IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් නිසා ඉන්ටර්නෙට් කැෆේවලට කණකොකා හඬයි

Cybercafes

 

නව තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් වෙළෙඳපොළට පැමිණීමත් සමග දෝහා නුවර පවත්වාගෙන යන සයිබර් කැෆේ හෙවත් අන්තර්ජාල මධ්‍යස්ථානවල අවසානය උදාවී ඇත.


අන්තර්ජාල මධ්‍යස්ථානවලින් බොහෝමයක් මේ වනවිටත් වසාදමා ඇති අතර තවමත් ඉතිරිව ඇති මධ්‍යස්ථාන කිහිපය සිය ව්‍යාපාරය ආරක්ෂා කරගැනීම සඳහා තමන් ලබාදෙන සේවාවන් විවිධාංගීකරණය කරමින් සිටියි.


මේවායේ ගනුදෙනුකරුවන්ගෙන් බහුතරයක් දෙනා සන්නිවේදනය, විනෝදය සහ වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා මේ සියල්ල එකවිට ලබාදෙන අඩු මිල ස්මාර්ට් ජංගම දුරකථන වෙත මාරුවී තිබේ.


අන්තර්ජාල මධ්‍යස්ථානවල අවසන් ගමන් වේගවත් කිරීමට බලපා ඇති තවත් හේතුවක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳ නාම සහිත කෝපි අවන්හල්වල දේශීය ශාඛා හතු පිපෙන්නාක් මෙන් රටපුරාම විවෘත වීමයි. සුපිරි සාප්පු සංකීර්ණ තුළද පවත්වාගෙන යන මෙම අවන්හල් තුළ නොමිලේ වයි-ෆයි සේවාවද ලබාදෙන නිසා ගනුදෙනුකරුවන් ඒවාට ආකර්ෂණය වීම අන්තර්ජාල මධ්‍යස්ථානවල වෙළෙඳාමට දැඩි බලපෑමක් එල්ලකර තිබේ. මීට අමතරව විදුලි සංදේශ සැපයුම්කරුවන්ද තරගකාරි අන්තර්ජාල සහ ඬේටා පැකේජ හඳුන්වා දී ඇති අතර ඉන් අන්තර්ජාල මධ්‍යස්ථාන වෙත එල්ල වී ඇති තර්ජනය සුළු පටු එකක් නොවේ.


“දැන් අපේ කැෆේවලට එන්නේ අඩු ආදායම්ලාභී සේවකන් කිහිපදෙනෙක් විතරයි. ඔවුන් බොහෝවිට මවුරටේ ඉන්න තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග ස්කයිප් සහ ෆේස්බුක් හරහා සම්බන්ධ වෙන අය” යැයි පවසන්නේ ඕල්ඞ් ඝානිම් හි සානා අතුරුමාරුව අසල පවත්වාගෙන යන අන්තර්ජාල මධ්‍යස්ථානයක සේවකයෙකි.


“සමහර විට අලුතින් ස්මාර්ට් ෆෝන් එකක් සහ මොබයිල් ඬේටා පැකේජ් එකක් ගන්න තරම් වත්කමක් ඔවුන්ට නැතිව ඇති. ඒ නිසා තමයි ඔවුන් පවුලේ අයට කතා කරන්න තවමත් අන්තර්ජාල මධ්‍යස්ථානවලට යන්නේ. අපේ සේවාව ඉතාමත් ලාභදායකයි. අපි පැයකට අය කරන්නේ කටාර් රියාල් 5යි. ගනුදෙනුකරුට පුළුවන් කටාර් රියාල් 3කට පැය භාගයක් තෝරගන්න. ඔවුන් විනාඩි 45කට සේවාව ලබගන්නවා නම් අපි අයකරන්නේ කටාර් රියාල් 4යි” යැයි ඔහු පවසයි.



අදහස් (0)

ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් නිසා ඉන්ටර්නෙට් කැෆේවලට කණකොකා හඬයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site