හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියනට ඇතුළු මහා සංඝරත්නයට කළ අපහාසයද කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලියුමක් දුන්නැයි කියන සිද්ධියක මතද දි මු ජයරත්න අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගෙන පදවියෙන් ඉල්ලා අස්විය යුතුයැයි ඇඹිපිටියේ පැවැති උද්ඝෝෂණය දෙපැයකින් අවසන් විය.
පොලිසිය උදේම කළු කොඩි කපා පොලිස් ආරක්ෂාව තර කැර තිබුණත් උද්ඝෝෂණයට බාධාවක් නොවීය.
අගමැතිගේ පඹයන් හා කළු කොඩි රැගත් ගැහැණු පිරිමි පෙළපාළියේ ගමන් කළහ.නගරයේ ඔරලෝසු කණුව අසල රැස්වීමකින් උද්ඝෝෂණය අවසන් විය.ඉන් පසු කඩ සාප්පුද විවෘතවන ලකුණු පෙනිණි.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර නරක නම් හෙළඋරුමය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව ඉන්නේ නැත්තේ ඇයි? (ත)
කුඩු ගෙන්නුවේ කවුද කියා සොයාබලා එයාට නිසි දඬුවමක් දිය යුතුයි. අගමැතිවරයා එලවා දැමීමට ගන්න උත්සායය අතරතුරේ නියම කුඩුකාරයෝ නිදැල්ලේ වැඩකරගෙන යනවාද දන්නේ නැත. (ත)
පිට රටකනම් චෝදනාවක් ආවත් ඉල්ලා අස් වෙනවා (දී)
අගමැතිගේ නොසැලකිල්ල තමා හේතුව.දැන්වත් ගෙදර ගියොත් හොදයි (දී)
හාමුදුරුවෝ දේශපාලනයට ආව නිසානේ ඔහොම වුනේ.(නදී)
සමාවෙන්න හාමුදුරුවනේ ඕවා රට ඇතුලේ විසදාගන්න පුළුවන් ප්‍රශ්ණ. උතුරේ රටට විරුද්දව කෙරෙන වැඩවලට ඔය මිනිස්සු ටික අරගෙන ගිහින් ලෝකෙට පෙන්නන්න අපේ රටට වෙන අසාදාරනය.(නදී)
කුඩු උවදුරට අවංකවම අකමැතිනම් ඔය උද්ගෝෂණය පටන්ගන්න තිබුනේ මීට ගොඩක් ඉස්සර. ඒ වගේම ඔය කුඩු තොගයෙන් බාගයක් අතුරුදහන්වීම ගැන මොකද මෙයාල කතා නැත්තේ? (නදී)
මේ වගේ උද්ගෝෂණ දිහා ටිකක් විමසිලිමත්ව බලන්න ඕනා. සාමාන්‍ය මහ ජනතාව හෝ සිල්වත් ස්වාමීන්වහන්සේලා මේ වගේ දේවලට මැදිහත් වෙන්නේ නැහැ. මේක කාගේ හෝ යටි අරමුණක් හෝ කොන්ත්‍රාත් එකක් මත සිදු උන දෙයක් මිසක් මහජනතාවට තමන්ගේ රට ජාතිය ආගම ගැන ඇති උන කැක්කුමකට සිදු වූ දෙයක් නොවේ. මහජනතාවට තියන ප්‍රශ්නය ඊළඟ වේල කන්නේ කොහොමද කියන එක මිසක් අගමැති දීපු ලිපිය වත් නෙමෙයි.(නදී)
බන්දුල පෙරේරා ඔබගේ අදහස් වලට අනුව මේ උද්ඝෝෂනයෙන් පාරේ ගමන් කරන වාහන වලට සහ මගීන්ව අපහසු තාවයට පත් වෙන්නේ නැද්ද? (නදී)
මේ උද්ඝෝෂණය කදුළු ගෑස් ගහන්නේ,පට පට ගාල වෙඩි තියන්නේ නැහැ කියල මට විශ්වාස නිසා මගේ අවරුදු 3-6 වයස දරුවන් දෙන්නත්,80,85 වයස අපේ ආරච්චි අම්මත්,සීයත් සහභාගී කර ගත්තා. (නදී)
එතකොට කව්ද අගමැති වෙන්නේ? (නදී)
හෙරොයින් ආනයනකරුවන් සහ මෙම උද්ඝෝෂකයන් අයත් වන්නේ එකම පාර්ශ්වයකටය. එනිසා මෙය ද තවත් එක විහිළුවකි. මේ අයම පසුගිය කාලයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැනත් මේ වගේ රඟපෑමක් කළා. මේවාට අපි විරුද්ධයි කියා පෙන්වා නිකම් ගැලරිය සතුටු කරන්න කරන විකට රංගන මේවා.(නදී)
මේ අය රටේ දිනෙන් දින පිරිහෙන සංස්කෘතියට හෝ අගාධයට යන ආර්ථිකයට එරෙහිව කිසි විටෙක ප්‍රබල හඬක් නගන්නේ නැත. මෙපමණ දවසක් මේවා නොදැක්කා සේ හිඳ දැන් හදිසියේ නින්දෙන් අවදි වී මෙන් කරන්නේ සැබෑ විරෝධතාවක් නොව,මේ කුඩු ජාවාරම් ගැන දිනෙන් දින කලකිරෙන ජනයාගේ අවධානය තමන් වෙත යොමු කර ගැනීමට දරන උපක්‍රමශීලී ප්‍රයත්නයකි. ගොනාට අන්දවන්නේ අවිචාරශීලී ජනතාවය.(නදී)
අගමැති තුමනි නම්බු පිට ඉල්ලා අස් වෙන්න (දී)
මේ මොනවා වෙන්න යනවාද මන්දා (දී)
අනේ මෙහෙම ලංකාවක්, අපෝ මෙහෙම ලංකාවක්...මිනිසුනි ලැබේද මින් සැනසීමක්. (දී)
සාධාරණ ඉල්ලීමක් ,එත් ලංකාවේ ඕව වෙන වැඩ නෙමේ ! (දී)
අගමැති දැන් වයසට ගිහින් එනිසා එයට පොඩි අනුකම්පාවක් දෙන්න (දී)
කෝ මේවාට කතා කරන්න කවුරුවත් නැහැ (දී)
අපේ දෙසපලකයන් අස්වෙයි (දී)
මේ පෙළපාලි පිටුපස සිටින්නේ කවුරුන්ද? (ත)
කලින් අවසන් වුන නිසා කෑම පැකට් ටික ඉතුරු වෙන්න ඇති (ත)
බත් පැකට් එකයි සල්ලියි හම්බ වුණාද දන්නේ නෑ. (ත)
දැන්නම් අයින් වුණොත් හොදයි වගේ (ත)
තමන්ගේ තත්ත්වය තියන් ඉන්න ඕනෑ. (ත)
"ජයග්‍රහණයට පියවරු බොහෝය.පරාජය අවජාතකය ". (ත)