන එක පුදුමයක් නෙමෙයි. මේ තීරණ ගන්න ඉහල නිලධාරින් පොදු ප්‍රවාහනේ පාවිච්චි කරල බැලුවොත් තේරෙයි. (ර)
කවුරුත් කැමති අඩු මිලට වාහනයක් අරන් පදින්න. මේ යන ක්‍රමයට ඒ සිහිනය සිහිනයක්ම පමණයි.(ම)
මම ගොඩක් සතුටුයි මේ වැඩේට (බ)
දිලුම්, ඔය ලොකු ලොකු අය බස් කෝච්චි වල යන්නේ මාධ්‍ය සංදර්ශන වලට. බොරුවට ගැටලු කතා කරන්න. (ර)
තීරණ ගන්න පෙර දෙවරක් සිතන්න ..(රේ)
දැන් හරි... ලීසිං දාමු දැන්. (ර)
ජපානයේ අළුත්ම වාහනයක් යෙන් ලක්ෂ 20 කට වගේ මිලකට ගන්න පුළුවන් (බ්‍රෑන්ඩ් නිව්). එකවර ගෙවන්නෙ නැත්නම් ලක්ෂ 3 ගෙවා, ඉතිරිය අවුරුදු 5කින් කොටස් වශයෙන් ගෙවන්න ගන්න පුළුවන්. (ඕනම වර්ගයක් වාහනයක් මෙසේ පුළුවන). පොලිය 3.5% වේ. (ර)
ඉස්සර ලොක්කෝ පාරේ යන වෙලාවට විතරක් පාරෙන් එලියට පැන්නාම හරි නමුත් දැන් ඉන්න ලොක්කන්ට ගමන් බිමන් යන්න ජනතාවට තමන්ගේ වාහනෙන් කොළඹ එන එකත් නවත්තන්න හදන්නේ (බ)
වාහනයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. සුකොපබෝගී දෙයක් නෙමේ. මේ නීති හදන හැමෝටමත් වාහන තියෙනවනේ. (ර)
රවී ට ඕනි ඕනි විදියට සුමානෙන් සුමානෙට වෙනස් කරනවා අනේ මන්ද ....(බ)
අපි ඉන්නේ අනුරාධපුරේ. පහුගිය කාලේ ලංකාව පුරා විශාල වියදමක් දරලා මාර්ග පද්ධතිය අලුත්වැඩියා කළා. අලුතෙන් පාරවල් හැදුවා. මේ පාරවල් වල වාහනයක් යන්නේ හාවා හඳ දකිනවා වගේ. හරිම කලාතුරකින්. මේ පාරවල් වලින් ප්‍රයෝජනයක් ගන්න වාහන බදු ඉවත් කරලා රටට වැඩිපුර වාහන ගෙනෙන්න දෙන්න. කොළඹ තදබදය අඩුකරන්න. කොළඹට ඇතුළුවන පුද්ගලික වාහන වලින් බද්දක් අයකරන්න. එතකොට කොළඹ යන අය බස් වල යාවි. කොළඹින් පිට යන අය වාහන වල යාවි. මේක තමා හරිම විසඳුම (බ)
විදේශ රටවල වාහන සදහා බදු පනවන්නේ ඉතා අඩුවෙන්. අපේ රටේ පිටරටකට වඩා හය හත් ගුණයක් ඕනේ වාහනයක් ගන්න රජය අය කරන අධික බදු මුදල් නිසා. වාහනයක් කියන්නේ අද කාලේ සුකූපබෝගී භාණ්ඩයක් නෙමෙයි. අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. (ර)
අකිල කියන දේ තමා විදේශ රටවල්වල වෙන්නේ. පිටරටවල් වල වාහන බද්ද 10% ට වඩා අඩුයි. (ර)
වාහනවලට පනවන අධික බද්ද නිසා ලංකාවේ වාහන බොහෝ මිල අධිකයි. මේ නිසා කබල් වාහන බොහොමයක් පාරේ ධාවනය වෙනවා. පරිසර දුෂණය වෙනවා. බදු ඉවත් කලොත් හැමෝම වගේ අලුත් වාහන පාවිච්චි කරාවි. ලංකාවේ ලක්ෂ 60 ක් වෙන වාහනයක් ජපානයේ ලක්ෂ 10 ක් වත් වෙන්නේ නැහැ. (ර)