ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියෝ පැවසූහ.
දළඳා මාළිගාවේ දියවඩන නිලමේ පත්කිරීමේ දී අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට තිබූ ඡන්ද බලය පවා අහිමි කිරිම මෙන්ම මෙතෙක් පොදු වස්තුවක් ලෙස තිබූ දළඳා මාලිගාවට විහාරාධිපති හිමිනමක් පත්කිරීම යෝජනා කරමින් පාර්ශව කිහිපයක උවමනාව අනුව සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉතා අසාධාරණ බව ද උන්වහන්සේ කීහ.
මෙම පනත් සංශෝධනය කළ යුතු නම් එය කළ යුත්තේ සියලූ නිකායන් හා සියලූ පාර්ශවයන් නියෝජනය වන මණ්ඩලයක නිර්දේශ අනුව බව ද මහ නාහිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය මෙන්ම සියම් නිකායේ කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව, රංගිරි දඹුලු, ශ්‍රී රෝහණ, වනවාසී ඇතුළු පාර්ශව හයක්ද මෙම පනත් සංශෝධනය අනුමත නොකරන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ පැවසූහ.
උඩුමලගල මහින්දානන්ද සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහ නා හිමි, ශ්‍රී ලංකා මහ පිරිවෙන් අධ්‍යක්‍ෂ නාගොඩ අමරවංශ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනු නාහිමි, ඕමාරේ කස්සප රෝහණ පාර්ශවයේ අනු නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බ‍්‍රාහ්මණවත්තේ සීවලී නාහිමි, බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමි, අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා එහි වැඩම කර සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ගිහියෝ මැදිහත් නොවී ඉන්න එක තමයි හොඳ. ශාසනේ වැඩ හාමුදුරුවෝ බලාගනියි (නි)
තවමත් කුලවාදය ඔලුවේ තියාගෙන ඉන්න බොහෝ අය පිළිපදින්නේ බුද්ධ දර්ශනය අනිත්‍යය. ඕවා ගැන කතාකළොත් උඩ බලාගෙන මුහුණට කෙළ ගහගන්නවා වගේ තමයි. කරන දෙයක් මහින්ද මහත්තයගෙනුත් අහලා කරන්න. (නි)
ස්වාමින් වහන්සේලා දේශපාලන වන්දනාවේ යෙදෙනකොට, පහුගිය දවසක කාදිනල්තුමා බුද්ධාගමට රටේ හිමිවිය යුතු තැන ගැන ශ්‍රද්ධාවෙන් යුතුව නිර්භයව කතා කළා. ඔබවහන්සේලාට රත්නත්‍රයේ පිහිටයි!! (නි)
නොදන්නා අයටයි මේ කියන්නේ. ලංකාවේ නිකායන් බෙදී ඇත්තේ කුල අනුවය (නි)
අපි සැවොම කුලය නමැති නොපෙනෙන හස්තයේ රුකඩ. දියුණුයි කියන රටවල, නිදහස තියෙනව කියල පෙන්නන්නේ අපි ඒ රටවලට ගිහිල්ල ජිවත්වී නොමැති බැවින්. කුලය කියන්නනේ රස්සාව කියනව වගේ දේකට, අද කාලයේ ව්‍යාපාරික රහස්, දේශපාලනික රහස් කියල දෙයක් තියෙනවා එම රහස් පවත්වාගෙන ඉදිරියට නොගියොත් මනුෂ්‍ය සමාජය අවුල් සහගත වෙනවා. (බ)
පිටරටවල දේශපාලන කටයුතු වලට සම්බනන්ධ පුද්ගලයන්ද, යම් ආකාරයකින් තම පවුලේ සමාජිකයන් දේශපාලනයට සම්බන්ද පුද්ගලයන්. ව්‍යපාරිකයන්, වෛද්‍යවරුන්, නළු නිළියන් උදාහරණයක් හැටියට අරගෙන හිතල බලන්න. පුරාණයේ කුලයයි 21වෙනි සියවසයේ කුලයෙයි වෙනස. කිසිදු වෙනසක් පෙන්නේ නැහැ. (බ)
කවුරු මොනවා කිවුවත්, ලංකාවේ ගොවි කුලය (අද ගොවිතැන් කරන ජනතාව) රැකගැනීමට ක්‍රමවේදයක අවශ්‍යතාව ඇත. එය අද පැවිදි කුලයේ (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්), දේශපාලන කුලයේ, ව්‍යාපාරික කුලයේ, කම්කරු කුලයේ (නළු නිළි, ලිපිකරු,, පිරිසිදුකිරීමේ ජනතාව යනාදී) පුද්ගලයින්ගේ වගකීමක්. (බ)
බුදුදහමට කුමකටද විවිධ නිකායන් .... බුදුදහමේ අන්තර්ගතය නිවනයි .. බුද්ධිමත් බොදුනුවනි ප්‍රතික්ෂේප කරන්න මේ භික්ෂුන් බුදුන් නොවදාල විනය පිටකයන් හදාගනිමින් කරන විකාරයන්... නිවනට පමණක් සිත සමාධි ගත කරන්න...(බ)
බුදුදහමට කුමකටද විවිධ නිකායන්? බුදුදහමේ අන්තර්ගතය නිවනය.. බුද්ධිමත් බොදුනුවනි, ප්‍රතික්ෂේප කරන්න මේ දේවල්. නිවනට පමණක් සිත සමාධිගත කරන්න. (නි)
මහා සංඝයා භේද නොකර පුජ්‍ය පක්ෂයේ දේවල් එතුමන්ට විසදගන්න දීල පොදු ජනතාවට තියන කප්පරක් ප්‍රශ්න විසදන්න ආණ්ඩුව අවධාන යොමුකළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ (බ)
රජයක් බුද්ධාගම සම්බන්ධව තීරණ ගන්නාවිට සියලුම නිකාය නියෝජනය වන අන්දමට කැඳවා, කරුණු විමසා තීරණ ගන්නවා නම් හොඳයි (නි)
දළදා වහන්සේගේ භාරකාරත්වය යනු භාරකාරත්වයක් මිසක් අයිතියක් නොවෙයි. (නි)
නමුත් බුදුන් වදාළේ, චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය කියලා නේද? (නි)
ධර්මය දේශනා කරනවිට ඔබවහන්සේලා අපිට කියනවා සියල්ල අතහරින්න දෙන්න කියා. මෙයින් අදහස් කරන්නේ කුමක්ද අපේ හාමුදුරුවනේ? (නි)
මෙවැනි දෑ සිදුකරද්දි සැමගේ අදහස් විමසා බැලීම ආණ්ඩුවේ යුතුකමක් නේද? (නි)
ඇත්තටම මෙම නිකායන් වල මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කුමන දේශපාලන පක්ෂයකටද සම්බන්ධ කියන එක ගැන නිසි අවබෝධයක් රටේ ජනතාවට නැහැ. අඩුතරමේ ඔබවහන්සේලා නියෝජනය කරන පක්ෂයේ නායකයාගේ පින්තූරයවත් පන්සල් භුමියේ ප්‍රදර්ශනය කරනවා නම්, දායකයින් දැනුවත්වේවි (නි)
මේ වගේ සම්බුද්ධ ශාසනයේ තීරණ මහා සංඝරත්නයේ පොදු එකඟතාවයෙන්, මහා සංඝරත්නය විසින් සකස්කරන ලද්දක් විය යුතුමයි. මේ ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවදය තිබෙන්නේ සම්බුද්ධ ශාසනය තුළයි. (නි)
මෙහි වැඩමකර සිටින ස්වාමීන් වහන්සේලා දැක්කහම අපිට හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)
මේ ආකාරයට නිකාය වලට බෙදිල තියනේනේ හාමුදුරුවරු මිසක් බෞද්ධ ගිහි ජනතාව නිකායන් වලට බෙදිලා නැහැ. ගොඩක් මිනිස්සු මේ නිකායන් ගැන දන්නෙත් නැහැ. දන්න මිනිස්සුත් මේ හාමුදුරුවො මේ නිකායෙය අර හාමුදුරුවො අර නිකායෙය කියල වෙනසක් කරන්නේ නැහැ. හැමෝටම සලකන්නේ එක විදියටයි. ඒත් අද ගිහි ජනතාවටත් ආදර්ශයක් වෙන්න ඕන භික්‍ෂූන් වහන්සේලා කුළ අනුව සියම්, අමරපුර, රාමඤ්ඤ කියල මහ නිකායන් තුනකට බෙදිලා සියම් සහ අමරපුර කියන මහ නිකායන් ධර්ම කාරණා අනුව තව අනු නිකායන් තිහකට විතර බෙදිලා තියෙන එක ගැන බෞද්ධ ජනතාව විදියට අපිට හරිම දුකයි. මේ සියල්ල අත් හැරදාල විනය සහ අනිකුත් කාරණා අතින් අද පිරිහිලා තියෙන බුද්ධ ශාසනය අළුතින් ධර්ම සඞගායනාවක් කරල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම නැවත ප්‍රතිස්ථාපනය කිරීම නේද අද භික්‍ෂූන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඕන. ඒත් අද භික්‍ෂූන් වහන්සේලා අතින් සිද්ධ නොවෙන්නෙත් ඒකමයි.