මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් කටුනායක නිදහස් වෙළද කලාපයේ පවත්වන ලද ජංගම සේවයෙන් සේවක සේවිකාවන් 650 කට නව ස්මාට් කාඩ් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකි විය.
කටුනායක වෙළද කලාපීය නිෂ්පාදන හිමියන්ගේ සංගමය විසින් මෙය සංවිදානය කර ඇත.
වෛද්‍යවරුන් 50 ක්ද, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 80 දෙනෙක්ද මම වැඩසටහන සදහා එක්වූහ.
මෝටර් රථ කොමසාරිස් අධ්‍යක්ෂක ජනරාල් එස්.එච් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජංගම සේවය ඒ.ටී.ජී පුද්ගලික සමාගම් පරිශ්‍රය තුලදී පැවැත්විණි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක්, හරි විදියට වෙනවානම් හොදයි. රටේ මුදල් නාස්ති කරන්නේ නැතිව, යහපත් පරමාර්ථයක් තිබෙනාවා නම්. සමහර ව්‍යාපෘති ගැන හොයලා බලන විට යටි අරමුණ පෙනෙනවා. මේ ව්‍යාපෘතිය ගැන තොරතුරුත් අප සොයා බැලිය යුතුයි.(නදී)
මොනවද මේ ස්මාර්ට් කාඩ් කියන්නේ.(නදී)
සල්ලි ගන්න පුලුවන්ද.(නදී)
තොරතුරු තාක්‍ෂණය පිළිබදව එක් ආයතනයක් තියනවා හරියට දේශපාලනයේදී පුතාට, නෝනට, බෑණට, ලේලිට, මාමට, නැන්දම්මාට, පුංචි අම්මාට, සීයාට නොමිනේෂන් දෙනවා වාගේ. තමන්ගේ හිතමිතුරු, පවුල් වල අයට ව්‍යාපෘති නිෂ්පාදනය කරන මෙකත් ඒ වාගේද? (නදී)
කරුණාකරලා දීපු කාර්ඩ් එකකුත් පෙන්නන්න. අපිටත් ගන්න ඕනේ.(නදී)
මෙම රියදුරු බලපත්‍ර ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගැනීමට නොහැක්කේ මොකද ? කරුණාකර ජනතාව නිකරුනේ රස්තියාදු වීම වලකන්න , මෙයට අවශ්‍ය තාක්ෂනය ලංකාවේ තිබෙන බව මෙම ජංගම සේවය මගින් ඔප්පු කර හමාරයි.(නදී)
අර අරකෙන් දුන්න රියදුරු බලපත්‍රය වගේ තොරතුරු මාසෙන් දෙකෙන් මැකෙන්නේ නැතුව ඇති නේද. (නි)
බියගම ආයෝජන කලාපයටත් ජංගම සේවයක් දාන්න එතකොට අපිටත් ස්මාර්ට් කාර්ඩ් ගන්න පුළුවන්, කොළඹ ගිහින් කට්ට කන්නේ නැතුව.(නදී)
ටෙන්ඩර් ගත්ත ඒ කොම්පෙනියට බැරුව ඇති ඉස්සල්ල එකත් ඔහොම උනා.(නදී)
කොස්වත්ත , ස්මාට් කාඩ් කියන්නේ, කාඩ් එක හරි බුද්දිමත් කියන එක. හැබැයි ඒක පාවිච්චි කරන්න යන අය එහෙම නොවේ.(නදී)
එතකොට මෙයාලට වාහන එලවන්න පුළුවන් අයද ?(නදී)