රත්නපුර මාරපන ගල්ඉන්නේ තේ දළු මඩුවකින් සොයා ගත් සිරුර මාරපන මහ විදුහලේ අංජන කවිඳු කුමාරගේ (14) බව පොලිසිය කියයි.

සියඹලා කැඩීමට ආච්චිගේ ගෙදරට ගිය සිසුවා අපයෝජනයට ලක් වූයේ දැයි සොයා බලන බව පොලිසිය පවසයි. ඔහුගේ දෑත් බැඳ තිබීම ඒ සැකය තහවුරු කරන බව පෙලිසිය පවසයි.

දළු මඩුව සමීපයේ කරඹගල රක්ෂිතයේ ගසක මිනිහෙකුගේ සිරුරක් එල්ලෙමින් තිබූ බවත් ඔහු ගෙල වලලාගත්තේ දැයි සොයන බවත් පොලිසිය කියයි.