ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට වෙනම පෙරමුණක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක හා ජනතා සේවක පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ලංකාදීප එසැණට පැවසීය.
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති කිහිපයක් ඒකරාශී කරගනිමින් මෙම පෙරමුණ ගොඩනගන බව ද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කළේය.
නව පෙරමුණක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා ලබන මස මුල සිට ආරම්භ කරන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 21ක එකමුතුවක් වන ශ්‍රී ලංකා ප‍්‍රගතිශීලී ජාතික පෙරමුණ සමග මෙහි පළමු සාකච්ඡාව පැවැත්වීමට බලාපොරොත්තු වන බවද කුමන නමකින් මෙම පෙරමුණ තරග කරන්නේ ද යන්න ඉදිරියේ දී සාකච්ඡා කර තීරණය කරන බව ද සෝමවංශ අමරසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට පිස්සු, (බ)
මෙයා ගම කන්න හදනවෝ, මහලු මඩමකට ගියානම් හොඳයි. (අ)
හොදා හොදා ඔහොම යමු ලංකාවේ සමජවාදේ ගොඩ නගන්න තව තව කල් අරිමු තව තව පෙරමුණු හදමු ඕව හද හද දානපති පන්තියට තව කල් ඉන්න පර හදමු අනේ ඔයාගේ අදහස් නම් මරු තව තවත් පන්තිය බෙදමු ජය වේවා නිර්දන පන්තිය බංග වේවා (අ)
මේක වයසට ගිය කට්ටියට තිබෙන අසාමාන්‍යතාවක්. මේ කාලයේ පිනක් දහමක් කරගෙන ඉන්න. (අ)
මේ මනුස්සයට මාරම ඉරිසියවක්නේ තියෙන්නේ.ඇත්තටම ජේ.වී.පි එක අලුත් නායකතත් වයෙන් දියුණු වෙනවට හරිම ඉරිසියි . හිතල බලන්න (අ)
සෝමවංශ උන්නැහේ නිකම් ජෝකර් කෙනෙක් වෙන්නයි මේ හදන්නේ . පොන්සේකා මහත්තයාගේ පක්ෂයට මේ මැතිවරණයේදී අත්වුන ඉරණම ගැනවත් හිතල බලල නිකම් සවුත්තුවෙන්නේ නැතිව හිටියොත් හොඳයි කියල හිතෙන්නේ නැත්තේ මෝඩකමටද , බොලදකමටද කියල දන්නේ නැහැ . එකක් නම් පැහැදිලියි ඔබ මෙතෙක් ජීවත් වූ වයසම තව ඉස්සරහටත් හිටියත් (ඒ කියන්නේ අවුරුදු 140 ක් ) ඔබට ඡන්දයකින් නම් දිනන්න බැහැ. (අ)
එලෝ පෙරමුණ කියල එකක් හදාගෙන ඔය වල පයයි ගොඩ පයයි ඉන්න මහින්ද, දිනේශ්, වාසුව, දීමු ඇතුළු අය වගේ එකතු කරගන්න (බ)
අනේ මන්ද බොරු වැඩක්නේ ඔය කරන්න හදන්නේ.(හේ)
මේ ඔක්කොම කරන්න සල්ලි කොහෙන්ද (හේ)
පෙරමුණේ ,පෙරමුනෙන්ම රෝ එක තබාගන්න .පෙරමුණ නැගල යයි. (අ)
දැන් පැන්ෂන් කාලෙය් මොන පෙරමුනවල්ද යන තැනකට වැඩක් කර කන්න (අ)
අයියෝ සල්ලි පෙරමුණ. (නදී)
කුහක කමට බෙහෙත් නැහැ ලොක්කෝ...(අ)
බලු වලිගේ උන පුරුකේ දැම්මත් කෙලින් කරන්නට බැරිලු. පෝස්ටර් ගහල බෝක්කු කාලා ස්ටයික් කරලා, ලයිට් කණු කඩල, ට්‍රාන්ස්පෝමර් පුපුරවල පුරුදුවුණු නායකයින්ට යහපත් විදියට දේශපාලනේ කරලා පුරුදු නැහැ. කොමෝඩ් එකක් සවිකරලා දුන්නත් වත්ත පහලට දුවන නායකයෝ.(නදී)
වයසට යනකොට ඕනෑම විප්ලවවාදියෙක් කුහක වෙනවා .වයසේ වැරැද්ද. කොහොම වුණත් අපි අනුකම්පා කරන්න ඕනේ. එතුමා ලංකාවට ඇවිත් කල පළමු කතාවේදී කීව 65න් පස්සේ විශ්‍රාම යනවා කියල (අ)
සෝමවංශටයි පෙරටුගනින්ටයි අනුව ජනතාවගේ ප්‍රධාන හතුරා ජවිපෙ (අ)
ත්‍රී වීල් එකකුත් ඔය ගමන්ම ගත්තනම් හොඳයි නේද ලොක්කා ! (අ)
ලංකාවේ දේශපාලකයන් වයසට යන කොට පිස්සු නටනවා. අපි අනුකම්පා කරමු.
ලංකාවේ හැම දේශපාලකයාටම තිබෙන ලෙඩක් මේක. යන්න කාලේ ආවම යන් නැතුව එල්ලිලා ඉන්නම තමයි බලන්නේ. (නදී)
මැතිවරණ කොමසාරිස් ළඟ ඇති ඡන්දය නොයිල්ලන පක්ෂ ලැයිස්තුව ඉල්ලාගෙන ඔවුන් සමග සන්ධාන ගතවෙන්න. සලකුණ හලෝ මිස්ටර් සර්කස් තුමාගේ බස් රථය ඉල්ලා ගන්න (නදී)
යල්පැනගිය පෙරමුණු (ම)
මෙයා තමයි 1971 සිරිමාවෝ මැතිනිය ඉන්න කාලේ හිටපු කරදරකාරයා (නදී)
මෙයාට අපි අනුකම්පා කරමු, හැමදාම කරගත්තේ ඇනගන්න එකනේ. (අ)
ඔබේ ගෙවී ගිය අවුරුදු හැත්තෑවක් පමණ කාලය තුළ කරන්න බැරි වුණ දේ දැන්ද කරන්න හදන්නේ? (ම)