කොටදෙණියාවේ ‘සේයා‘ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය අද පැය 72 රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන්නාය.
ඔහු කාගේ කවුදැයි පැහැදිලි නැත. මෙම ඝාතනය සම්බන්ධ අත්අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
මීට පෙර අත්අඩංගුවට ගත් පසල් සිසුවා හා එක්දරු පියා මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
ඔය යන විදිහට අහිංසකයෙක් වැරදිකාරයා වෙන්න ඉඩ තිබෙනවා. ඔය නිසයි එල්ලුම්ගහ පැනවීම ගැන දෙසැරයක් හිතන්න වෙලා තිබෙන්නේ. (නි)
රොහාන්, ඔබ විහිළු කරනවද? (නි)
මෙයින් පෙනෙන්නේ කුමක්ද? ලංකාවේ සිරගත කරන මිනිසුන් බොහොමයක් බොරු වැරදි වලට අසුවී ඇති බව නොවේද? (නි)
අංජන කියන එක තමා මටත් කියන්න තියෙන්නෙ. ඩී එන් ඒ තාක්ෂණය නොතිබුනා නම් අහිංසකයො කී දෙනෙක් එල්ලුම්ගස් යනවද? ප්‍රශ්නෙ කියන්නෙ මේ හැම කෙනෙක්ම පාපොච්චාරණයත් කරලලු.මේ යන විදියට සේයාගෙ මරණය ගැන රටේම පිරිමි අත්අඩංගුවට ගත්තත් ඔක්කොම පොලිසියෙදි පාපොච්චාරණය කරයි. බොහෝ දෙනෙක් නොදුටු පැත්තක් තියනවා. (නි)
රටක නීතියක් කියලා දෙයක් තියෙනවා නම්,නීතිය පොදුවේ ක්‍රියාත්මක වෙනවා නම් අපරාධයක් වුණාම රටේම මිනිස්සු අපරාධකරයව අල්ලන්න කියලා බෝර්ඩ් උස්සාගෙන උද්ඝෝෂණය කරන්න ඕනෑ නැහැ.මේ රටේ නම් මොනම අපරාධයක් කළත් පැය 24ක් තුළදී අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. (නි)
මේකේ අවසානයක් දකින්නේ කවදාද අපි? (නි)
ඔහු කොහොමද මෙම අපරාධයට සම්බන්ධ වෙන්නේ? (නි)
ඒපාර මොකක්ද? කොණ්ඩයත් නොවෙයිද? (ම)
සැකකරුවන් ගැන ඉදිරියදිත් මේ විදියට පලකරන්න. එය ඔවුන්ගේ ආරක්ෂාවට හොදයි (බ)
මට පෙන්නේ තවම හරි කෙනා හොයාගෙන නැහැ වගේයි. (බ)
ඔහොම ගිහින් කොණ්ඩයාත් නිදහස් වේවි කියලයි මට සැක. අපි බලමුකෝ.... (නි)
"පොලිස් අත්අඩංගුවට පත් වු ගොළු පුද්ගලයොත් කතා කරයි " ශ්‍රී ලංකා පොලිසියේ අපරාද විමර්ශන අංශයේ ආදර්ශ පාඨය මෙයයි. හිතාගන්න පුළුවන්නේ කුඩුවේ දාල ගහන ගැහිල්ල කොහොමද කියලා... ඕක නිසා තමා හැමෝම බොරු පාපොච්චාරණ කරන්නේ.(ම)
මේ ප්‍රශ්නය මහා ජනතාව ලේසියෙන් අතහරින්නේ නැහැ (ම)
කවුරු කළත් අපරාධකරුවෙකුට ලක්ෂ ගණනක් මිනිස්සු ශාප කරනවා (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ කියලා හිතාගන්න අමාරුයි (නි)
මම නම් මුල ඉඳලම සැකකරන්නේ එකම කෙනයි.ගෙදර බල්ලා බිරුවෙත් නැත්නම්,ඒ දරුවාගේ ඇඳුම නිවසේම තිබුනා නම්....?? (නි)
සංකල්ප ඔබ හරි.මමත් හිතනවා. (නි)
නිවැරදි නොවූ තීරණවල හොඳ ගුණයක් තිබෙන්න පිළිවන් බවත්, ඒවා නිවැරදි කළ හැකි බවත් පිළිගැනීමක් තිබේ. සේයා බිලිඳියගේ ශෝචනීය මරණය තුළ විසදා ගත යුතු බොහෝ කරුණු සැඟවී තිබේ.පොලිස් නිලධාරින් සොයා යන ඉලක්කය පහසුද නොවේ. කෙසේ වෙතත් අපරාධකරු නිතියී රැහැනට කොටු වීම නියතයි . (ම)
තිලක් ඩුබායි, අපි බලමු කොණ්ඩයාගේ ඩීඑන්ඒ සාම්පල් ගත්තාට පස්සේ. (නි)
දැන් කොණ්ඩයා ඔක්කොම කරපු විදිය කිවුවා කියලා වරද පිළිගත්තා කිවුවා නේද? දැන් මොකද මේ තව කට්ටියව අල්ලන්නේ? (නි)
පොලිසිය නිතරම නිවැරදි දේ කළයුතුයි (නි)
අර තිලක් කියන කතාවෙත් ඇත්තක් තිබෙනවා.කවුරුවත් අමුත්තෙක්වත් ගෙදර ඉඳලා ළමයාගේ කාමරේ හරහා යන්න ගිහින් ඒකට ළමයා බයවුණු වෙලේ කෑගහයි කියලා බයට අනතුරක් කළාවද්ද? කොහොම වුණත් කොණ්ඩයා මේකට පැටලුනේ නැත්නම් තවමත් අර පෙළපාලි අය මහපාරේ. හරි මිනිහා ඉක්මනින් අල්ලාගන්න බලන්න (නි)
එතකොට කොන්ඩයා ? (බ)
කොණ්ඩයා ගේ අයියා මෙයට සම්බන්ධ බව මුලදීම පොලිසිය දැන සිටියත් වැඩිය සැක තිබු නේ කොණ්ඩයා ගැන. ඉතින් ඔහුව අල්ල ගැනීමටයි පොලිසිය වැඩි උනන්දුවක් දැක්වුයේ. තිලක්-ඩුබායි ඔබ ලියන්න ඕනේ නිසා ප්‍රති චාර දක්වන වගයි මට හැගෙන්නේ ඔබ ඔහේ ප්‍රතිචාර දක්වන බවක්ය, එය තේරුමක් ඇතිව නොවෙයි. බල්ලෙක් බුරන්නේ දන්නේ නැති අයටයි. කොණ්ඩයා සහ අයියා ඒ ගෙදෙරට ආගන්තුක යන්නොවෙයි. මුල සිට වාර්තා වුන දේවල් කියෙව්වනම් ඔබ මෙවැනි නිගමනයකට එන්නේ නැහැ. (බ)
මට නම් මේ ගැන කිසිම සැකයක් නැහැ (නි)
කොණ්ඩයා පොලිසියට බොරු කිවුවාවද්ද? (නි)
පොලිසිය අන්තිමේදී අපරාධකාරයා සොයාගන්නා බව නම් ස්ථිරයි (නි)
තවත් සැකකරුවෙක්? එතකොට කොණ්ඩයා? (නි)
මේක නම් බොහොම කල්පනාවෙන් විසඳියයුතු ප්‍රශ්නයක් වගෙයි (නි)
ඔහොම යද්දී සැකපිට තව කී දෙනෙක් අත්අඩංගුවට ගනීද මන්දා...? (නි)
හරිම බරපතළ ප්‍රශ්නයක් මේක නම්.අපි හැම දෙනාගේම ඔලුව අවුල්වෙන ප්‍රශ්නයක් වෙලා මේක. පොලිස් සුනඛයා කොහේවත් ගිහිල්ලත් නැහැ.ඩුබායි-තිලක් ,අපි ටිකක් ඉවසලා බලමු මොනවාද වෙන්නේ කියලා (නි)
අපි ඉවසලා බලමුකෝ අන්තිම තීන්දුව මොකක්ද කියලා (නි)