එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති ඊයේ (6 වැනිදා) ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩාංගණයට ගෙන එන අවස්ථාවේදී පසුබිමෙන් හින්දි ගීතයක් වාදනය වීමට හේතු කවරේද යන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචඞ්සන් මහතාගෙන් විමසා යවා තිබේ.
අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ඒ ඒ රටවල කි‍්‍රකට් නායකයෝ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පණිවුඩය ප‍්‍රකාශයට පත්කළහ. ඇන්ජලෝ මැතිව්ස්ගේ පණිවුඩය කී‍්‍රඩාංගණයේ පිහිටි දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය කී‍්‍රඩාංගණයට ගෙන එන ලද අතර එම අවස්ථාවේදී පසුබිමෙන් වාදනය වූයේ හින්දි චිත‍්‍රපට ගීතයකි.
එහෙත් වෙනත් රටවල නායකයන්ගේ පණිවුඩ ප‍්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවන්හිදී පසුබිමෙන් වාදනය වූයේ ඒ ඒ රටවලට අයත් ගීතයකි.
ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය පිටියට ගෙන එද්දී හින්දි ගීතයක් වාදනය වීම සම්බන්ධයෙන් ලෝකය පුරා වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ දැඩි කළකිරීමටත් ශෝකයටත් පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියන ප්‍රශ්න මදිවට දැන් පිටරට ඒවත් එනවා (නි)
මේ වැඩෙත් ජාත්‍යයන්තර කුමන්ත්‍රන කියලා සමහරු තානාපති කාර්යාල ඉස්සරහට ගිහින් පිකටින් කරයිද දන්නෙ නැහැ. මේ ගැන අපි මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ (නි)
වස් දොස් ගියා කියලා හිත හදාගෙන,හුරේ පාරක් දාමු අපේ කොල්ලන්ට (නි)
96 කණ්ඩායමවත් හිටියා නම් බැට් එකෙන් සහ බෝලෙන් උත්තර දෙන්න තිබුණා. (නි)
මතකද 1996 ලෝක කුසලානේ වෙලාවත් මේ වගේම දෙයක් වුනා. අපේ ජාතික ගිය වෙනුවට වෙන රටක ජාතික ගීය තමා වාදනය කළේ. (නි)
මෙය කුමන්ත්‍රණයක්දැයි වහාම හොයලා බලන්න. (නි)
මම හිතන්නේ අපි හින්දි තනු කොපි කරන නිසා ඔර්ජිනල් එක දාන්න ඇති.(නදී)
සින්දුව දැන් කමක් නැහැ. ඔයාලා තරගය ගැන අවධානය යොමුකරලා දිනන්න. සින්දු නම් කොයි භාෂාවෙන් කිව්වත් විශ්ව භාෂාවක්නෙ (නි)
'අපි සහ අපි' ගේ කතාව හරි.මේවට හරියට උත්තර දෙන්න නම් එදා 96 කණ්ඩායම වගේ වෙන්න ඕනෑ.රටේ ගෞරවය ලොකු අය පාවා දෙනකොට පොඩි අය මොනවා කරන්නද ? (නි)
ලසන්ත, ඔබට තියෙන්නේ හීනමානය.උනහපුලුවට උගේ පැටියා මැණිකක්.අපි නම් පිටරට ජීවත් වෙන්නේ.කන්නේ බොන්නේ වැඩකරන්නේ කතාකරන්නේ රටේ නම තියන්න.මෝඩ වැඩ කරන්නේ නැහැ. එහෙම නොකරන්නේ අපි ලංකාවේ අය.අපි ශ්‍රේෂ්ඨ ජාතියක් බව ලැබෙන හැම මොහොතකම අනෙක් අයට තේරෙන්නටයි.රට පොඩි වුනාට අපි ලොකුම ලොකු ජාතියක්. හර්ෂටත් කියන්න තියෙන්නේ ඔබට ඕක ලොකු දෙයක් නොවුනට අපිට නම් ලොකු දෙයක්. අපේ රට වෙනුවෙන් කොන්ද කෙලින් කතාකරන්න තව පිරිස ඕනැ. "බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නුඹටත් එය උරුමයි" (ජාතික තොටිල්ල - එස් මහින්ද හිමි) (නි)
ඉන්දියාව කරන කරන දේ අපිත් කරන්න ගියාම, එහෙ මිනිස්සුත් හිතන්නේ අපිත් ඉන්දියාවේ එක ප්‍රාන්තයක් කියලා.(නදී)
අපේ මිනිස්සු කොච්චර ඉන්නවද එංගලන්තයේ. සමහර මිනිස්සු මහා ඉහල තැන් වල ඉන්නේ. එත් ඉතින් ඔවා ගැන කතාකරන්න යන්න බයයි නේ විසා වලට ප්‍රශ්න ඇතිවෙයි කියලා.(නදී)
අපේ අය දන්නේ ඉතින් එහෙ තියෙන පන්සල්වලට සෝබනේට යන්නයි. නිල් පාට ටී ෂර්ට් එකක් ඇදගෙන ශ්‍රී ලංකාවේ කොඩියක් වනා අපි ශ්‍රී ලංකා කියා පෙන්නන්න විතරයි.(නදී)
ඕක එහෙ ඉන්නේ එල්.ටී. ටී. යි හිතවාදිගෙන් වැඩක් වෙන්න ඕනේ. මේ අය අපේ රටට සාප කර කර අපේ රටේ නම දා ගෙන රේස්ටොරන්ට් කරනවා.(නදී)
මේ වගේ කුඩා රටවල් වල ඉපදුනාම කාගේත් ගැරහිල්ල තමා.(නදී)
ඉන්දියාවට ඔහොම වුනානම් මෙලහකට එංගලන්තයට විසුමක් වෙන්නේ නැහැ.(නදී)
මේකේ යටි අදහස තමයි. ඉන්දියාවේ හරි , පකිස්තානයේ හරි , බංගලදේශයේ හරි මිනිහෙක්ට මොනවා හරි වුනොත්, හොයලා බලන්න එංගලන්තයේ ඕනෑතරම් අය ඉන්නවා. අපේ සිංහල මින්ස්සුන්ට මොනවා හරි වුනොත් කිසි පිලිසරණක් නැත.(නදී)
අපිව පාගන්නමයි හදන්නේ (නදී)
කවදාහරි අපේ ජාතික කොඩිය වෙනුවට, වෙන කොඩියක් ගෙනිච්චත්, පුදුම වෙන්න ඕනෑ නැතිවෙයි මෙහෙම යද්දී. (නි)
කිර්ති , ප්‍රශ්නෙට අදාලව කතා කරන්න. කොහොමත් ඔයා වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටේ අබිමානය බින්දුව තමයි.ඔයා ලැජ්ජා වෙන්න ඔයාට සිංහල නමක් තියෙන එකට. (නි)
එංගලන්තය අතින් මෙවැනි උත්සවයකදී මෙහෙම දෙයක් වුනා නම් ඒ ගැන කිසිම රටක කිසිම මාධයකින් වාර්තා කරන්නේ නැත. (නදී)
ඕවා එච්චර ගණන් ගන්න හොද නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
කොහොමටවත් අනුමත කරන්න පුළුවන් වැඩක් නොවෙයි (දී)
රුවනි, ඔබ හරි වෙන්න පුළුවන් (නි)
එහෙ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ මාන්නයෙන් හරි අධිකයි (නි)
සිත මගේ හැඬුවා ඔබ හැර ගියදා,,,,, ඒකද දන්නෙ නැහැ දාන්න ඇත්තේ. අපි එහෙමවත් හිතමු (නි)
හිතලා කළ දෙයක්වද්ද ? බලමුකෝ (නි)
ලංකාව යනකොට ලංකාවට අදාළ දෙයක් දාන්න , හින්දි දාන්නේ මොකටද (දී)
පැරණි සිංහල ගීතයක් කියලා හින්දි තනුවක් දැම්මද දන්නෙ නැහැ (නි)
ගද සුද්දෝ හැමදාම ඔහොම තමා, අපේ රටෙන් හොරකන් කරලා කාපුවා උන්ට වමාරන්න වෙන දවසට අපි බලාගම්මු.(නදී)
ලංකාවේ සංගීත සන්දර්ශන වලදී අපේ සමහර අය ජාතික ගීය යනකොට ඒකටත් නටනවා. හින්දි ගීත යනකොට ඒක තමා අළුත් ෆිල්ම් එකේ සෝන්ග් එක කියලා හොදින් ඒක අහනවා. ඉතින් එංගලන්තෙදි ඕක වුනාට මොනවට පුදුම වෙනවද? (නි)
අද ගොඩක් රටවල අය හිතන්නේ රටට වඩා තමන්ගේ මුදල් පසුම්බිය ගැන. (දී)
මේක අපේ සේනාවට විසඳන්න බැරිද? (නි)
දැන් මේකටත් අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රනයක් කියයිද දන්නෙ නැහැ, සමහරු (නි)