රජය ප්‍රතිපත්තියක් ලෙස සම ලිංගිකත්වයට විරුද්ධ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (18) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
මේ ගැන දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කරද්දී ඇමැතිවරයා කීවේ සමලිංගිකත්වයට විරුද්ධ වුවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. මේ සඳහා විරුද්ධ වන්නේ ඇයිදැයි විමසූ විට සේනාරත්න මහතා සඳහන් කළේ ආගමික නායකයන් ඒ සඳහා විරෝධය පළ කරන බවයි.
ජීඑස්පී සහන ලබා දීමේ එකඟතා සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් නැතැයි ද ඇමැතිවරයා කීවේය.
ප්රශ්නය - ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නේ ජීඑස්පී සහනය ගැනීම සඳහා නේද?
පිළිතුර - ජීඑස්පී දෙන්න ඔවුන් යෝජනා කළේ මීට සතියකට පමණ පෙර. මේ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම කැබිනට් මණ්ඩලයට ගෙනාවේ ඊයේ.
ප්රශ්නය - නමුත් මේක ක්‍රියාත්මක කරන එකඟත්වය උඩ නේද ජීඑස්පී ලබා දෙන්න යෝජනා කළේ?
පිළිතුර - එහෙම එකඟතා මත පමණක් ක්‍රියාත්මක වෙනවද.
ප්රශ්නය - ඔවුන් යෝජනා 58ක් ලබා දී ඇති බවට විපක්ෂය කියනවා. යුද හමුදාවේ සමහරුන්ට දඬුවම් දීමත් ඒ අතර තිබෙනවා කියා ඔවුන් කියනවා.?
පිළිතුර - යුද හුමුදාවට මුවා වෙලා අපරාධ කරන්න කාටවත් බෑ. රණවිරුවොයි කියලා කට්ටියක් යුද්ධ කළා, කට්ටියක් මිනී මැරුවා. ජීඑස්පී දෙන්න ප්‍රධාන දේවල් තුනක් යටතෙයි එකඟ වෙලා තියෙන්නේ. ඒ තමයි මානව හිමිකම් සුරක්ෂිත කිරීම, යහපාලනය සුරක්ෂිත කිරීම සහ තිරසාර සංවර්ධනය.
ප්රශ්නය - ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන රතන හිමියන් ස්වාධීන වෙලා ආණ්ඩුව විවේචනය කළා නේද? ආණ්ඩුවට බලපෑම් කරනවා නේද?
පිළිතුර - කොච්චර හොඳද? සතුරන් බලපෑම් කරනවාට වඩා මිතුරන් බලපෑම් කරන එක හොඳයි.
ප්රශ්නය - නමුත් රතන හිමියන් මේ ආණ්ඩුව විවේචනය කළා. මේ ආණ්ඩුවේ ක්රියාකළාපය විවේචනය කළා.
පිළිතුර - ආණ්ඩුවේ යම් යම් දුර්වලතා තියෙනවා. හැබැයි තිබුණු ආණ්ඩුවට වඩා හොඳයි. එක රැයින් යහපාලනය ගේන්න පුළුවන් කියලා හිතන්න තරම් අපි මෝඩ නෑ.
ප්රශ්නය - රතන හිමියන් කිව්වා හම්බන්තොට වරාය චීනයට දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.
පිළිතුර - එහෙම නම් ඒ විරුද්ධ වෙන අයට කියන්න වරායේ විදයම රුපියල් මිලියන 9900 ගෙවන්න කියලා. ඒවත් බදු ගහලා මහජනතාවගෙන් අය කර ගන්නවට කැමතිද?
ප්රශ්නය - ඔබ ගිය සතියේ කිව්වා ලොතරැයි මිල වැඩි කළ එක හොඳයි කියලා. එය දැන් අඩු කළා. දැන් මොකද කියන්නේ?
පිළිතුර - ඔව් ඉතින් අඩු කරන්න කියලානේ ඉල්ලුවේ. අඩු කළා.
ප්රශ්නය - ලොතැරයි මිල වැඩි කිරීම නිසා අලෙවි නියෝජිතයන් කළ වර්ජනයෙන් ලොකු පාඩුවක් වුණා නේද?
පිළිතුර - ඕක සූදුවක්නේ.
ප්රශ්නය - වැඩි කළ මිල අඩු කිරීමෙන් ජනපතිතුමා කළේ සූදුවකට ගහන්න උඩගෙඩි දීමක්ද?
පිළිතුර - අඩු කරන්න කියා ඉල්ලපු නිසා අඩු කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව කුමක් වුවද, කෙනෙක් තව කෙනෙකුට ආදරය කිරීම අපරාධයක් නොවේ. (නි)
ජීඑස්පී ලැබීමෙන් අපේ ආර්ථිකය වර්ධනය වන බව සත්‍යක් නමුත් මුදලට අපේ වටිනාකම් පාවාදිය යුතු නැහැ. තව ටික කලකදී තව මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
සදාචාරයට පටහැනි දේ නොකළයුතු වේ. මේවා නිසා රටත් ජාතියත් පිරිහේ. දැන් කරන්නේ නොකළයුතු දේය (නි)
ආණ්ඩුවේ ලොකු ඇත්තන්ට නොතේරෙනවද මන්දා. මේ කැබිනට් ප්‍රකාශන නිසා දවසින් දවස යහපාලනයේ ඡන්ද අඩුවෙන බව. (නි)
ඔව් ඉතින් ඇත්තනේ. නීති සම්මත කරන්නේ කොහොමද? (නි)
මේක ශිෂ්ටසම්පන්න බෞද්ධ රටක්. එමනිසා ඔය සමලිංගික දේවල් මෙහෙට බෝකරන්න හදන අයට ශාපවේවා! (නි)
මෙම යල් පැනපු නීතිය ක්‍රියාවට නැගුවොත් බහුතරය ඉන්නේ හිරේ. අපේ රටේ සංස්කෘතියේ ඇති ව්‍යාජ සදාචාරය පෙන්වන හොඳ උදාහරණයක් තමයි සමලිංගික ක්‍රියා සාපරාධි වරදක් ලෙස නීතිගත කරලා ඒ වුණත් චෝදනා උසාවියට නොගෙනීම. ජී එස් පී ප්ලස් කියන්නේ යටත්විජිත උපක්‍රමයක් නෙමෙයි. එ්කෙන් ඒගොල්ලන්ට ලැබෙන ආර්ථික වාසියක් නැහැ. ප්රජතන්ත්රවාදය හා මානව හිමිකම් තිබීමේ වාසිය මෙම රටේ ජනතාවටයි ප්‍රයෝජනවත්. (නි)
මේකට නීතිය ක්‍රියාත්මක කරනවට සමහර දේශපාලකයෝ තදින්ම විරුද්ධයි (නි)
ඇත්ත නේන්නම්. කොහොම නීතිය ක්‍රියාත්මක කරන්නද? මොකද අපි නොදන්නවයැ ඇත්ත? (නි)
සිසිර, ඔබ හරි. ජි එස් පි ප්ලස් කියන්නේ අපි වගේ කුඩා රටවල් පාලනය කරන වේවැලක්. එ්කෙන් අපි එයාලට කීකරු කරගන්නවා. අපිට යහපතක් නැහැ.මේක නැතුව අපේ රට කඩාවැටුනේ නැහැ. අපේ රට උත්සාහ කරන්නේ හැමවිටම අනුන්ගෙන් යැපෙන්න. අපි මේ රටේ තනි පාලනය පිටරටකට දෙමු. (නි)
රජය ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වයට විරුද්ධ වෙන්නේ මොකද? මොන පදනම යටතේද? (නි)
රජය විරුද්ධයි, ඒත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක මොකක්ද? නීතියට පටහැනි නම් ඒ ගැන නීති මඟින් කටයුතු කළයුතුයි. ඔය විෂය කතා කළයුතු දෙයක් නොවෙයි අපේ වගේ රටවල. මේ විෂය ගැන ජනතාව දැනුවත් කළයුතුයි. (නි)
අනේ මන්දා ලංකාවේ මිනිසුන්ට කවදා මොළේ ඒවිද කියලා? (නි)
ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම මීට විරුද්ධව කෑගසන්නේ ඒ අයත් කෙදිනකදී හෝ හොරෙන් මෙවැනි අත්දැකීමක් විඳ ඇති නිසා කියලයි මට නම් හිතෙන්නේ (නි)
නීතියක් තියනවා එය ක්‍රියාත්මක කරන්නේ නැහැලු. මේක කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක. අහෝ රටකට ගිය කලක්! යහපාලනය කියන්නේ තමන්ට අවශ්‍යවිට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමද? කෙසේවෙතත් ඔය නීතියට අත්අඩංගුවට ගන්න ගියොත් බර ගාණක් ඉන්නවා. (නි)
මෙහෙම දිව දෙකේ මත තියාගෙන රටක් සංවර්ධනය කළහැකිද? යහපාලනය ගේනවා කිවුවේ දවස් 100 ඇතුළත. දැනට දවස් 376 ක් ගෙවිලා. දැන් අහනවා හදිසියේම යහපාලනය ගෙනෙන්න පුලුවන්ද කියලා. (නි)
‘ලිංගික‘ කියන වචනයට පවා බිය මිනිස්සු ඉන්න රටක ලිංගික දිශානතිය ගැන මොන බුද්ධිමත් සංවාදද? මිනිස් ඉතිහාසයේ හැමදාම වුණ ප්‍රකටම ලක්ෂණයක් තමයි දැන් වෙන්නෙත්, බහුතරය විසින් සුළුතරය පාගා සිටීම, ලිංගික බහුතරය විසින් ලිංගික සුළුතරය පාගා සිටීම. (නි)
ඔය නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටළුව වෙන්නේ ඕක ගොඩක් පරණ, භාවිතයට නොගැනුණු නීතියක් නිසා සහ පසුව ලංකාවේ වෙනත් නීතීවල වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් වෙච්ච සංශෝධන එක්ක මේ පැරණි නීතියේ වලංගුබව අධිකරණයේ අභියෝගයට ලක්වෙන්න පුළුවන් වීම. එහෙම අවස්ථාවක දෙන අධිකරණ තීන්දුව නීතියක් බවට පත්වෙනවා. එතකොට මේ පැරණි නීතිය අවලංගු කළොත් ඒක ක්‍රියාත්මක නොකර තිබුණට වඩා ලොකු ගැටළුවක් වෙනවා. (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? (නි)
මේක තිබුනා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙ නැහැනේ (නි)
දෙවියනේ! මේක අරාබිය නෙමෙයි. තමුන් කැමති කෙනා ගැහැණියක් වුණත් පිරිමියෙක් වුණත් ආදරය කරන්න අයිතිය තියෙනවා. යහපාලකයෝ මේකට විරුද්ධ නොදැනුවත්කම හින්දයි. සමලිංගිකත්වය කියන්නේ ඔවුන්ගේ වැරද්දක් නොවන බවත් විද්‍යානුකූල හේතු මත ඇතිවන්නක් බවත් ලොව පිළිගෙන තියෙනවා. මේ රටේ කාටවත් කරදරයක් නොවන විදිහට ඕනෑ කෙනෙකුට නිදහසේ ජීවත්වෙන්න අයිතිය තියෙනවා. ඔය අරාබි නීති මෙහෙට ඕනෑ නැහැ. (නි)
"එක රැයින් යහපාලනය ගේන්න පුළුවන් කියලා හිතන්න තරම් අපි මෝඩ නෑ". ඇමතිතුමනි, දැන් අපට නම් බලා ඉඳලම එපා වෙලා. අපිත් ඔහේ හිටියා. දැන් ක්‍රෝටන් හා කොස්කොල තමයි ඩිනර් එකට දෙන්නේ කියලා මගේ මායියා කියනවා (නි)
මේවට මේ රජයෙන් නීති ක්‍රියාත්මක කරන්න බැරි හේතු ඇති. (නි)
නීතිය ක්‍රියාත්මක කළොත් බොහෝ දේවල් වෙනස්වේවි (නි)
හයක් හතරක් නොතේරෙන පොඩි එකාගේ ඉඳලා, වයසක ආච්චිලා දක්වා දවස ගානේ රටේ කොහේ හෝ දුෂණය වෙනවා. සිය ගානක් දවස ගානේ ගබ්සා කරනවා. තමන්ගේම අම්මලා තාත්තලා වයසට ගිය ගමන්, මහා පාරේ කොහේ හෝ මහලු මඩමකට ගිහින් දානවා. එහෙව් එකේ පියරත්න කියනවා, මේක ශිෂ්ටසම්පන්න රටක්ලු. කාටද කියන්නේ..? (නි)
ඔය නීතිය ගෙනල්ලා පාර්ලිමේන්තුවෙන්ම ක්‍රියාත්මක කරන්න පටන්ගමුකො (නි)
දැන් වැඩිහරියක් සමලිංගික වෙන්නේ ස්ටයිල් එකට. ඒකටත් තත්වයක් තියෙනවා කියලා හිතන්නේ. පිටරටවල වැඩිය තියෙන එකක්නේ. ඕනෑ කුණු ගොඩක් කරගහ ගන්නවානේ අපේ මිනිස්සු. ඉස්සරත් ලංකාවේ ඔවැනි උපතින්ම හෝමෝනවල වෙනස්කම් අය හිටියා. ඒ අය තමන්ගේ පාඩුවේ ජීවිත ගෙන ගියා. මෙහෙම ප්‍රදර්ශනය කරන්න, කෑ ගහන්න ගියේ නැහැ. (නි)
සමලිංගිකත්වයට එරහි නීතිය ක්‍රියාත්මක කළොත් බාගෙට බාගයක් හිරේ ඉඳියි (නි)
සමලිංගිකයින්ට අවසර ඉල්ලන්නේ කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ලක්ෂ 62 ඡන්ද නිසා මිලියන 20 වූ ජනතාවටම විඳවන්න වුණ එකයි දුක. (නි)
සමලිංගිකත්වයට විරුද්ධ නැහැලු. ආගමික නායකයන් විරුද්ධ නිසා නීති ගේන්නේ නැහැලු. බොරුවේ හොඳම එක කියලා අපි කියන්නේ මෙන්න මේවට තමා (නි)
රාජිත මහත්තයා කියනවා අපි අහනවා. සමලිංගිකත්වය කියලා ප්‍රශ්නයක් හදිස්සියේ පාත්වුණේ ඉඩෝරය නිසා වෙන්න ඇති. (නි)
අපේ රටේ අපි වෙනත් රටවලට අවශ්‍ය විදියට හැසිරෙන්න අවශ්‍ය නැහැ (නි)
මේක කව්රු පිළිගත්තත් නැතත් මේක බොදු රටක්. ඒගොල්ලන්ට ආවේණික සිරිත් විරිත් තියෙනවා මේ රටේ. ඒ වගේම ඔය හැම බටහිරට අවශ්‍ය කුණු කූඩයක්ම මෙහෙට පහත් කරන්න තරම් පහත් වෙන්න හදන්න එපා. මේක හරියට තමන්ගේ ආත්මය පාවාදීමක් වගේ. (නි)
90% ලාංකික දේශපාලුවෝ යනු කළ කී දේ මතක නැති, වාසි පැත්තට හෝයියා කියන, කෑමෙන් පසු පිඟාන අනිත් පැත්ත හරවන, අහිංසක මහජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින ජාතියකි. (නි)
විහිළු වැඩසටහන් සඳහා යන ගුවන් කාලය කැබිනට් ප්‍රකාශ සඳහා වෙන් කරන ලෙස යෝජනා කරනවා. (අ)
ඔව් අපේ ආගම සංස්කෘතිය අනුව එය ගැලපෙන එකක් නෙවෙයි. අපේ රටේ අඹු සැමි ප්‍රශ්නයට එක හේතුවක් තමයි මේක. (අ)
නීතිය ක්‍රියාත්මක කලොත් මේ ගොඩාක් දෙනා අත් අඩංගුවට ගන්න වෙනවා නේ නේද? (අ)
මෙයා හැරෙන හැරෙන පැත්තට කතා කොරන ප්‍රති පත්තියක් නැති කෙනෙක්. (අ)
සමතැන දෙනවා කියන්නේ මේවටද? (නි)
කෙනෙක් සමලිංගික වෙන්නේ උපතින්ම ලැබෙන හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව. ප්‍රශ්නේ ඒ අයටත් විරුද්ධ පාර්ශවය හා විවාහ වෙන්න බල කිරීමයි.(අ)
ජි එස් පි ප්ලස් කියන්නේ අපිවගේ කුඩා රටවල් පාලනය කරන වේවැලක් එකෙන් අපි එයාලට කීකරු කරගන්නවා අපිට යහපතක් නෑ.මේක නැතුව අපේරට කඩාවැටුනේ නෑ. දෙදහස් දාහතරේ ලෝකයේ හොඳම කොටස් වෙළඳපොල තිබුනේ අපේ රටේ. එ් ඔය කියන ප්ලස් තිබිල නෙමේ. අපේ රට උත්සහ කරන්නේ හැමවිටම අනුන්ගෙන් යැපෙන්න. කියුබාව වැනි රටවල් ගොඩක් සම්බාදක මැද්දේ දියුණුව කරා ගමන් කරනවා නමුත් අපේ සමහර දේසපාලකයෝ බලගතු රටවල් වලට බයේ ඉන්නවා කසේරුකාව කෙලින් නැතිකම.(අ)
නීතිය ක්‍රියාත්මක කරනවට රජය ඇතුලෙම අය ඉතා තදින් විරුද්ධ බවයි පෙන්නේ. (අ)
ඕකට දඬුවම් කරන්න ගියොත් ලොකු ලොකු අය ටත් දඬුවම් කරන්න වෙනවනේ ....(අ)
හරිම පුදුම හිතෙනවා සමහරුන්ගේ අදහස් දැක්කම. ජීඑස්පී කියන්නේ තනිකරම පොඩි රටවල් තමන්ගේ අණසකට යටත් කරගන්න යුරෝපියන් විසින් හදපු උගුලක්. ඔව් ඇත්ත. මෙමගින් තාවකාලික සහනයක් ලැබෙනවා. රස්සාවල් ටිකක්, සල්ලි ටිකක්. එත් අනිත් පැත්තෙන් අපේ රටේ සාරය උන් උරාගෙන බොනවා. මේක තමයි නුතන වහල් බාවය. අපේ මිනිස්සුන්ට කොහොමත් නිකන් ලැබෙන දේ හරි ලොකුයි.(බ)
මොකක්ද අපේ සංස්කෘතිය ලංකා.පොඩි දරුවාගේ ඉඳල මහලු කාන්තාව පවා දුෂණය කරන එකද ?අනික අපේ බුදු හාමුදුරුවෝ සම ලිංගික ඇසුර එපා හෝ ඕනි කියල කිසි තැනක කියලා නෑ.කාමය වරදවා හැසිරෙන්න එපා කියලා තියෙන්නේ. ජයරත්න කියනවා වගේ තමන්ගේ හෝමෝන ක්‍රියා කරන විදිහ එ්ක. (අ)
අනේ මන්දා මේවා අහන අපිට පිස්සු හැදෙයිද කියලා (නි)
කොටස් වෙළෙඳපොළ අසාමාන්‍ය ලෙස ඉහළ පහළ ගියා කියලා ඒක ලෝකෙන්ම හොඳ වෙන්නේ නැහැ. ලංකාවට ජීඑස්පී නැති වුණ හින්දා පොඩි පොඩි ගාමන්ට් රැසක් වැහුනා. තව ගණනාවක සේවකයෝ සීමා කළා. දැන් හම්බවුණාම අර නරියා මිදි තිත්ත කතා කියනවා. (නි)