IMG-LOGO

සයපෙති කුසුම එක්ක සුනිල් ටී

2016-10-22-ent-53

සිංහල සිනමා වංශ කතාවේ, සුනිල් ටී. ප්‍රනාන්දුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මේ වනවිට වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවා ඇති සුනිල් ටී. පසුගියදා ඒ වෙනුවෙන් හිරැ ගෝල්ඩන් සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මානයකටද පාත්‍ර විය.

සුනිල් ටී. පාසැල් කාලයේ සිටම අභියෝගවලට බිය නොවූ ඒවාට නොබියව මුහුණ දුන් චරිතයකි. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේ ඔහු ක්‍රීඩාවට සුවිශේෂී දස්කම් දැක්වූවෙකි. මලල ක්‍රීඩා, ක්‍රිකට්, පැසිපන්දු වැනි ක්‍රීඩා තුළින් පාසැල් කාලයේම ඔහු දිදුලන තරැවක් විය. පාසැලේ මීටර් 100, 200 තරග ඉසව්වල වාර්තා තවමත් සුනිල් ටී. සතුය.

 

ඔබට චිත්‍රපට පිළිබඳව ආසාවක් ඇතිවුණේ කුමන අවධියේද?

පාසැල් අවධියේම තමයි. ඒ කාෙල අපේ ක්‍රිකට් කණ්ඩායමට ආධාර පිණිස විවිධ ව්‍යාපෘති කළා. මම විශේෂ චිත්‍රපට පෙන්නලා ඒ ආධාරවලින් අපේ අරමුදල් තර කළා. චිත්‍රපට ගැන මට මුලින්ම හැඟීමක් ඇති වුෙණ් ඔය කාලෙදි. ඊට පස්සෙ පාසල් අධ්‍යාපනය නිමා කළායින් පසු මගේ පියාගෙන් මම සිනමා ශාලාවක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඔහු එවකට හොඳ ව්‍යාපාරිකයෙක්. පොල්ගස්ඕවිටෙන් ඔහු මට කුඩා සිනමාහලක් මිලදී ගෙන මට පැවරැවා. මගේ වෘත්තීය සිනමා ගමන ඇරඹුනේ එතනින්.

 

ඔබ අද හිමිකාරත්වය උසුලන MPI චිත්‍රපට සමාගමට චිත්‍රපට ශාලා කීයක් තිබෙනවද?

අද MPI මණ්ඩලයට සිනමා ශාලා 65ක් පමණ සතුයි.

 

ඒ ප්‍රමාණයටම ඔබ චිත්‍රපට නිෂ්පාදනය කරලත් තිබෙනවා?

ඔව්. මගේ 65 වැනි චිත්‍රපට නිෂ්පාදනය "සය පෙති කුසුම" මීට දින දෙකකට පෙර ප්‍රදර්ශනය ආරම්භ කළා. අලුත් අධ්‍යක්ෂකවරයෙක්, තරමක ආන්දෝලනාත්මක තේමාවක්. ඒත් මේ රටේ සිනමා ලෝලීන් අතර විවිධ රස හොයන ප්‍රේක්ෂකයින් ඉන්නවා. මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල් රුසක් නියෝජනය කරලා තියෙනවා. සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා. ලංකාවෙ චිත්‍රපටය සාර්ථක වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

 

ඒ විශ්වාසය නිසාද ඔබ අලුත් හා තරැණ සිනමාවේදීන්ට දොර විවර කරලා දෙන්නෙ?

අනිවාර්යයෙන්ම. අපේ රටේ ඉන්නවා අති දක්ෂ තරැණ, සිනමාවට දැඩි ලෙස ඇලුම් කරන, සිනමාව ගැන හදාරපු අය. ඒත් ඒ අයට ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්නන්න, ඔවුන්ට අත දෙන්න බොහෝ අය අවස්ථාවක් ලබා දෙන්නෙ නැහැ. මම පසුගිය වසර කීපය තුළ හොඳ චිත්‍රපට රුසක් නිෂ්පාදනය කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. ළමා චිත්‍රපට වගේම ඒ අතර ඓතිහාසික කතා රුගත් චිත්‍රපට, පවුලේ චිත්‍රපට වැනි ආදර්ශමත් නිර්මාණ තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් දරැවනේ, සිනහව අතරින්, අනගාරික ධර්මපාල, මහරජ අජාසත්, හෝ ගානා පොකුණ, බොරදිය පොකුණ වගේ චිත්‍රපට තිබුණා.

 

2016-10-22-ent-56

 

වැඩිම චිත්‍රපට නිපදවීමේ කාර්යය වෙනුවෙන් ලැබුණු හිරැ සම්මානය ගැන සතුටුද?

අවංකවම සතුටුයි. චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් ආරම්භ කළ ඒ සම්මානය නිෂ්පාදකවරැන්ට විශාල ධෛර්යයක් හා අභිමානයක්. චිත්‍රපට නිෂ්පාදකවරැ රුක ගැනීම මේ කර්මාන්තයේ කාගේත් වගකීම විය යුතුයි. නිෂ්පාදකවරයා තරම් නිර්මාණයක් වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඉන්නවද? ඔහු හෝ ඇය තරම් අවදානමක් ගන්න කෙනෙක් ඉන්නවද? නිෂ්පාදකවරයෙක් නැතුව සිනමා නිර්මාණයක් බිහිවෙයිද?

 

ඔබේ 64 වැනි නිර්මාණය "64 මායම්" වීම දෛවෝපගතයි කියලා හිතෙන්නෙ නැද්ද? ඒ ගැන යමක් කියන්න?

අපෙන් පසුගියදා සදහටම සමුගත් විජය නන්දසිරි නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා ප්‍රධාන චරිතය රඟපාන "64 මායම්" චිත්‍රපටය EAP සිනමා මණ්ඩල ශාලාවල නුදුරේම නරඹන්න මේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙයි.

 

නව සිනමාෙව්දීන්ට අතදීම ගැන ඔබ පැවසුවා. ඉදිරියේදී ඔබ නිෂ්පාදනයෙන් දායක වන චිත්‍රපට මොනවාද?

තරැණ සිනමාවේදියකුගේ "හීන හොයන සමනල්ලු" චිත්‍රපටයත් ළඟදීම නරඹන්නට අවස්ථාව ලැබේවි. ඒ වාගේ දක්ෂ තරැණ නළුවෙකු වන ජගත් මනුවර්ණගේ මුල්ම චිත්‍රපටය "මුරැගසන්නිය" මාගේ නිෂ්පාදනයක්. ලබන වසරේ මුල් භාගයේදී දමයන්ති ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන %දඟකාරී^ චිත්‍රපටය මම නිෂ්පාදනය කරනවා.

 

චිත්‍රපට නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මුදල් ආයෝජනයට එහා ගිය ප්‍රතිලාභ ඔබෙන් සිනමාවේදියාට ලැබෙනවාද?

අනිවාර්යයෙන්ම, මම ඔවුන්ට කිසිදු බලපෑමක් නොකර තම නිර්මාණය ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙනවා. සිනමාවේදියෙකුට එය අත්‍යවශ්‍ය සාධකයක් බව මම අමුතුවෙන් කිවයුතු නැහැනෙ. අනික සිනමාවේදියකුගේ නිර්මාණවලට හොඳ DVD මිලක් ලබාදෙනවා. අපේ සමාගමට අනුබද්ධිත "Adinfinity" සමාගම හරහා. ඒ වගේම තමන්ගේ චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක් නොලැබෙන බොහෝ සිනමාවේදීන්ගේ නිර්මාණ සඳහා ප්‍රදර්ශන වරම් ලබා දෙන්නත් මගේ සමාගම පහසුකම් සපයනවා.

 

ඉදිරියේදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබ ෙමානවද කරන්ෙන?

සිනමා ශාලා නොමැති නගර බොහොමයක් මේ රටේ තිබෙන නිසා ඒ නගරවල නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලා කීපයක් අලුතින් ඉදිකරන්න මගේ අදහසක් තියෙනවා.

 

රමේෂ් උවයිස්

 

2016-10-22-ent-54



අදහස් (0)

සයපෙති කුසුම එක්ක සුනිල් ටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site