(නාලක සංජීව දහනායක)
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.
සයිටම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවති එම ආයතනයේ හිමිකරුවන නෙවිල් ප්‍රනාන්දු මහතා හමු වී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසීය.
සයිටම් රෝහල රජයට පවරා ගැනීමට අත්සන් කළ ගිවිසුම අනුව පැවති රජය කටයුතු කර නොමැති බවත් තමන් බැංකුවලට ණය වී සිටින බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනන්දු මහතා තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා කීය.
මේ පිළිබඳව තොරතුරු හෙට (12) ජනාධිපතිවරයාට ලබාදෙන බවද අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් සයිටම් එක හොඳද අායෙත් පටන්ගන්න..?
මේ ප්‍රශ්නෙට සාධාරන විසඳුමක් දෙන එක යුක්ති සහගතයි. ඒ මෙන්න මේ හේතු හින්ද 1) මේ රටේ ප්‍රදාන පෙලේ පුද්ගලික රෝහල් ගණනාවක් තියන මුදල් ආයෝජනයත් කළහැකි පුද්ගලයෝ කවුරුවත් මේ වැඩේ පටන් ගත්තේ නැහැ. මොකද ඔය සායනික පුහුණුව එයාලගේ රෝහල් වල දුන්නට ඒක ප්‍රමිතියට නැති හින්දා 2) එහෙම තියෙද්දී මෙයා මේක පටන් ගත්ත සුරංගනා කතා කිව්වා, සමහරු කියන විදියට කළා උපාදිධාරීනුත් ගත්ත නමුත් අවසානයේ මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවෙන්න ඇති නමුත් අමාරුවේ වැටුනේ මේ රටේ අහිංසක ළමයි ( හුඟක් දොස්තරලගේ ළමයිනුත් ඔකේ ඉන්නවා ඒක වෙනම කතාවක් ) 3) මොනවා උනත් ඔය අයිතිකාර දොස්තරමහත්තය ජේ ආර් ටත් ඔලුව නොනමපු ජාතියේ කෙනෙක් ඉතින් ළමයින්ට වගේම එයාටත් සාධාරණයක් වෙනවානම් තමයි හොඳ.
මේ මොනතරම් ජාතික අපරාධයක්ද? අපේ ළමයි දුරු රටවලට ගොස් රටේ විදේශ විනිමය වැයකොට වෛද්‍ය උපාධි රැගෙන අවුත් මේ රටේ වෛද්‍ය සේවය කරනවට වඩා නරකද මේ වෛද්‍ය විද්‍යාලය නිසි පරිදි සකස්කර මේ රටේ ළමයින්ට එය විවෘත්ත කරන එක? එමගින් කොයි තරම් විදේශ විනිමයක් ඉතුරු කරගත හැකිද? එසේම විදේශ ශිෂ්‍යයන් ඇතුලත් කරගෙන විනිමය උපයා ගත හැකි නොවේද?
ජනපතිතුමනි, හැකි ඉක්මනින් සයිටම් වෛද්‍ය විද්‍යාලය නැවත ආරම්භ කරන්න. සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව නිවැරදිව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න.
වෛද්‍ය සංගමයේ සභාපති ගෙනුත් විමසීමක් කෙරුවා නම් හොඳ නැද්ද ?