IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සියාම් ඝාතනයේ පැමිණිල්ලේ දෙසුමට දින දහයයි

බම්බලපිටියේ  ව්‍යාපාරික මොහොමඩ්  සියාම්  පැහැරගෙන මැරූ බවට  හිටපු නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධන සහ විත්තිකරුවන් හය දෙනාට  එරෙහි  චෝදනා  පැමිණිල්ල සාධාරණ සැකයකින්  තොරව ඔප්පු  කර  ඇතැයි  පැමිණිල්ලේ නීතිවේදිනී අයේෂා ජිනසේන මෙනවිය දින 10 ක් ද පැය 55 පුරා  පැමිණීල්ලේ  දේශනය පවත්වමින් කීවාය.

පැමිණිල්ලේ  මෙන්ම විත්තියේද සාක්කි  අවසන්  කිරිමෙන්  අනතුරුව පැමිණිල්ලේ  හා  විත්තියේ  දේශනා  ඉදිරිපත්  කිරිම ආරම්භ විය.

පැමිණිල්ලේ දේශනා අවසන්  කීරිමෙන්  අනතුරුව පළමු සැකකරු  හිටපු  නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධන මහතා  වෙනුවෙන්  පෙනී  සිටියේය. ජනාධිපති  නිතිඥ අනිල්  සිල්වා  මහතා  විත්තියේ  දේශනා ආරම්භ කළේය.

මහාධිකරණ විනිසුරුවරුන්  වන ලලිත් ජයසුරිය (සභාපති), කුසලා සරෝජනි  වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත්  විනිසුරු  මඩුල්ලක් හමුවේ  නඩුව විභාග කෙරේ.

2013 අප්‍රේල්  මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත්  අතර  කොළඹ දී  මොහොමඩ්  ෆවුස්ඩීන්  සහ ක්‍රිෂාන්ත කෝරළගේ  සමඟ සියාම් පැහැරගෙන ගොස්  දොම්පේ  දී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා  වු  විත්තිකරුවන්ට  එරෙහිව ද ඒ සඳහා  ඔවුනට  ආධාර  අනුබල ලබාදෙන ලදැයි  වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ද නීතිපති  චෝදනා  නඟා ඇත. හිටපු  නියෝජ්‍ය  පොලිස්පති  වාස් ගුණවර්ධන, උප  පොලිස්  පරික්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, කොස්තාපල්වරුන් වන (51799) ගාමිණි  සංජිව, (61816) කැලුම් රංගන දිසානායක සහ වාස්ගේ පුත් රවිදු  සමීර  වාස්  ගුණවර්ධන චෝදනා ලැබ සිටිති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

සියාම් ඝාතනයේ පැමිණිල්ලේ දෙසුමට දින දහයයි

දුමින්ද Monday, 31 August 2015 03:57 PM

හෘද සාක්කිය හැමදාම කතාකරනවා (බ)

:       0       0

නයෝමි Tuesday, 01 September 2015 05:00 AM

මේ දේවල් වල අවසානයක් දකින්නයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site