
ලොව කාගේත් ගෞරවාදරයට පත්වූ සම්මානනීය, ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී, ශ්‍රීමත් පැට්රික් ස්ටුවර්ට් සිය දිවි ගමන අවසන් කළේය. මියයන ඔහුගේ වයස අවුරුදු 86 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේදී පැට්රික් ස්ටුවර්ට් අවසන් සුසුම් හෙලූ බවය. අවසන් මොහොතේ සිය ආදරණීය බිරිඳ සනී ඔසෙල් ද ඔහු අසල සිටි බව ද පැවැසෙයි. ශ්‍රීමත් පැට්රික් ස්ටුවර්ට් පසුගිය කාලයේ ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා තත්වයෙන් පීඩා වින්දේය. සනී ඔසෙල්, පැට්රික් ස්ටුවර්ට්ගේ සිවුවැනි බිරිඳය.පැට්රික් ස්ටුවර්ට්ට දරුවෝ තිදෙනෙක් වෙති.
1940 ජූලි 13 වනදා එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ මීර්ෆීල්ඩ් හිදී උපත ලැබූ ස්ටුවර්ට් ඉතා අභියෝගාත්මක සහ දුෂ්කර ළමා කාලයක් ගතකළ අයෙකි. අවුරුදු 18 දී ස්ටුවර්ට් වෘත්තීය රංගනයට පිවිසියේය.
1960 දශකයේදී 'රෝයල් ෂේක්ස්පියර් සමාගම' හා එක්වෙමින් රංග ශාලා නාට්‍ය තුළින් විශාල ඇගයීමක් දිනාගැනීමට ස්ටුවර්ට් සමත් විය. වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ ප්රකටව සිටිය ද, 1987 දී වසරේ දී (වයස අවුරුදු 47 දී) 'ස්ටාර් ට්‍රෙක්: ද නෙක්ස්ට් ජෙනරේෂන්' ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවේ, කැප්ටන් ජෝන් ලූක් පිකාඩ්ගේ චරිතයට පණ පොවමින් මුළු ලෝකයේ අවධානයට ලක් විය.
පැට්රික් ස්ටුවර්ට්, හොලිවුඩ් සිනමාවේ ද කැපී පෙනෙන නළුවකු බවට පත් විය. 2000 වසරේ මාවල් එක්ස්-මෙන් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් ලෙස කළ රංගනය අතිශය ජනප්‍රිය විය. ඉන්පසු මාවල් චිත්‍රපට ගණනාවක ප්‍රොෆෙසර් එක්ස් ලෙස ස්ටුවර්ට් රංගනයෙන් එක් විය.
කලා ක්ෂේත්රයට දැක්වූ විශිෂ්ට සම්ප්රදානය වෙනුවෙන් දෙවැනි එලිසබත් මහ රැජින 2010 දී පැට්රික් ස්ටුවර්ට්ට නයිට් පදවියක් පිරිනැමුවාය.
අවසන් මොහොත තෙක්ම, සිනමා ක්ෂේත්රයේ සක්‍රියව සිටි පැට්රික් ස්ටුවර්ට්, තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත මාවල් 'ඇවෙන්ජර්ස්: ඩූම්ස්ඩේ' චිත්‍රපටයේ ද දැකිය හැකිය. ඒ, ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් ගේ චරිතය නිරූපණය කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd