ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට (සයිටම්) එරෙහිව ඉදිරිපත් කළ වාර්තාවක් හේතුවෙන් තම අධ්‍යාපන කටයුතුවලට බලපෑම් වී ඇතැයි පවසමින් එම විද්‍යාලයේ සිසුහු අද (15) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පරීක්ෂණ කඩිනමින් අවසන් කර තම සායනික පුහුණුව ඇතුළු අධ්‍යයන කටයුතු ඉක්මනින් අවසන් කර ගැනීමට පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධ ලිපියක්ද මානව හිමිකම් කොමිසමට බාර දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරු කරන වැඩේ වැරදියි - සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම්වල් ඌණතාවයක් තියෙනවානම් එ්කට පිළියම් යොදනවා විනා, ඔවුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයතියට අකුල් හෙලීම වැරදියි. (බ)
නුලෙන් වෛද්‍ය විද්‍යාලයටයන්ඩ බැරි වුණා, සය්ටම් යන්ඩ සල්ලි වියදම් කරන්ඩ හයිය නැති අපි ගැන කව්ද කතාකරන්නේ? මෙතන ඉන්නේ ඉපදුන දවසේ ඉදන් සල්ලි නාස්ති කරපු කොළඹ ඉහළ පැලෑන්තියෙ උදවිය (අ)
වෛද්‍ය සංගමයේ උගතුන් කොච්චර කැගහුවත්, විශ්වවිදයාල ළමයින් කොච්චර කැගහුවත් ඔයේ හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් විතරද ඉගන ගත්තේ ? උසස් පෙලින් ළමයි 125000 විතර එලියට එද්දී, 25000 පමණි විශ්වවිද්‍යාල සුදුසුකම. ඉතුරු 100000 ට මොකක්ද කරන්නේ? හැම අවුරුද්දකම මේක වෙනවනේද? වෛද්‍ය සංගමයේ කොච්චර කැගහුවත්, විශ්වවිදයාල ළමයින් කොච්චර කැගහුවත් ගොඩ දෙනෙක් මේකට විරුද්ද නෑ ඒ. කැමතිඅය ලගදීම කතා කරයි.(අ)
ඔවුන් ගෙනයන ක්‍රියාමාර්ගයට සුබ පතමි. ඒ ඔවුන්ගේ අයිතිය. (අ)
මේ ළමයින්ගේ අනාතයට පහුගිය රජය වගේම නව රජයත් වගකියන්න ඕනේ. (ර)
පොව්ද්ගලික විශ්ව විද්‍යාල අපට අලුත් උනත් ලෝකයේ අනිත් රටවල පරණ දෙයක් .රජයේ විශ්ව විද්‍යාල වැඩි දියුණු කරන ගමන් පවුද්ගලික විශ්ව විද්‍යාලවලට දොර විවර කල යුතුව ඇත. නමුත් එම විශ්ව විද්‍යාලවල පිරමිතිය නියාමන කටයුතු රජයෙන් කල යුතුයි. (ර)
මේ ළමයින්ගේ අතේ වරදක් නැහැ. වරද තියෙන්නේ අපේ පාලකයෝ අතේ. මේගොල්ලන්ට උසස් පෙළ හරියටම සමත් වෙන්න බැරි වුන බව ඇත්ත. ඉතින් සල්ලි තියෙන අයගේ ළමයි මේවගේ කඩ වලට දෙමු පියන් යවනවා. ඒක දේම පියන්ගේ වරදකුත් නෙමෙයි. වරද දේශ පාලකයන්ගේ. (අ)
මෙම අයතනයට අනුමතිය දෙන්නෙ නැතුව ඉන්නෙ මොකද?අවම සුදුසුකම් ඔය ආයතනයට නැති නිසා. පසුගිය දවස්වල පත්තරෙට ලියල තිබ්බ එක දැක්කද? මෙතන තියෙන්නෙ බිහිවෙන ඩොක්ටර් ළඟ සුදුසුකම් ගැන . හරිනම් මනව හිමිකම් යන්න ඔනි මප්‍රශ්නයක් වගෙ හරියට සුදුසුකම් නැති අයතන වලින් එන අයහෙන් බෙත් ගන්න වෙන ලෙඩ්ඩු.. (අ)
වෛද්‍ය සභාව රජයේ ආයතනයක් ඒවගේම එක පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ද නැ. මේ විශ්වවිද්‍යාලය අවම සුදුසුකම් වත් කියන්න සුදානනම් නැ. ආණ්ඩුවේ උදවිය ගේ උදව්වුන් මේකේ ඇත්ත වහනවා. ලක්ෂ 90 ගෙවන්න පුලුවන්ද ලකුණෙන් දෙකෙන් බැරිවෙච්චි හැමෝටම. මෙයාල මුලින් විශ්වවිද්‍යාලයක් හදන්න ඕන දේවල නැතුව පටන්ගෙන දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල ඉල්ලනවා. (අ)
අපි වෛද්‍ය සංගමයේ ඉන්න අයට කියන්නේ පුළුවන් නම් අපිව නවත්තපියව් මෙයට සයිටම් අපි (බ)
ඉරිසියාකාරයෝ... ඉන්නන රටක ...මෙහෙම තමා (බ)
අපේ රට ඉදිරියට බර ගන්න ඉන්න උගත් පරපුර,මොවුන් ලකුණු අඩු කමින් ජාතික විශ්වවිද්‍යාලවලට නොතේරුන නුගතුනුන් නොව ,රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා (නොයෙකුත් හේතුන් මත) මෙවැනි අයාතන වලින් අධ්‍යාපනය ලබාගන්න අපේ රටේම තරුණපරපුරෙය්!! (අ)
වෛද්‍ය සබාවේ අනුමැතිය නොමැතිව ලංකාව තුල විද්‍යා අධ්‍යාපනයට අදාල කිසිදු පීඨයක් ක්‍රියාත්මක කල නොහෙක. ලබන ව්‍යාපර සඳහා රෝගීන් විකිණීම කල නොහෙක.(කෞ)
මේ රටේ ඉගෙන ගන්න සල්ලි නැති ළමයිගේ මානව අයිතීන් ගැන කවුද කතාකරන්නේ. අධ්‍යාපනය ලැබීමට සැමට සම අවස්ථා තිබිය යුතුයි. සල්ලි වියදම් කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට උපාධි ගත්තොත් එකක් සම අවස්ථාව කියන තත්වය නැතිවෙනවා. අනෙක නියමිත ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන කඩ බිහිවෙලා සමාජය නන්නත්තාර වෙනවා. (බ)
මේ දරුවන්ට දෙන මානසික වදය සුපිරි වෛද්‍ය සංගමයේ මානසික වෛද්‍ය වරුන්ටවත් නොපෙනේද? සාමුහිකව ඔබලා බලවත් වුවද යම් දිනක ඔබලා තනිවනු ඇත. එදිනට තමන්ගේ කුහක බව සිහිපත් වීමෙන් බොහෝ සෙයින් පීඩා විඳිනු ඇත. (බ)