(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී ඔවුන් අල්ලාගෙන පහර දී ඇති සිසුන් කැමරා ආම්පන්න හා පොලිස් හැඳුනුම්පත ද ඔවුන් බාරයට ගෙන තිබේ.
පසුව කැමරාවේ මෙමරි කාඩ්පත හා බැටරිය හැර පැහැරගන්නා ලද සෙසු දේපොළ පොලීසිය වෙත යළි භාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ නම් නරකයි කියන්න බැහැ... ගැහුවොත් ගුටිකන්නත් වෙනවනේ... ඒකයි න්‍යාය..
මේ අයට අම්ම පොවපු කිරි මතක් වුණේ නැද්ද දන්නේ නෑ... මෙහෙම දේවල් කරන්න තරම්...
අනේ, ඒ කාලේ කොහොම හිටිය පොලිසියක්ද මේ ශ්‍රී ලංකා පොලිසිය?
මෙහෙම දේවල්ද අපේ රටේ වෙන්නේ?
නියම තරුණයෝ ටිකක්නේ... අන්න එහෙම තමයි වැඩ කරන්න ඕනේ... ඔහොම යං...
රාජිත ඇමැතිතුමනි, ඔය සයිටම් එක වහලා දැම්මනම් මේ කතාව ඉවරයිනේ.. නැතිනම් ඔබතුමාත් දැන් අයින්වෙලා ගෙදරට වෙලා පිනක්, දහමක් කරගෙන හිටියොත් නරකද?
මේ ගොල්ලෝ ත්‍රස්තවාදීන් වගේ... දේශපාලන අතකොළු වෙලයි ඉන්නේ... ඉස්සර 88-89 වගේ ඉල්ලගෙන කන්නයි යන්නේ...
මෙහෙම ගියොත් පොලීසියට රාජකාරි කරන්නම බැරිවෙයි. ඒ නිසා රාජකාරිය අකුරටම ඉටු කරල කරපු වැඩේ බරපතල කම තේරෙන්න දීලා නිසි දඬුවම් දෙන්න ඕන....
අනේ අහිංසක පොලීසිය.. මේවා නොහොබිනා වැඩ නේද.. මෙච්චර අහිංසක පොලීසියකටනේ ළමයි ගහල තියෙන්නේ..
සිවිල් ඇඳුමෙන් උද්ඝෝෂණ අස්සේ යන්නේ නැතුව නිල ඇඳුමෙන් ගියානම් ඉවරයිනේ....
ඇයි මේ පොලිස් මහත්වරුන්ට සිවිල් පිට මෙහෙම පහර දෙන්නේ... ?
පොලිස් මහත්වරු ඔක්කොම අහිංසකයි. නමුත් සමාජය, අධිකරණය නොමඟ යවන්න බැහැ. රටේ උද්ඝෝෂණය, කිරීමෙන් කාලය නාස්තිවනවා වගේම රටේ දියුණුවටද බාධාවකි. ඒවා නොකිරීමට ගුටි බැට බලය නොව බුද්ධිමත් තීරණය ගැනීමෙන් සියල්ල කෙටි මාර්ගයෙන් සියල්ලම දුරු කර ගත හැක.
පල කිරීම් ඉතාමත්ම හොඳයි. ලිපියෙන් ලිපිය හා පිටු වෙන වෙනම බැලිය හැකියි..
සයිටම් විරෝධී සිසුහු නීතිය හා සාමය ආරක්ෂාකරන, උද්ඝෝෂණ වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහරදී රජය සතු දේපොළ වන කැමරා, මෙමරි කාඩ්පත් සහ බැටරි සොරාගත් සිසු මැර ක්‍රියාව ගැන හිටපු ජනපතිතුමාගේ අදහස කුමක්ද?
සිවිල් පිටින් පොලිස් පුදුම රටක් මේක
නීතියක් නැති අය රජකරන රටක්....
ඒගොල්ලොත් ඉතින් කාගෙන් හරි කන්න එපාය නේද?