රංජන් කස්තුරි
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම සංගමය, සෞඛ්‍ය ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් ද, වෛද්‍ය පීඨ ආචාරුවරු ඇතුළු පිරිසක් ද කොළඹ ජනාධිපති කාර්යාලයයේ දී අද මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුනට, රටට යහපතක් වන තීරණයක් ගැනීමට පාලකයන්ට ශක්තිය ලැබේවා
ඔය කියන සයිටම් ආයතනය නිසි නියාමනයකට ලක්කොට, ප්‍රමිතිගත ආයතනයක් බවට පත් කොට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම හා එම ආයතනය විනාශ කර දැමීමට රැඳී ඇත්තේ අප රටේ පාලකයින් අතයි. එකිනෙකාගේ මනසේ පවතින උන්මන්තක සිතිවිලි ක්‍රියාවට නංවනවාට වඩා, රජයේ සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රතිපත්තිය, ක්‍රියාවට නැංවීම තමයි රජය කල යුත්තේ. හුදු, එක ආයතනයකට පමණක් සීමා නොවී මේ රටේ තිබෙන සියලුම පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපනික ආයතන නිසි නියාමනයකින් පවත්වා ගැනීම හා ඒවාට සීල් තබා වසා දැමීම රජයේ යුතුකම හා වගකීම වේ.
රාජිත මහත්තයෝ පින්කමක් කරගන්න වෙලාව... සයිටම් වහන්න අලුතින් අරඹන පීඨයකට සුදුසු කම් ඇති සයිටම් සිසුන් අනුයුක්ත කරන්න.... නුසුදුසු සිසුන්ට වන්දියක් නෙවිල් මාමාගෙන් අරන් දෙන්න. ජනදිපතිතුමාට බාධා කරන්න එපා. හබැයි සයිටම් පවත්වන්න උදව් කරලා මිනිස්සු මරණ දොස්තරලා බිහිකරන්න ලැහැස්ති වෙන්න එපා. මේක තුල දේසපාලන ප්‍රශ්නයක් නැත. කරුණාකර බොරු දේ මවා පා තම අභිමතාර්ථය මුදුන් පමුණුවන්න එපා. එහෙම වුනොත් මුළු ජාතියම ඔබට එරෙහිව නැගී සිටීවි. අපේ දුප්පත් දරුවන්ගේ ලස්සන දොස්තර සිහිනය බොඳ කරන්න එපා. අපිට රාජිත මහත්තයා සමග කිසිම පුද්ගලික ගැටළුවක් නැත.
මම නම් කියන්නේ මේ සයිටම් එක විදේශ සභාවේ ප්‍රමිතියකට ලක්කොට පවත්වා ගෙනයන්න. නැත්නම් මේක තිබුණත් නැතත් අපේ දරුවන් පිටරට ගිහිල්ලා වියදම් කර සමත් වෙලා මෙහෙ වැඩකරනවා. ඒ නමුත් මේ බංකොලොත් කට්ටිය මේක දැනගෙන නොදන්නවා වගේ අනෙත් දරුවන් උසිගන්නලා එයාගේ අනාගතයත් රටේ අනාගතයත් කා දමනවා. රජය මේක තේරුම්ගෙන මේකට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමාගේ හා රාජිත මහත්තයාගේ වගකීම තමයි මාෆියා ග්‍රහණයේ තිබෙන වෛද්‍ය අධ්‍යාපනය එයින් මුදාගෙන, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිසුන්ට ලබා දීම. තවද, කොතලාවල වෛද්‍ය පීඨය තුල ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම.... ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මෙරට හැර යන සිසුන්ගෙන් ඇති විශාල මුදල් කන්දරාවක් ගසා කන ඒජන්සී කරුවන්ගෙන් අපේ රටේ සිසුන්ව ගලවා ගෙන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පියවර ගැනීම...
මේ පාරවත් කොන්ද පණ තියෙන තීන්දුවක් ගන්නේ නැද්ද බලමු...
ලංකාවේ හැම පුරවැසියෙකුටම උපාධියක් දෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ... අවම වශයෙන් ප්‍රමිතියෙන් උසස් පුද්ගලික විශ්ව විද්‍යාල 100 වත් බිහි කරන්න ඕනේ...
එක විසදුමයි. ඔය කෙහෙල්මල වහල දාන්න. එතකොට සේරම ප්‍රශ්න විසදෙයි.