ආණ්ඩු කරන විට විවේචනම කරන පිරිසක් සිටින බවත් ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී ගෙනයන වැඩපිළිවෙළ සාර්ථකව ඉටු කළහොත් විපක්ෂ විවේචකයන්ද ඉදිරියේදී රජයට එක්වනු ඇතැයි තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ පැවසුහ.

ශ්‍රි ලංකා නිදහස් පක්සයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඉරිදා (03) මල්වතු මහා විහාරයේදී මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

බඩු මිල වැඩි වී ජනතාවට ජීවත්වීමේ අපහසුතාවයක් ඇතැයි ද ඒ සම්බන්ධව රජය ක්‍රියා මාර්ගයක් ගත යුතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක බදුලු මුතියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ ඔහුට කීහ.

පුළුල් එකඟතාවයකින් යුතුව ජනපති හා අගමැති කටයුතු කිරිම නිසා ජාතික ආණ්ඩුව සාර්ථක ඉදිරි ගමනක් යන බවත් ඉදිරියේදි ජනතාවට දැනෙන විශාල වැඩ කොටසක් කිරිමට හැකි වනු ඇති බවත් ඇමැති කීවේය.

web885a8-0bdf-4201614f1ed01211