නගෙනහිර අප්‍රිකාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ‘රෝස් වුඩ්‘ දැව කඳන් මෙට්‍රික් ටොන් 420 ක් රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
කන්ටේනර් 28 ක බහා තිබු රෝස් වුඩ් දැව කඳන් 3669 ක් සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල් සිය කෝටිය ඉක්මවන බවත් රේගුව කියයි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව හරහා හොංකොං නුවරට නීති විරෝධී ලෙස අඩි දහයක් දිය කොට 3669ක් අපනයනය කිරීමට සූදානම් කර තිබිණි.
රෝස්වුඩ් ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලීබඩු නිෂ්පාදනයට යොදා ගැනේ.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂක එම්. පාස්කරන් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ආර්.ඩී.ඒ.එන්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු සිදු කරති.
(රෝස්වුඩ් ගසක්)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිය කෝටියක ‘රෝස් වුඩ්‘ අල්ලයි
කුමාරි Wednesday, 02 April 2014 10:31 AM
මට හිතා ගන්න බැරි දැන් වංචා වෙනවා වැඩිද.... නැත්තම් මාධ්‍ය දියුණු ද කියලා? (ස)
අංජන Thursday, 03 April 2014 12:15 AM
මේ ලෝකය විනාශ කරන ධනපතියන් බංග වේවා! (නි)
දසනායක Wednesday, 02 April 2014 11:02 AM
රෝස් වූඩ් අපේ රටේ දෙයක් නම් නෙමේ නේ. ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය ඇයි අත්අඩංගුවට ගන්නේ. නොදන්නා නිසයි අහන්නේ. (ස)
සරණ Wednesday, 02 April 2014 11:09 AM
මෙහි නීති විරෝධී ක්‍රියාව කුමක්ද කියලා කාටහරි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? (නි)
මාණි Thursday, 03 April 2014 12:54 AM
අල්ලන එක පමණි පස්සේ පස්ස දොරෙන් එලියට බලන් ඉන්න විජ්ජාව .(නදී)
ලලිත්-එස් එල් Wednesday, 02 April 2014 11:22 AM
මේවා අපේ රටට ගෙන්වපුවා හෝ අපේ රටේ දෙයක් නොවෙයි නේ. (ස)
සරත් Wednesday, 02 April 2014 11:31 AM
සමන්ත ගුණසේකර කියන්නේ ගහ කොළ සතා සිව්පාවාට ඇත්තටම ආදරය කරන නීති ගරුක මහත්මයෙක්.වැඩේ හරියටම කරයි. (ස)
ලාරා Wednesday, 02 April 2014 05:40 PM
මම කියනවා මේ දැව කඳන් තොගය ඉතාම සුදුසු පුද්ගලයින් අතරේ බෙදී යන්න සළස්වන්න කියලා (නි)
නිහාල් Wednesday, 02 April 2014 11:36 AM
ඡායාරූපයෙන්ම පෙනෙනවා මෙය වටිනා දැවයක් කියලා (නි)
උපාලි ගුණසේකර Thursday, 03 April 2014 03:43 AM
සමන්ත සොහොයුර, ඔබ ඇතුළු කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුම්! ජාතික සම්පත් රැක ගැනීමට ඔබ දරණ මහත් උත්සාහය රේගුවේ සේවය කල කාලයේද මම දුටුවෙමි. ඔබේ ව්‍යායාමය දිනෙන් දින, ජයෙන් ජයට පත් වේවා!!(නදී)
අරවින්ද Thursday, 03 April 2014 06:12 AM
මට නම් කියන්න තියෙන්නේ ආශ්චර්යයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මට මතක නැහැ ඔච්චරයි.(නදී)
ශාන්ති Wednesday, 02 April 2014 12:15 PM
මේ ටිකට දැන් මොකද කරන්නේ? (නි)
ගයාන් Thursday, 03 April 2014 06:37 AM
උපාලි මේක ජාතික සම්පතක්ද ජාත්‍යන්තර සම්පතක්ද ? (නදී)
ලලිත් Wednesday, 02 April 2014 06:44 PM
ලාරා, මේව ධන කුවේරයන්ගේ පරිහරණය කරන දැව වර්ගයක් නම් ඉතාම සුදුසු පුද්ගලයෝ වෙන්නේ අපේ මන්ත්‍රී වරු ඇමති වරු තමයි. එයාල ළඟදීම මේවා බෙදාගනිවී. (දී)
ඉන්දික Wednesday, 02 April 2014 01:03 PM
අපේ රටේ ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලී බඩු නිෂ්පාදනයට යොදා ගනි..... වෙන මොනවා කරන්ඩද? (ස)
ධම්මික Wednesday, 02 April 2014 07:38 PM
අල්ලාගත් වටිනා දැව තොගයට ලංකාවෙදි අත්වෙන ඉරණම පැහැදිලියි (නි)
ධම්මික Wednesday, 02 April 2014 07:40 PM
මේවා පරිහරණයට වඩාත් සුදුසු අය ඉන්නෙ කොහේද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
රෝයි Thursday, 03 April 2014 09:05 AM
ඒ දැව ලැබිය යුතු රටට ලැබිලා තිබෙනවා. හොංකොං වල කොහෙද ඔය දැව පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නේ? (නි)
ඉන්දික ගම්පහ Wednesday, 02 April 2014 01:38 PM
මම දන්නා විදියට මෙය නීතිවිරෝධී නැහැ. මෙහිදී සිදුවන්නේ නැවත අපනයනය කිරීමක්. එය රටට සල්ලි එන වැඩක්. ඉතින් මොකක්ද ගැටලුව? (නි)
අසෝකා Wednesday, 02 April 2014 01:45 PM
ස්වභාව ධර්මය කොයිතරම් ලස්සන දේවල් ලෝකයට දුන්නත්,අපි ඒවායේ ලස්සන දකින්නේ බොහොම පහත් මට්ටමින්. (නි)
සෑම් Wednesday, 02 April 2014 01:48 PM
ලංකාව නීති විරෝධී ""ප්‍රති අපනයන"" කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා වගේ, මීට පෙරත් මෙවැනි නීති විරෝධී ප්‍රති අපනයන ( සඳුන් දැව, කරුන්කා,) අසු උනා නේද ? (නදී)
අල්විස් Thursday, 03 April 2014 10:09 AM
මං මේ නො දන්නා හින්දයි මෙහෙම අහන්නේ. මේ අල්ලාගත් රෝස් වුඩ් කොට ටික රාජසන්තක කරනවාද ? රාජසන්තක කරනවානම් ඒ කොටන් පුළුස්සා විනාස කරනවාද ? එහෙම නැත්නම් ඒවා ආපසු මුල් රටටම යවනවාද ? අපේ රටේම රඳවා ගන්නවානම් ඒවා වෙන්දේසි කරනවාද ? මෙවැනි දේවල් කොතෙක් අල්ල ගත්තත් අල්ලාගන්නා තුරු ලොකුව කියෙවුවට ඉන්පස්සේ ඒවාට වෙච්ච දෙයක් ගැන ආරංචියක් නැති හින්දයි මම මේක ඇහැවුවේ. දන්නා කෙනෙක් කියලා දෙන්ටකෝ.(නදී)
ඉන්දික ගම්පහ Wednesday, 02 April 2014 08:56 PM
දැව තොගය මෙරටේ දී අත්අඩංගුවට ගන්නා ලද්දේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතියකට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති බැවින් ය. මම පෙර සදහන්කල අදහස වෙනස් වියයුතුය (දී)
සිතිජ Wednesday, 02 April 2014 02:16 PM
නීති විරෝධීව මෙරටට ගෙන්වීම අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනද තහනම් වේ. නැතිනම් නීති විරෝධී දේට උදව් කිරීමක් වේ. (ස)
ඉන්දික Wednesday, 02 April 2014 02:19 PM
අසෝකා, ඒකේ ලස්සන බලන්න වෙන්න ඇති කපන්න ඇත්තේ. නැත්නම් ඔය විදියට පේන්නේ නැහැනේ. (ස)
බණ්ඩාර -ක්වේට් Wednesday, 02 April 2014 02:19 PM
ලොක්කො ටික මේවා බෙදා ගෙන පසුව කියාවී නොවටිනා ලී බව. (ස)