පොදු රජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමෙන් පෙනෙනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා සාධාරණ යුක්ති ධර්මට ඇති කැප වීම බවත්, එදාට වඩා යහපත් හෙටක් උදා කර දෙමින් සියලු වැසියනට සාධාරණත්වයෙන් සැලකීම මෙයින් පෙන්නුම් කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති හා ඕස්ට්‍රෙලියා අගමැති ටෝනි ඇබට් කිවේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සිය කෝටියක් කුස ගින්නේ සිටින බව සිහිපත් කළ ඕස්ට්‍රේලියා අගමැති ආහාර සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධනය ඊට විසදුම් බව කියා සිටියේය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් එහි ප්‍රඥප්තිය හා හරය සුරැකිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෝනි ඇබොට් මහතා පැහැදිලි විදේශ ප්‍රතිපත්ති තියෙන නායකයෙක්, එතුමා මෙවර අගමැති තනතුරට තේරෙන්නත් හේතුව එකයි. එතුමාගේ ප්‍රකාශය ගැන සතුටුයි.(නදී)
නිශාන් සජීව ලංකාවේ මිනිස්සු ඔහොම බාල්දු කරලා තකරන්න එපා මොකද ඔය කියන විදියට ඔයත් මෝරලා මදි අනාගතය දකින්න. එහෙව් එකෙය් අපි කොහොමද හිතන්නේ ඔය ළිදෙන් ගොඩට ඇවිත් කතා කරන්නේ කියල. (දී)
ලෝකේ එක එක සමුළු තියනවා! ඒවාට එන කට්ටිය මහා බරපතල කතා ගොඩක් කතා කරලා හොදට කල බීල ගෙදර යනවා. ඊට පස්සේ සතියක් යනකොට ඒවා ඔක්කොම අමතක වෙලා යලිත් සුපුරුදු තත්වයට පත් වෙනවා. (නදී)
විදුලි මිනි පහන් දිලි බොලද ගී සිනා රැලි නිලංකාර අදුරේ සුදිලී සෑද සාදයේ ඔබලාගේ මන්දිරය ඉදිරිපිට ඉන්න අසරණ මිනිසුන් දෙස බලව් (නදී)
බඩු මිල වැඩි උනා කියලා ආපහු කෑ ගහනවා එහෙම නොවෙයි.. මේකට ගිය වියදමින් ලංකාවේ දුප්පත් ගම්මානයක් හැදුවා නම්.. නැත්නම් ජනතාවට මොකක් හරි සහනයක් දුන්නනම් ඉවරනේ..කවුරු කවුරැත් කාලා බීලා කථා කරලා යාවි. අන්තිමේද ඒ ණය ගෙවන්නත් ඕන අපේ රටේ ඉන්න අසරණ මිනිස්සු. ඉස්සෙල්ලා අපි දියුණු වෙලා ඉමු. ආර්ථික අතින් ශක්තිමත් වෙමු. පස්සේ අපි සමුලු තියමු. එතකොට අර ඉන්දියන් ලොක්කා උනත් එන්න පසුබට වෙන්නේ නැ. ඒත් මේකෙන් උනේ අපි තවත් පහලට වැටුනු එක. ලෝකෙටම තේරැම් ගියා අසල්වැසි ඉන්දියාව උනත් අපිට තුට්ටුවකට මායිම් කරන්නේ නැ කියලා. දැන් මේකට මට හොඳට බැනලා අදහස් ඒවි. ඒත් ලිඳ ඇතුලේ ඉදන් බලන්නේ නැතිව එලියට එන්න. ඇවිත් දැකලම තීරණය කරන්න. ලංකාවේ මිනිස්සුන්ට අනාගතය කියන දේ පේන්නේ මරණෙන් පස්සේ අනාගතේ විතරයි. එහෙම නැතිව වෙන අනාගතයක් ගැන හිතන්න අපේ රටේ මිනිස්සු මෝරලා මදි. (ස)
චාන්දනී, සුනිල් කවදාවත් රටේ දියුණුව ගැන නම් ධනාත්මකව බලන්න බෑ නේද .ඕක සමහර කුහක සිංහල කීප දෙනෙකුට වැළඳෙන භයානක රෝග වලින් එකක් ....ඕවට බෙහෙත් කරන්න අමාරුයි. (ස)
ප්‍රසන්න ඔබ හරි, ඕස්ට්‍රේලියාවට එංගලන්තෙට, කැනඩාවට ආවඩනවට වැඩිය වැදගත් ලංකාවත් එක්ක තියෙන ගනුදෙනු ටික, ගොඩින්ම බේර ගන්න එක. (නි)
මේ දවස් වල ටිකිරි බණ්ඩා කොහෙන් පටන් ගත්තත් ඉවර කරන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ එකෙන්. මටත් හරිම සතුටුයි. (නි)
ඉඳල හිටලා මේ වගේ දෙයකුත් රටට අවශ්‍යයි. "කාලම හරියන්නෙ නෑනෙ. " (නදී)
වෙනත් රටවල් වලින් අපේ රටට කොයි තරම් බලපෑම් තියනවද කියල තේරෙන්නේ අපි වෙනත් රටක ඉන්නකොට. අපේ රට, අපේ මිනිස්සු ගැන ලොකු වැරදි අවබෝදයක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් ලෝකෙට දීල තියෙන්නේ. ඒ හැම වැරදි වැටහීමක්ම නිවැරදි කරලා අපේ රටේ සුන්දරත්වය, සුහද බව, සමගිය. මනුස්සකම, ඇත්ත පසුබිම , මේ හැම දෙයක්ම ලෝකෙට පෙන්නන්න අපේ රටට ලැබුන හොද දුර්ලභ අවස්ථාවක් මේක. පටු අරමුණු විසි කරලා අපි වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් යමක් කරන්න ඕනා. එහෙම නොවුනොත් අපිට එක එකා ගහ මරා ගන්න රටක් විතරක් ඉතුරු වෙයි.(නදී)
සම්පූර්ණ ඇත්ත ජිත්. අපි නොකා නොබී රටේ සංවර්ධනය ගැන කතා කරමු. කොහොමත් කන්න බැහැනේ මේ බඩු මිල ගණන් වලට.(නදී)
ජේම්ස් පැකජ්ගේ සල්ලි වල බලේට ටොනි ඇබට්ගේ ඇස් ඇරිලා. මොනවා උනත් මේක ලංකාවේ තිබ්බ එක හොදයි. (නදී)
ලංකාවේ කන්න නැතුව මැරුණය කියල තාම නම් දැනගන්න ලැබිල නැහැ. (ස)
මෙතුමාගේ කතාව අවන්කවම ලංකාව ගැන පැහැදීමෙන් කරපු එකක්නම් ගොඩක් සතුටයි හැබැයි මට හිතෙනේ එතුමා ලංකාව ගැන ඔයවගේ ප්‍රකාශයක් කරන්න බලපාන්න ඇත්තේ ලංකාවෙන් අනවසරයෙන් එහෙට යන සංක්‍රමණිකයන් නිසා කියල හරි නැතිනම් එහි ඉන්න ලොකුම වියාපාරිකයකුගේ බලපෑමට කියල. මොකද එයාම ලංකාවේ තත්වේ නරකයි කිව්වොත් එහෙට දුක කියා ගෙන බෝට්ටු වලින් යන අයට ඔස්ට්‍රලියාවේ විසා දීල තියා ගන්න වෙනවනේ...(දිල්)
සිය කෝටියක් සාගින්නේ... ජන වාර්ගික අර්බුද, ආගමික අර්බුද.. මේවා තමා එංගලන්තයෙන් ලොවට ලැබුණු දායාද (නි)
ඇත්තටම මමත් මේ කතාවට ඇහුම්කන් දුන්නා. ඉතාමත් හොඳ වැදගත් කාලෝචිත කතාවක් ඒක. ඇත්තටම මට හුඟක් ආඩම්බර හිතුනා අපේ රට ගැන. ඒ වගේම අපේ ජනාධිපතිතුමාත් කල කතාව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කල කතාවක්. ඉතාමත් වැදගත් කාලෝචිත එකක්. (ස)
ඔන්න ලංකාව ගැන වපරේට බලපු එක මහත්මයකුගේ ඇස් ඇරිලා.අපිට ඔය වචන ටිකෙන්ම තේරනවා මේ සමුළුවේ තියෙන වටිනාකම.නමුත් අභාග්‍ය කියන්නේ අපේ අයගේ ඇස් ඇරෙන්නේ නැති එක. (ස)
සියලු දෙනාගේ දේශනා නම් අතිවිශිෂ්ටයි. ඒත් කියුම් වගේ කෙරුම් නැති එක තමා කරුමේ! (ස)
නිෂාන් සංජීව,ලංකාවේ කවුරුත් බඩගින්නේ මැරුණා කියල මම නම් අහලත් නෑ.දැකලත් නෑ.රටක් පෙරට යාමට ලෝක ප්‍රජාව සමග කටයුතු කිරීම ඉතා වැදගත්.අපේ රටට ඉතාම වැදගත් මොකද අපේ ප්‍රතිරුපය විනාශ කරන්න උත්සාහ කරන කී දෙනෙක් ඉන්නවා කියා ඔබ දන්නවද? මේක නවත්වන්න කී දෙනෙක් උත්සාහ කලාද? ලෝකයේ වෙන්නේ මොනවද කියල අවබෝධයෙන් බලන්න.ජාතියක් විදියට බඩ පුරවා ගැනීමට වැඩ හිතන්න දේවල් ගොඩක් අපිට තිබෙනවා.ලොකු ගමනක් යන්න තියෙනවා.මේ සමුළුව ලෝකයට හොඳ පණිවිඩයක් දුන්න ලංකාව ගැන.එක ඉතා වැදගත් මිනිස්සු කීප දෙනෙකුට ගම්මානයක් හදලා දෙනවට වඩා.ගම්මානයක් හදල නිකන් කන්න දෙනවට වඩා හොඳ මිනිසුන්ට ජීවන මාර්ගයක හදල කන්න හොයාගන්න කියන එක.අපේ මිනිස්සු හැමදාම නිකන් කන්න දෙනකන් බලාගෙන ඉන්න ආස ජාතියක්.අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් කිවේ අපේ ජාතියට තමා.(දී)
එංගලන්තය, කැනඩාව අපිට කෙනහිලිකම් කරාට ඕස්ට්‍රේලියාව අපිට හිතවත් විදියට කතා කළා. සමහරු මේ සමුළුවට ගිය වියදම ගැන කෑගහනවා .නමුත් මෙයින් රටට වන ආර්ථික වාසි ගැන දැනුමක් නැහැ. හොඳට මෝරපු කෙනා අනිත් මෝරපු නැති අයට කියනවා " ළිද ඇතුලෙන් ගොඩට ඇවිත් බලන්න" කියලා. තමන් ළිද ඇතුලෙම ඉදගෙන. ලොකු ලොකු අදහස් පල කරන්න ඉස්සල්ලා මේ අය ඉගෙන ගන්න ඕනේ ලෝක ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද ,ලෝක දේශපාලනය හැසිරෙන්නේ කොහොමද කියලා. වචන දෙක තුනක් ගලප ගන්න පුළුවන් වුනහම මේ අය හිතනවා, " අපි සියල්ල දත් " කියලා. (ස)
ඕවා අහන්න වෙන හින්දනෙ අරයා ආවේ නැත්තෙ. (ස)
අනේ හොදයි බඩු මිල අඩුවෙන්නේ නැත්නම්.(නදී)
පාර හදන්න ආපු චීනේක් මට කිව්වා. උඹල ගොඩක් කාලා ටිකක් වැඩ කරනවා, අපි ඒකේ අනිත් පැත්ත කියලා අපේ අයට කන්නමයි ඕනේ. (ස)
පිස්සු තමයි.(නදී)
නිශාන් සජීව මහත්තයා හොඳට මෝරපු ළිදෙන් ගොඩ ඇවිත් ලෝකේ දැකපු ගොඩාක් බුද්ධිමත් මහත්තයෙක් කියලා අපිට තේරෙනවා දක්වලා තියන අදහස්වලින්. ඔය විදිහටද මහත්තයෝ ලෝකේ බලන්නේ. (ස)
මගේ අම්මේ, චමින්දල ගොඩයි දැන්. චමින්ද, ජේම්ස් පැකජ් නෙවෙයි "ජේම්ස් පැකර්" (ස)
මේ සමුළුව මඟින් අපේ රටට ලෝකයේම ඇස් යොමු වෙනවා. ශ්‍රී ලංකික අනන්‍යතාවය හැමෝටම අවබෝධ කරන්න අපේ ජනාධිපති තුමා සමත් උන එක ජාතියක් හැටියට අපි ලබපු ලොකුම ජයග්‍රහණයක්.එතුමාගේ දුරදර්ශි චින්තනය මෙ රටේ ඉතිහාසයේ සදා අමරණිය වනවා ඇත.අපේ විපක්ෂයට මානසික වෛද්‍ය ප්‍රතිකාර වහාම ලබා දෙන්නේ නම් එය අප ජාතියට කරන සුවිසල් පුණ්‍ය කර්මයකි. (ස)
මේ කලින් අගමැතිනි නෙවෙයි. (ස)
ඔස්ට්‍රේලියාව මෑත කාලයේදී අපේ රට ගැන සුබවාදීව බැලීම සතුටක් ,ටෝනි ඇබට් කියන්නේ හොඳ මහත්මයෙක්....කෙසේ වෙතත් පසුගිය කාලයේදී එංගලන්තය සහ ඇමෙරිකාව පස්සේ ගිහින් පාඩම් ඉගෙන ගත්ත රටවලින් එකක් තමයි ඔස්ට්‍රේලියාව.(නදී)
ඕස්ට්‍රේලියානු රජයට ස්තුතියි. එම අගමැතිතුමා සහ විදේශ ඇමති තුමිය මේ සමුළුව සඳහා විශාල සහයොගයක් දුන්නා.
මහින්දරත්න කේ ගොඩගේ මහත්තයෝ,මේකනේ වැඩේ.මෙතන සමහර අදහස් පළකරන අයවත් දන්නේ නැහැ ඒ ගොල්ලෝ මොනවද කියන්නේ කියලා. ඒ ගොල්ලන්ට ඕනෑ " මගේ නමත්, අදහසත්, අන්තර්ජාලයේ තියෙනවා " කියන බොළද මානසික සතුට ලබන්න විතරයි. ඒක හන්දා ඔහේ කියවනවා.හැබැයි ඉතින් ඊට පස්සේ, ඒ ගොල්ලන්ට අනිත් අය, ඒවාට දෙන පිළිතුරුත් අකමැත්තෙන් හරි අහගෙන ඉන්න වෙනවා. (නි)
සුනිල්ගේ මතය මත අනුමත කරනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වලු. (ස)
ජයතිලක මහත්තයෝ.. අපේ ටිකිරි මේ සද්දේ දන්නේ කැසිනෝ එක්ක තියෙන ප්‍රස්නෙකට නෙමෙයි.මේකට ලංකාවේ කට්ටියට යන්න අවසර නැහැ කියන කතාවට තද වෙලා.ටිකිරි පෙරුම් පුරාගෙන හිටියේ පැකර් එක්ක කැසිනෝ ගහන්න...(අ)
ඔය කෝටි 100න් වැඩි ප්‍රතිශතය ඉන්නේ අපේ අසල්වැසි මේ සමුළුවට ආව නැති ඉන්දියාවේ.(දී)
ලංකාව කියන්නේ ස්වබාව ධර්මයෙන්ම සම්පත් පිරුණු හොඳ හිත ඇති මිනිසුන්ගේ පරාදිසියක්.තේ වතුවල උම්බලකඩ ඇහිදින්න ආ අසල්වැසි වැසියන් නොමග යැව්වේ වතු සුද්දෝ.අගමැති ටෝනි ඇබට් අද කිවුව කතාව මීට අවුරුදු ගානකට පෙරත් එහෙමයි. මේ තත්වය වෙනස් කරනවා නම් ඒකට පදනම දැමිය හැකි එකම නායකයා අපේ ජනාධිපති වත්මන් සභාපතිතුමා බව කව්රුත් පිළිගත යුතුය.ඔබාමා අදටත් ඇමෙරිකාවේ සෞඛ්‍ය ආරක්ෂක පනත හරියට ක්‍රියාත්මක කර ගන්නට බැරුව ලතවෙනවා.ඒ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර කඹ ඇදිල්ල නිසා. මේක තමා ප්‍රජාතන්ත්‍රවාදය (නි)
නිෂාන් සජීවට ප්‍රශ්නයක් වගේ ඉන්දියාව සමුළුවට ආපු නැති එක. අනේ අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ ගැන. ඒකෙන් තවත් පහසුවෙනවා 13 වැනි සංශෝධනය අතුගාලම දාන්න. ඊට පස්සේ පළාත් සභාත් ඉවරයි, ඉඩම් බලතලත් ඉවරයි, පොලිස් බලතලත් ඉවරයි, මහා ඇමතිලත් ඉවරයි ,ඔක්කොම ඉවරයි. කාටද සන්තෝෂ? අපිටනේ! (නි)
අසල්වැසි ලොකු අයියා සාගින්නේ මරරෙනවා. ඒත් ශ්‍රීලංකාව එහෙම නැහැ. (ස)
රසිකගේ කතාව මසුරන්. (ස)
මොනවා වුණත් ඕස්ට්‍රේලියා ජාතිකයෙක් අපේ රටේ කැසිනෝ ව්‍යාපාෘතියකට අත හිත දෙනවා කියන එකම මොනතරම් සද්ක්‍රියාවක්ද බලන්න.ඉදිරියේදී අපේ රටත් සුදු ජාතික රටවල් වලට වැඩිය දියුණු වේවි.රටේ ජනතාවත් සුඛිත මුදිත ජීවිත ගත කරාවි.මට හරිම සතුටුයි (නි)
රසිකගේ කතාව හරි. රටේ දේවල් වලදී අපි සියල්ලෝම එකතු වීම කළයුතු දෙයක් (නි)
අපේ රටේ කන්න නැහැ කියන ගෙවල්වල හොඳට බොන්න නම් තියෙනවා. ඉන්දියාව අතීතයේ සිටම අපේ රට සූරාකන රටක්නේ. අපිට එකක් පෙන්නලා දහයක් අරගන්න මාන බලන රටක්. ප්‍රභාකරන්ට බැරි වුණ දේ කරන්න අද රටවල් ගොඩක් එකතු වෙලා. ඔවුන්ට හොඳ උත්තරයක් මේක. කණගාටු සමහර සිංහලයොත් ඔවුන්ට ආවඩන එකනේ. (නි)
කිව්වට වැඩක් නැහැ අපේ අයට මොලේ නැති එක තමයි වරද.(නදී)